ජල නල ප්‍රශ්නයකට ගුටි ඇනගෙන තිදරු පියෙක් මිය යයි..


 හැටන් රුවන්පුර මටුකැලේ ජනපදයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් (27) දින එක් අයෙක් ජීවිතක්ෂයට පත් වී තවත් 5 දෙනෙකු දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව හැටන් පොලිසියේ නිළධාරියෙකු පැවසිය.

පහර කෑමෙන් තුවාල ලැබූ පිරිස දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල තුවාලකරුවන් 06 දෙනෙකුගෙන් එක් අයෙකුගේ තත්වය බරපතල නිසා එම තුවාල කරු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා එම තුවාලකරු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී (27) දින රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් රුවන්පුර ජනපදයේ මටුකැලේ වත්තේ පදිංචිව සිටි 39 හැවිරිදි තිදරු පියෙකි.

එම ජනපදයේ ජල නළ මගින් ලබා දී ඇති පානීය ජල ගැටළුවක් සම්බන්ධයෙන් දෙපාර්ශවක් අතර ඉකුත් (24) දින අවස්ථා කිහිපයකදී බහින්බස් වීමක් ඇති වී ඇති බවත්, පසුව එය ගැටුමක් දක්වා වර්ධන විමෙන් පසු දෙපාර්ශවය අතර ඇති වු ගැටුමෙන් 06 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලවෙත ඇතුලත් කල බවයි පොලිසිය කියා සිටියේ.

මෙම ගැටුමට සම්බන්ධ දෙපාර්ශවයෙන්ම තවත් සැකකරුවන් තිදෙනෙකු (27) දින අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පොල් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකරුවන් මාර්තු (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කලහ.

තුවාලකරුවන් අතර මියගිය පුද්ගලයාගේ සොහොයුරාද සිටින බවත්, දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරුවන් රෝහලෙන් බැහැර විමෙන් පසු ඔවුන්ද අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ            

3 Comments

  1. නිරපරාදේ මිනිසුන් මැරෙනවා.නමුත් ශම්මි වැනි අන්ත දූශිතයන් ලංකාවෙ ක්‍රිකට් අන්තයටම විනාශ කරනවා. ජනාධිපතිතුමා පොරොන්දු උන පරිදි මේ අපතයන් එලවා දමා දේපොළ රාජසන්තක කරන්නේ නැත්තේ මොකද ?

    ReplyDelete
    Replies
    1. Eeye match ekata passe thaamath Shammi Shammi gaanne ayi oyy.

      Delete
    2. ඕව කියන්න එපා, ඩෝබින්ට දැන් ෆුල් අප්සෙට්

      Delete
Previous Post Next Post