පාර්ලිමේන්තු හිටපු නි. මහ ලේකම්ගේ පෙත්සම ෂේප් කරගන්න බලන්නැයි දන්වයි..

 


පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම්වරයෙකු වන චමින්ද කුලරත්න මහතා විසින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන්, අදාළ පාර්ශවයන් අතර එකඟතාවයකට පැමිණිය හැකිද යන්න පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (19) දින නියෝග කළේය.

සේවය අත්හිටුවා සිටින ඒ මහතා ඉදිරිපත් කළ මෙම ඉල්ලීම අද දින සලකා බැලුණු අතර, එහිදී නීතිපතිවරයා නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් දැක්වූ කරුණු කෙරෙහි අධිකරණයේ අවධානය යොමු විය. 

ඒ අනුව, මෙම නීතිමය ක්‍රියාවලිය සමථයකින් අවසන් කිරීමේ හැකියාව සොයා බලා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස නඩු නිමිත්තට අදාළ සියලු පාර්ශවයන්ට මෙහිදී දැනුම් දෙන ලදී.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් සේවය කල වැඩ තහනමට ලක් වූ නීතීඥ චමින්ද කුලරත්න විසින් ශ්‍රී ලංකා අභියාචනාධිකරණය හමුවේ CA (Writ) 109/2026 අංක දරන රිට් පෙත්සම ගොනු කර ඇත.

මෙම පෙත්සම මඟින් මූලිකවම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ හා කථානායකවරයා විසින් නීතිවිරෝධී ආකාරයෙන් පත්කරන ලදැයි කියන විමර්ශන නිලධාරී විශ්‍රාමික අතිරේක ලේකම් එස්.කේ. ලියනගේ ඇතුළු 14 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න බඳවා ගැනීම, පත්වීම යන සියල්ල නීත්‍යානුකූලව හා විනිදභාවයෙන් යුතුව සිදුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු විරෝධතාවයක් මේ වන තෙක් ඉදිරිපත් වී නොමැති බවත්, කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් තනතුරට අයඳුම් පත් කැඳවන ලද ගැසට් නිවේදනයට අනුව ඊට අවශ්‍ය අධ්‍යාපන හා වෘත්තීය සියලු සුදුසුකම් කුලරත්න විසින් සම්පූර්ණ කර ඇති බවත්, ඊට අදාළ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ අය අතරින් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ද කුලරත්න බවත් මෙකී පෙත්සම මඟින් වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

තවද, විශ්‍රාම වැටුප් සංග්‍රහය, ආයතන සංග්‍රහය, අමාත්‍ය මණ්ඩල තීරණ, 1953 අංක 9 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත සහ 1942 අංක 18 දරන රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල් ආඥා පනත යන ව්‍යවස්ථාපිත විධිවිධාන අනුව චමින්ද කුලරත්න හට ඔහු පූර්වයෙන් දරන ලද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ලේකම් තනතුරෙහි සේවා කාලය, ඔහු පසුව පත්කරන ලද කාර්ය මණ්ඩල ප්‍රධානී හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් තනතුරේ සේවා කාලය සමඟ විශ්‍රාම වැටුප් ගණනය කර ගැනීම සඳහා එක්කර ගැනීමට ඔහුට නෛතික හිමිකමක් හා අයිතිවාසිකමක් ඇති බවත් මෙමඟින් දක්වා ඇත.

නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් 2025 ජුනි මස 18 දින කථානායකවරයාගේ පෞද්ගලික භෝජනාගාරයේ දී දකින ලද සිද්ධියක් හේතුවෙන් හා කථානායකවරයා විසින් සිදුකරනු ලබන්නේ යැයි කියන නීතිවිරෝධී හා දූෂණ ක්‍රියා පිළිබඳව නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් තම අප්‍රසාදය පළ කිරීම හේතුවෙන් කථානායක වරයා විසින් නීතිවිරෝධී හා ද්වේශ සහගත ලෙස කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ඒ සඳහා සුදුසුකම් නොමැති විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙකු වූ එස්.කේ. ලියනගේ යන අය පත් කරන ලද බව මෙම පෙත්සම මඟින් දක්වා ඇත.

