ලෝකයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති ඉන්ධන මිල, එම යුදමය තත්ත්වය අවසන් වූ පළමු මොහොතේදීම යළි අඩු කරමින් එහි සහනය ජනතාවට ලබාදීමට රජය සහතික වන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
මෙය සදාකාලික මිල වැඩිවීමක් නොවන බවත්, පවතින ඕනෑම ව්‍යසනකාරී තත්ත්වයකදී ජනතාව අතරමං නොකරන මහජන ආණ්ඩුවක් වර්තමානයේ ක්‍රියාත්මක වන බවත් ඒ මහතා අවධාරණය කළේය.
ඉන්ධන පෝලිම් පිළිබඳ අනියත බියක් ඇති කර ගනිමින් කලබලයට පත් නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා, ඉතාමත් බුද්ධිමත්ව සහ සාමූහිකව රජය සමඟ එක්ව මෙම අසීරු අවස්ථාවට මුහුණ දිය යුතු බව ද පෙන්වා දුන්නේය. ලෝක දේශපාලන තත්ත්වයන් මත ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යා හැකි වුවද, රජය සැමවිටම ජනතාවගේ පාර්ශවයෙන් සිට ගනිමින් සහන සැලසීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කළේය.
මෙවැනි ගෝලීය ව්‍යසනයන්ට සාර්ථකව මුහුණ දිය හැක්කේ ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමෙන් පමණක් බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා ගම් මට්ටමින් කර්මාන්ත සංවර්ධනය කරමින් වැඩපිළිවෙලවල් හරහා ජාතික ආර්ථිකයට දායක වීම වැදගත් බව පැවසීය.
දැනටමත් රටේ විදේශ සංචිත සහ භාණ්ඩාගාරය පොහොසත් වෙමින් පවතින බවත්, රජය ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.
තවද, පාර්ලිමේන්තුව තුළ 159ක ප්‍රබල බහුතරයක් සහිත මෙම ආණ්ඩුව සෙලවිය නොහැකි බවත්, ඉදිරි වසර හතරක කාලය තුළ ශක්තිමත් නායකත්වයක් යටතේ රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදීමට රජය කැපවී සිටින බවත් ටී.බී. සරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය

කාලෙකට පස්සෙ මම ඇහැරුණා
ReplyDeleteලංකාවට ඇත්තටම ආණ්ඩුවක් අවශ්‍ය ද?
ReplyDelete78 වසරක සාපෙ.
ReplyDelete78 වසරක සාපෙ.
ReplyDeleteකොරෝන කාලේ කියපුවා
ReplyDeleteදැනටමත් 159 පොහොසත් වෙමින් පවතින බවත්, ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් පවතින බවත් සඳහන්
ReplyDeleteBeedi Sarath. Beedi suruttuwak gahala puke agilla gaha ganin
ReplyDeleteඋඹලව ගහලා පන්නන වෙලාවට ඕවත් මතක තියාගෙන රම්පෙට පොරි හැලෙන්න දේවි
ReplyDeleteTB Harak
ReplyDelete