යුද්දය තවත් බෑ..- ඊශ‍්‍රායලයේත් විරෝධතා..

 


ඉරානය සමඟ පවතින යුද්ධයට විරෝධය දක්වමින් ඊශ්‍රායලයේ තෙල් අවිව් සහ හයිෆා නගරවල පැවැත්වූ විරෝධතා අතරතුර පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. 

සිවිල් සංවිධානවල කැඳවීමකට අනුව පසුගිය සෙනසුරාදා තෙල් අවිව් නුවර ට රැස් වූ පිරිස මෙම විරෝධතාවයේ නිරත වූහ.

එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් පවා හටගත් බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. 

පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් පිරිස මහජන සාමය කඩ කරමින් නිලධාරීන්ගේ උපදෙස් නොසලකා කටයුතු කළ බවයි. මේ අතර හයිෆා නගරයේ පැවති තවත් විරෝධතාවයකදී පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර, මේ වන විට ඉරානයේ එවකට උත්තරීතර නායකයාව සිටි අයතුල්ලා අලි කමේනි ඇතුළු පුද්ගලයින් 1,340 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. 

ඉරානය ද ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ඇතුළු කලාපීය රටවලට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින අතර එමඟින් යටිතල පහසුකම්වලට මෙන්ම ගෝලීය ගුවන් සේවා හා වෙළඳපොළට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.

මේ අතර, ඊශ්‍රායල රජය පැහැදිලි උපාය මාර්ගයකින් තොරව හමුදාව බහු පෙරමුණු යුද්ධයකට යොමු කර ඇති බවට එරට විපක්ෂ නායකයින් චෝදනා කරති. 

ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානියා ද අනතුරු අඟවා ඇත්තේ මෙම යුද්ධය හමුවේ හමුදාව අභ්‍යන්තරිකව බිඳවැටීමේ තත්ත්වයකට පත්ව ඇති බවයි. 

යුද්ධයේ පළමු දින 20 තුළ පමණක් ඊශ්‍රායල හමුදාවට ඇමරිකානු ඩොලර් බිලියන 6.4 ක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ද වාර්තා වේ

2 Comments

  1. යකෝ මම ඉන්නෙ වෙන රටකද. මෙහෙම දෙයක් නම් උනේ නෑ

    ReplyDelete
    Replies
    1. ටොයිලට් ඇතුලේ නාකින්ගේ පුක හෝදන එවුන්ට ඕවා පේන්නේ නෑ ඒලියට ඇවිල්ල බලාපිය. ඒත් තොට එහෙම එන්න බෑනෙ වහල්ලුන්ට කොහෙද එහෙම නිදහස

      Delete
Previous Post Next Post