බහරේනයේ ජල පිරිපහදුවලට ප‍්‍රහාර...


 බහරේනයේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රයක් වන මුහුදු ජලය ලවණහරණය කරන (Desalination) යටිතල පහසුකම් පද්ධතියකට ඉරානය විසින් එල්ල කළේ යැයි සැක කෙරෙන ඩ්‍රෝන ප්‍රහාරයකින් දැඩි හානි සිදුව ඇති බව බහරේන බලධාරීන් වාර්තා කරයි.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ කලාපීය වශයෙන් පවතින උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය කරමිනි.

බහරේනයේ සමස්ත පිරිසිදු ජල සැපයුමෙන් 75% ක්ම ලබා ගන්නේ මෙම පිරිපහදු මධ්‍යස්ථාන හරහා බැවින්, මෙම හානිය එරට ජන ජීවිතයට සෘජුවම බලපෑම් එල්ල කළ හැකි තත්ත්වයක් බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

ඇමරිකා ඊශ‍්‍රායල ප‍්‍රහාර වලින් මීට පෙර ඉරාන ජල පිරිපහදුවලට හානි සිදු කර තිබින.

Previous Post Next Post