ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක, හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන නිදහස තහවුරු කිරීම සඳහා සහාය වන්නැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම යුරෝපා සංගමයේ නායකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පෙබරවාරි 28 වනදා සිට ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාර හමුවේ, ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධියේ කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී ඇත. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන් ඉකුත් සඳුදා බ්‍රසල්ස් නුවරට රැස් වූහ.
මෙහිදී අදහස් දැක්වූ ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෙපුල් අවධාරණය කළේ මෙම ගැටුමේදී මිලිටරි මෙහෙයුම් සඳහා එක්වීමට ජර්මනියේ කිසිදු අදහසක් නොමැති බවයි.
"ඇමරිකාව සහ ඊශ්‍රායලය සිදු කරන දේ පිළිබඳව අපව දැනුවත් කරනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. කලාපීය ආරක්ෂක ව්‍යුහයක් පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ ඉන් අනතුරුවයි," ඔහු පැවසීය.
ග්‍රීසිය සහ ඉතාලිය ද මෙවැනි මිලිටරි මෙහෙයුමකට සම්බන්ධ නොවන බව ප්‍රකාශ කර ඇත. "හෝමුස් සමුද්‍ර සන්ධියේ කිසිදු හමුදා ක්‍රියාමාර්ගයකට ග්‍රීසිය මැදිහත් වන්නේ නැහැ," යැයි රජයේ ප්‍රකාශක පව්ලොස් මරිනාකිස් පැවසූ අතර, ඉතාලි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි ද එම අදහසම තහවුරු කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සඳහා නාවික සන්ධානයක් පිහිටුවීමට ජනාධිපති ට්‍රම්ප් කළ යෝජනාවට යුරෝපයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත්, නේටෝ සංවිධානයේ අනාගතය "ඉතා අඳුරු" වනු ඇති බවට ට්‍රම්ප් ඉකුත් ඉරිදා 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' පුවත්පතට පවසමින් අනතුරු ඇඟවීය.
කෙසේ වෙතත්, ජර්මානු ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස් ප්‍රකාශ කළේ බලවත් ඇමරිකානු නාවික හමුදාවට කළ නොහැකි දෙයක් යුරෝපීය යුද නැව් කිහිපයකට කළ නොහැකි බවයි. "මෙය අපේ යුද්ධයක් නෙවෙයි. මෙය අප ආරම්භ කළ දෙයක් ද නෙවෙයි," යනුවෙන් ඔහු දැඩිව ප්‍රකාශ කළේය.
යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කලාස් පෙන්වා දුන්නේ සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති බවයි. මෙම ඉහළ මිල ගණන් හරහා රුසියාව සිය බලශක්ති ආදායම වැඩිකර ගනිමින් යුක්රේන යුද්ධය සඳහා මුදල් යොදවන බව ඇය සඳහන් කළාය.
ඩෙන්මාර්කය වැනි රටවල් පවසන්නේ යුද්ධයට සහාය නොදැක්වුවද, නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විවෘත මනසකින් යුතුව සාකච්ඡා කළ යුතු බවයි.
ප්‍රංශය යෝජනා කර ඇත්තේ රතු මුහුදේ ආරක්ෂාව සඳහා දැනට ක්‍රියාත්මක 'ඇස්පිඩීස්' මෙහෙයුම හෝමුස් දක්වා ව්‍යාප්ත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බවයි.
යුරෝපා සංගමයේ රටවත් කිහිපයක්ම දැනටමත් ඉරානය හා සාකච්චා ආරාම්භ කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර අතර ප්‍රංශය හා ඉතාලිය ඒ බව පිලිගෙන ඇත.

සමහර රටවල් අනවශ්‍ය යුද්ධයක් නිසා නියත වශයෙන්ම ඇමරිකන් සතුරා මග හරිනවා. ට්‍රම්ප් කියන කාලකණ්නි පකයට යුද්ධ කොරන්න වෙන්නෙ උගෙම අපරාධකාර හුත්තො ටික යවල තමයි.
