සිනොපෙක් එනර්ජි ලංකා (Sinopec Energy Lanka) පුද්ගලික සමාගම සිය ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර ඇත.
මෙම නව මිල සංශෝධනය 2026 මාර්තු 22 වන දින මධ්‍යම රාත්‍රී සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බව එම සමාගම නිවේදනය කරයි.
රජය විසින් අනුමත කරන ලද සිල්ලර මිල ගණන් යටතේ ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා ඔටෝ ඩීසල් මිල ගණන් තීරණය කර ඇති අතර, වාරික (Premium) ඉන්ධන වර්ග වන ඔක්ටේන් 95 සහ ලංකා සුපර් ඩීසල් මිල ගණන් පවතින ජාත්‍යන්තර වෙළඳපොළ මිල අනුව රජයේ අනුමැතියට යටත්ව සංශෝධනය කර තිබේ.
සංශෝධිත නව මිල ගණන් පහත පරිදි වේ:
මෙම නව මිල ගණන් නැවත දැනුම් දෙන තුරු බලාත්මක වන අතර, රජයේ නියාමන අවශ්‍යතා සහ අනුමැතිය මත ඉදිරියේදී මිල වෙනස් විය හැකි බව සිනොපෙක් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
සාමාන්‍ය පෙට්‍රල් සහ ඩීසල් සඳහා සමාගම් දෙකම එකම මිලක් නියම කර ඇති අතර, සුපිරි ඉන්ධන (Premium products) සඳහා සිනොපෙක් සමාගම සිපෙට්කෝ ආයතනයට වඩා වැඩි මිලක් නියම කර තිබීම විශේෂත්වයකි.
මෙම මිල සංශෝධනය දෙස බැලීමේදී, විශේෂයෙන්ම සුපිරි ඉන්ධන කාණ්ඩයේ පවතින විශාල මිල වෙනස හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) දැඩි මූල්‍ය පීඩනයකට ලක්වීමේ අවදානමක් පවතී.
සිනොපෙක් සමාගමට සාපේක්ෂව සිපෙට්කෝ ආයතනය පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක් රුපියල් 32කින්ද , සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 129ක විශාල මුදලකින්ද අඩුවෙන් අලෙවි කරයි.
සිනොපෙක් සමාගම ජාත්‍යන්තර වෙළඳපොළ මිල අනුව සිය මිල ගණන් රුපියල් 122කින් සහ 219කින් (සුපිරි ඉන්ධන සඳහා) ඉහළ නංවා ඇති අතර , සිපෙට්කෝ ආයතනය එම ඉන්ධන සඳහා ඉහළ නංවා ඇත්තේ රුපියල් 90ක් වැනි අඩු අගයකි.
මෙලෙස සිපෙට්කෝ මිල පාලනය කරමින් අඩු මට්ටමක පවත්වා ගැනීම නිසා පාරිභෝගිකයන් වැඩි වශයෙන් සංස්ථාව වෙත යොමු වන අතර, පවතින පිරිවැය සහ විකුණුම් මිල අතර පරතරය හේතුවෙන් සංස්ථාවේ මූල්‍ය අලාභය තවදුරටත් වර්ධනය වීමේ ඉඩකඩ පවතී.
මෙම මිල වෙනස්කම් හරහා පෞද්ගලික අංශය ලාභය සහ පිරිවැය කළමනාකරණය කරගන්නා පසුබිමක, රජයට අයත් සිපෙට්කෝ ආයතනයට අඩු මිලට ඉන්ධන ලබාදීමේ බර තනිව දැරීමට සිදුවීම මගින් ඉදිරියේදී දැඩි මෙහෙයුම් අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.



කලබල වෙන්න එපා. සියලු වැඩකටයුතු නියමෙටම සිද්ධවෙනවා. ආසාවට පෝලිං වල ඉන්න එපා. මේ හුණ්ඩුව පාලනය හරි ලේසියි. පච විදින්න විතරයි තියෙන්නෙ. ගවයොටික ලස්සනට ඒව ගිලල ඔහේ බකන්නිලාගෙන ඉන්නවා. ඒ නිසා තව අවුරුදු සීයක් ගියත් මාළුමාමම තමයි. ඇයි බයියොන්ට රිදෙනවද?
ReplyDeleteBayiyo 76k karamu kerilla thamayi
ReplyDeleteLapaya kohomath dinum: Wada barinma Rajapaksha, dobiyo hodanaawa.. 76 sape hodai pako
Deleteමේ මිලට ඉන්ධන ගහගෙන වැඩට යන්න බැ . ළමයි වැන් වල ඉස්කෝලේ යවන්න බැ . පoති , ක්‍රීඩා පුහුණුවීම යවන්න බැ . පඩිත් වැඩි කරන්න . නැත්තං ගෝටා වාගේ 5000ක් දෙන්න
ReplyDeleteහෙට පාන් කියද ? හාල් කීයද ? සුපර් මාර්කට් වල බඩු අද අඩුවට ගත්තොත් විතරයි
ReplyDeleteදැන් කට වහගෙන hitapalla. ලබන සතියේ පාර්ලිමේන්තු ඇවිල්ලා light බිල ඉහළ යන්නේ නැහැ කියන අලි පචය අතාරි.
ReplyDeleteමේ මිල වැඩිවීම වඳුරු කුණුහරුපයක්නේ.ඉන්ධන මිල තීරණය කිරීමේ බලය තියෙන්නේ සිපෙට්කෝ එකට.අවශ්‍ය නම් අනිත් ආයතන වලට ඊට වඩා අඩුවෙන් විකුණන්න පුළුවන් නමුත් වැඩිමිලකට දෙන්න බෑ.එහෙම තමයි ගිවිසුම්වල තියෙන්නෙ.මේ විදියට අනිත් ආයතන හිතූ හිතූ විදියට මිල ගණන් නියම කරනවනම් මිල සූත්‍රය කියන ලබ්බ වැඩක් නෑ.අනිත් එක මිල සූත්‍රය තිබුනත් වැඩක් වෙන්නේ නෑ ඉස්සර ආණ්ඩුවල හැම මිල සංශෝධනයකදීම ඒක ජනතාවට දැන ගන්න තිබුනට මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා ඒක හංගගෙන ඉන්නේ.පේන විදියට නීතියට පිටින්අනිත් ආයතන වලට නිදහසේ මිල නියම කරන්න ඉඩ දීලා එතනින් සුපුරුදු විදිහට ආණ්ඩුවේ හුණ්ඩුවා ඇතුළු ලොකු ලොක්කෝ කට්ටිය කප්පමක් ඇරගෙන.බලන් යනකොට පට්ටම හොරු ටික ඉන්නෙ මේ ආණ්ඩුවේ
ReplyDelete