පාසල් BigMatch වලට පොලිසියෙන් තද නීති රැසක්...

 


වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරඟ (Big Matches) සහ ඒ ආශ්‍රිත සැමරුම් උත්සව පැවැත්වෙන කාලසීමාව තුළ සිසුන්ගේ, ආදි සිසුන්ගේ සහ දෙමාපියන්ගේ විනය හා හැසිරීම් රටාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ අවධානය යොමු කර ඇත. 

තමන් ඉගෙනුම ලබන පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි වගකීම් සහගතව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

මෙම තරඟ වාරය තුළ මහජන සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිසිය විසින් පහත දැක්වෙන දැඩි නීති රීති සහ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරනු ලබයි.

පාසල් අතර පවත්වනු ලබන ක්‍රිකට් තරඟාවලි සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනය

පාසල් ක්‍රිකට් තරඟ වාරය යනු වාර්ෂිකව ඇතැම් පාසැල් අතර තම නිල ඇඳුමින් හෝ වර්ණ වලින් සැරසී පවත්වනු ලබන ක්‍රිකට් තරඟාවලි සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වේ. එම අවස්ථාවන් සඳහා පාසල් සිසුන් මෙන්ම ආදි සිසුන් සහ පාසල් ළමුන්ගේ දෙමව්පියන් ද සහභාගී වේ. මේ අනුව පාසල් තුළ සිදු කරනු ලබන මෙවැනි ක්‍රියාකාරකම් වලදි පාසල් ළමුන්ගේ සහ ඊට සහභාගී වන්නන්ගේ විනය සම්බන්ධයෙන් අවධානය යොමු වන කාලසීමාවක් වන අතර එය තම පාසලේ ගෞරවයට ද බලපාන බව අවධාරණය කළ යුතු ය

මෙහිදී පහත කරුණු සම්බන්ධව පාසල් ළමුන් මෙන්ම දෙමාපියන්ද විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ.

  • පාසලේ ගෞරවය රැකෙන පරිදි පොදු ස්ථානවල හැසිරීම.
  • පාරිභෝගිකයින්ට හෝ මහජනයාට පීඩාවක් වන පරිදි කෑකෝ ගැසීම සහ මාර්ග අවහිර කිරීමෙන් වැළකී සිටීම.
  • වෙනත් පාසල් වල සිසුන් සමඟ ගැටුම් ඇති කර නොගැනීම.
  • ලොරි, ට්‍රක් රථ හෝ වාහනවල අනතුරුදායක ලෙස ගමන් නොකිරීමට වග බලා ගැනීම
  • බලපත්‍ර නොමැතිව රිය පැදවීම සහ බීමත්ව රිය පැදවීම සිදු නොකළ යුතු අතර එවැන්නන්ට ශ්‍රී ලංකා පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කරමි.
  • රථ පෙළපාලි (Truck Parades) යාමේදී පොලිසියෙන් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.
  • තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ තුළට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය රැගෙන ඒම සපුරා තහනම් බව.
  • දුම්වැටි සහ වෙනත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කරමි
  • ප්‍රතිවිරුද්ධ පාසල්වල සිසුන් සමඟ ගැටුම් ඇති කර ගැනීම, ඔවුන්ට අපහාස කිරීම හෝ සමාජ මාධ්‍ය (Social Media) හරහා වෛරී සහගත ප්‍රකාශ පැතිරවීම සිදු නොකළ යුතු බව.

මෙහිදී මෙම ක්‍රියාකාරකම් සඳහා සහභාගි වන පාසල් දරුවන්ගේ දෙමාපියන් විසින් අවධානය යොමු කළ යුතු කරුණු නම්,

  • තම දරුවන් සහභාගී වන උත්සව සහ ඔවුන් ගැවසෙන ස්ථාන පිළිබඳව විමසිලිමත්ව කටයුතු කිරීම
  • නියමිත වේලාවට දරුවන් නිවසට පැමිණෙන්නේ දැයි විමසිල්ලෙන් සිටීම.
  • රථ පෙළපාලි වැනි ක්‍රියාකාරකම් සඳහා දරුවන්ට වාහන ලබාදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය.

මෙවැනි පාසල් ක්‍රිකට් තරඟාවලි සඳහා සහභාගි වන දරුවන්, ආදි සිසුන් සහ දෙමාපියන් විසින් අනීතිකව හැසිරෙමින් පොදු දේපළ වලට හානි කිරීම වැනි සාමය කඩකිරීම්, සිදු කරන අවස්ථාවන් නිරීක්ෂණය හෝ අනාවරණය වුවහොත් එවැනි අවස්ථාවන් වලදී ශ්‍රී පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කර බව. ඒ අනුව

ඒ අනුව පාසල් අතර පවත්වන මෙවැනි ක්‍රිකට් තරඟාවලි ඇතුළු ක්‍රියාකාරකම් වලදී වගකීම් සහගතව ක්‍රීඩාවේ උද්යෝගය විද ගැනීමට සැවොම අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොලිසිය විසින් අවධාරණය කරනු ලබයි.

2 Comments

  1. නියමයි බිග් මැච් කියන්නේ උන්ගේ ජඩ වේස කම පෙන්නන දෙයක් වෙලා තිබුනේ මෙච්චරකල්.

    ReplyDelete
  2. ඒක නම් හොඳ වැඩක්. බලමු ඕව ඇත්තටම ක්‍රියාත්මක වෙයිද කියලා. වෙනව නම් සුපිරි. එච්චරයි.

    ReplyDelete
Previous Post Next Post