ReplyDeleteයකෝ ලංකාවේ අපණයන වැඩිම ප්‍රමාණයක් මිළදී ගන්නේ ඇමරිකාව. ලංකාවට වැඩිම ආර්තික ආධාර දෙන්නෙත් ඇමරිකාව. ත්‍රිපෝෂ ප්‍රෝග්‍රෑම් එකට මුදල් දෙන්නෙත් ඇමරිකාවෙන්. ග්‍රීන් කාඩ් එකට වාර්ෂිකව වැඩියෙන්ම අයදුම් කරණ පිරිස ඉන්නෙත් ලංකාවේ. උමා ඔය ව්‍යාපෘතියට ඉරානෙන් දුන්නෙත් ඔබාමා ඉරානෙට දුන්නු මුදල් (ඔබාමා ඉරානෙට වාර්ෂිකව ඩොලර් බිලියන 9.5ක් දුන්නා න්‍යෂ්ඨික අවි වෙනුවට විකල්ප බලශක්ති ප්‍රභව භාවිතා කිරීමට සහ බල ශක්ති ව්‍යාපෘති වල ආයෝජනය කරන්ඩ කියලා). ඉරානය ත්‍රස්ථවාදී රටක්. තමන්ගේ මිනිස්සුන්ව 5000 කට වඩා මෑතකදී ඇතිවුණ ජනතා විරෝධතා වලදී මරා දැම්මා. ඩොලර් එකකට රියාල් මිලියන 1.3ක් ගෙවන්ඩ තරම් ආර්ථිකය විනාශ වෙලා ගියා හමාස්, හිස්බුල්ලා සහ හූති සටන්කාමීන්ට ආයුද දෙන්ඩ ගිහින්. යේමනය සම්පූර්ණයෙන් විනාශයි හූති නිසා. හිස්බුල්ලා නිසා ලෙබනනය සම්පූර්ණයෙන් විනාශයි. ඉරාන ත්‍රස්තවාදී ඉස්ලාම් නායකත්වය විනාශ නොකර මැද පෙරදිග පාලනය කරන්ඩ බෑ. ලෙබනන් ආණ්ඩුවට බෑ හිස්බුල්ලා එකට නියෝග කරන්ඩ. හැම තැනම මුස්ලිම් නොවන මිනිස්සු මර මර යනවා උන්. උඹලා වගේ රුසියන් ප්‍රොපගැන්ඩා එකට රැවටිච්ච ගොන්නු ලංකාවේ හැම තැනම. තොපි වගේ බූරුවො හින්දා රට හැමදාම ඇමරිකාවට විරුද්ධ වෙලා ආර්ථික වශයෙන් විනාශ වෙනවා.
Deleteඡෙපි ඩෝබියො අමරිකානු ගැත්තො බවට හොඳම උදාහරණය
Deletejedi dobiyo run by cia since the 70's
Deleteගලප්පත්ති ඩෝබියෝ. ඇමරිකාව කනවා අන්න අරෙහේ. තනියම කන්න අමාරු නිසා බෙදාගෙන කන්න කට්ටියට කතා කරාට කවුරුවත් එන්නෙ නැහැ. උඹවත් ගිහින් උගේ හිත සනසාපන්.
Deleteඇමරිකාවට නේටෝ සහය අවශ්‍ය නෑ. ඇමරිකාවට තනියෙන් පුළුවන් ඉරානෙට ගහල දාන්ඩ. නේටෝ එකට තමයි ඇමරිකන් සහයෝගය අවශ්‍ය. නේටෝ එක හැදුවෙත් ඒකට. ට්‍රම්ප් සහය ඉල්ලුවෙ නෑ, සී.එන්.එන්. පච ප්රවෘත්ති නාලිකාව එහෙම හෙඩින්ග් එකක් දැම්මා. නමුත් ට්‍රම්ප් ඇත්තටම කලේ මාධ්යවේදියෙකුගෙ ප්‍රශ්ණෙකට උත්තර දෙන එක, මාධ්‍යවේදියා ඇහුවේ නේටෝ සහය ඉල්ලා තිබෙනවද, ඔවුන් සහයෝගය දුන් නැත්නම් ඔබ මොකද (ඔවුන්ට) කරන්නේ? කියලා. ට්‍රම්ප් එතනදී කිව්වේ නේටෝ එකට යුතුකමක් තිබෙනවා මේ යුද්ධයට සම්භන්ධ වෙන්ඩ අප සමඟ, අපට ඔවුන් අවශ්‍ය නෑ, නමුත් ඔවුන්ට අපිව අවශ්‍යයි, ඔවුන්ට අපිව අවශ්‍ය නම් ඉරානය සමඟ යුද්ධයේදී ඔවුන් අපට සහාය දක්වා ඔවුන්ගේ පක්ෂපාතීත්වය පෙන්වීම සිදු කල හැකියි කියලයි.
ReplyDeleteපව් හැබැයි මේ බටහිරට කඩේ යන මෝඩ සෙට් එක. බලන්න එයාගේ අහිංසක බලාපොරොත්තුව. අර මැදපෙරදිග කෑලි ගැලවෙන්න කනවා. ඒව බල බලත් මූ කඩේ යනවා. ඔය හීනෙ ඉවරයි නැගිටපන්.
Deleteඅපිට තේරෙනව පතිරණ උඹේ දුක. ඕව ඔච්චර හිතන්න එපා බන්.
DeleteBambuwa Thmai ......... gehuwada Afgan lata ........ hoo ,,,,,,,
Deletehahaah the whole the GDP combined , EU can not even think that becuase USA has trillion bugdget and has largerst GDP both income and capital and foreign reserve. EU should know where it stand. without USA, EU is invaded within a single day by Russia if needed.
ReplyDeleteඅනුන්ගේ යුද්ධ කෙසේ වුවද අපට ඇමරිකාව ඉතාම වැදගත්. අවශ්‍ය නම් එක පෙන් පහරකින් අපේ රට දන ගස්සන්න ඇමරිකාවට පුලුවන් මක් නිසාද ගලප්පත්ති කිව්ව වගේ අපේ අපනයන වලින් 60% පමණ ගන්නේ ඇමරිකාව නිසා. බුද්ධියක් ඇති එවුන් ඉතිරිය තේරුම් ගනියි. මම ඉරාන විරෝධියෙකු නොවෙමි. යම්යම් දේවල් ඔවුන්ගේ හෙලා දකිමි.
ReplyDelete