කථානායකතුමාගේ සංවේදී තොරතුරු බාහිර පාර්ශ්වයන් අතට පත්වීම සම්බන්ධයෙන් කථානායකවරයාගේම දැනුම්දීම මත පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් විමර්ශනයක් සිදුකර වාර්තාවක් සකස් කර ඇති බවත්, එම වාර්තාව ගරු අධිකරණය වෙත කැඳවන ලෙසත් නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

 කථානායකවරයා විසින් නීතිවිරෝධී ආකාරයට තමාට නැති බලයක් ආරෝපණය කර ගෙන, එනම්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ බලය කථානායකවරයා විසින් ක්‍රියාත්මක කරමින් විමර්ශන නිලධාරී එස්.කේ. ලියනගේ ගේ පත්වීම සිදුකර ඇති බවත්, එස්.කේ. ලියනගේ විසින් සාවද්‍ය හා ද්වේශ සහගත කරුණු මත පදනම් වූ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්, එකී වාර්තාව ස්වාභාවික යුක්තියේ හා නීතියේ මූලධර්ම වලට පටහැනිව සකස් කර ඇති බවත්, එකී වාර්තාව මත පදනම්ව නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ තහනම සිදුකර ඇති බවත්, එබැවින් එකී සාවද්‍ය හා නීතිවිරෝධී වාර්තාව මත පදනම්ව සිදුකරනු ලබන සියලු කටයුතු බල රහිත කරන මෙන් මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

චමින්ද කුලරත්න විසින් මීට පෙර වර්තමාන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් සිදුකර ඇතැයි කියන නීතිවිරෝධී දූෂණ ක්‍රියා 8ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

බලයේ සිටින කථානායකවරයෙකුට විරුද්ධව පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරීයා වශයෙන් කටයුතු කල නියෝජ්‍ය මහ ලේකම්වරයෙකු විසින් මෙවැනි පැමිණිල්ලක් සිදුකර ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වන අතර, එමෙන්ම, කථානායකවරයෙකුගේ නීතිවිරෝධී හා ද්වේශ සහගත ක්‍රියාකාලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු විසින් ඉහල අධිකරණයක් හමුවේ පෙත්සමක් ගොනු කොට ඇත්තේ ද ඉතිහාසයේ ප්‍රථම වතාවට වේ.

6 Comments

  1. එතකොට කවුද මන්ද රාජකාරි වෙලාවේ සූප්පුවක් උරමින් හිටිය කියන්නෙ, ඒ ඇත්තක්ද? නිකං දැනගන්ට ඇහුවෙ

    ReplyDelete
  2. Two sides of the same coin. This fucker too has to understand that the Speaker is the head of Parliament while the Speaker should also set an example. This fucker being a lawyer want to show his "clours" to the Speaker and show his musles. Both these fuckers should be removed. We do not need to see episode in the fucking damn paraliament.

    ReplyDelete
    Replies
    1. The problem with the speaker is that he fucks non other than his own driver.

      Delete
  3. "නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් 2025 ජුනි මස 18 දින කථානායකවරයාගේ පෞද්ගලික භෝජනාගාරයේ දී දකින ලද සිද්ධියක්"

    මොකක්ද අප්පා ඒ විශේෂ සිද්දිය?

    ReplyDelete
    Replies
    1. හැක හැකMarch 19, 2026 at 9:31 PM

      ඒ විශේෂ සිද්දිය ප්‍රසිද්ධියෙ කියන්ඩ බැරි වැඩිහිටියන්ට පමනක් සීමා වෙච්ච නිල්පාට චිත්‍රපටියක කෑල්ලක්.

      Delete
    2. නිල් නෙවෙයි පාට පහේ දේදුනු සීන් එකක්

      Delete
Previous Post Next Post