අද ( 03) පෙරවරුවේ කොළඹ කොටස් වෙළඳපොළේ ගණුදෙනු ආරම්භ වී සුළු වේලාවකින් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණි.
මෙලෙස ගණුදෙනු නතර කෙරුණේ වෙළඳපොළේ ප්‍රධාන දර්ශකයක් වන S&P SL20 දර්ශකය පෙර දිනයේ අවසාන අගයට සාපේක්ෂව 5.27% කින් පහත වැටීම හේතුවෙනි.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නිකුත් කරන ලද උපදෙස් මාලාවට අනුව, දර්ශකයේ මෙම හදිසි පහත වැටීම මත වෙළඳපොළ මෙලෙස 'වෙළඳපොළ අත්හිටුවීමකට' ලක් කෙරිණි.
ගණුදෙනු අත්හිටුවන විට S&P SL20 දර්ශකය ඒකක 366.97 කින් පහත වැටී ඒකක 6,269.00 ක් ලෙස සටහන් විය.
සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 1,250.30 කින් පහත වැටී ඒකක 22,483.76 ක් ලෙස සටහන් විය
