සෙන් ක්ලෙයාර් දිය ඇල්ල රක්ෂිතයේ (08) දින දහවල් හට ගත් ගින්නක් රක්ෂිතය පුරා පැතිර යමින් පවත්න බව දිඹුල පතන පොලිසිය පැවසීය.
ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවත්, ප්ර දේශයේ පවතින අධික වියලි කාලගුණය සහ තද සුළං හමුවේ ගින්න සීඝ්රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතියි.
එම රක්ෂිතයේ ඉදි කර තිබූ සංචාරක නිවාඩු නිකේතනයක්ද ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එම සංචාරක නිවාඩු නිකේතන වලට ඇද තිබූ දුරකථන රැහැන් පද්ධතියද ගිනිගෙන විනාශ වී ඇත.
ගින්න පාලනයට කොටගල යුධ හමුදා බට පිරිස්වල සහය ඉල්ලා ඇති බවයි නුවරඑලිය දිස්ත්රික් ආපදා කළමණාකරන ඒකකය කියා සිටියේ.
රක්ෂිතය තුල බැද තිබූ බඹර කූඩුවක් ගින්න හේතුවෙන් ඇවිස්සීමෙන් බඹරුන්ද ගින්න පාලනය කිරිමට එන පිරිස්වලට පහර දීම හේතුවෙන් ගින්න පාලනය කිරිම තරමක් අපහසු වි ඇත.
- රංජිත් රාජපක්ෂ

මේ සතියේ ගැරඬි ඇල්ල රක්ෂිතයත් ගිණි ගත්ත. දැන් සෙන් ක්ලෙයාර් දිය ඇල්ල.
ReplyDeleteමුන් ආපු දවසෙ ඉඳල වගතුවක් නෑ, නායයෑමුයි ගිනි ගැනිලියි ඉවරයක් නෑ. හුන්ඩුවාගෙ හෙනේ තමයි.
යක්ශ දේශයේ ජූස්ලා ලෝකෙ වටේම කැලෑ ගිනි තියන පූජාවක් කොරනවා. ඒක දන්නෙ නැති උන් ලැව් ගිනි කියල රැවටෙනව. ආජන්ටිනාවෙ ගිනි තියල අත්අඩංගුවට ගත්ත එවුන් ගැන හොයල බලන්න. ජපානෙ පහුගිය මාසෙ පුරාම අස්වාභාවික ලැව් ගිනි. දකුණු අප්රිකාවෙ පවා.
ReplyDelete