අල්ලස් කොමිසමේ ලොක්කාට මිනී මැරුම් චෝදනා..

 


සුරේෂ් සලේ මහතාට යුක්‍තිය සාධාරණත්වය ඉටු කරදෙන ලෙස ඉල්ලමින් සිදු කරන අත්සන් ලක්ෂයේ ජනතා පෙත්සමේ පස්වන අදියර අද උදෑසන කඩුවෙල බස් නැවතුම්පොළ  අසළ දී නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පූජ්‍ය කිරිගල්පොත්තේ චන්ද්‍රානන්ද  ස්වාමින් වහන්සේ හා නව ජනතා පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් නායක පූජ්‍ය කැලණිය සද්දාසීල හිමියන් ප්‍රමුඛ වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද ආරම්භ වුණි. 

මෙහිදී හිටපු අමාත්‍ය රියාල් අද්මිරාල් සරත් වීරසේකරද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා සහ ජගත් කුමාර මන්ත්‍රීතුමාද ඇතුළු කඩුවෙල නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද පැමිණ තම අත්සන යොදමින් මේ රණවිරු දඩයමට එරෙහිව සහයෝගය දක්වන ලදි. 

මෙහිදී මාධ්‍යට අදහස් දක්වමින් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කලේ අද පස්වන අදියර වන විට ඉතා විශාල සහයෝගයක් මේ වැඩසටහනට ලැබී ඇති බවත් නිරන්තරයෙන් ගම් නගර වල ජනතාව කතා කරමින් මෙම වැඩසටහන තම නගරයටද තම ගමටද රැගෙන එන මෙන් ආරාධනා කරන බවත් මේ උද්යෝගය තුළින් පෙනී යන්නේ මාලිමා ආණ්ඩුවේ මේ වැඩ බැරි වෛරි සහගත ළදරු මාලිමා ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ ඇති අප්‍රසාදයයි. ඒ නිසා අප ජනාධිපතිතුමාට කියනවා සුරේෂ් සලේ සම්බන්ධයෙන් යම් තොරතුරක් විද්‍යාත්මක සාක්ෂියක් තිබේ නම් අධිකරණයට ඉදිරිපත් කරන්න. එයට අප විරුද්ධ වන්නේ නෑ. නමුත් පදනම් විරහිත ලෙස රස කතා ගොතා, සුරංගනා කතා ගොතා මෙවැනි අඳුරු කුටියක වාතාශ්‍රය නොමැතිව හරියට කෑමක් බීමක් නොමැතිව ඔහුව නොමරා මරන්න අපි ඉඩ දෙන්නේ නෑ. මේ මර්දනකාරී ක්‍රියාකලාපය දිගටම ඉදිරියට ගියොත් අත්සන් ලක්ෂය අත්සන් දස ලක්ෂය දක්වා ජනතාව අත්සන් ලබා දෙන්න සූදානමින් සිටින බවයි.

තවද මෙහිදී අදහස් දක්වමින් සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කලේ 

අද මේ රටේ පොලීසිය කොහොමත් දේශපාලනය කරලා ඉවරයි. මේ පොලිසිය මෙහෙයවන්නේ සම්පූර්ණයෙන්ම වෛරි සහගත ක්‍රෝධයෙන් හිස උදුම්මවාගත්ත ආනන්ද විජේපාල මහතා . එයාටම හරියන ගෝලයෝ දෙන්නෙක් ඉන්නවා දේශපාලනය කරලා මහජනතාවගේ අප්‍රසාදයට ලක්වුන රවී සෙනෙවිරත්න  සහ ශානි අබේසේකර .අද පොලිස්පතිතුමා ඇතුළු සමස්ථ පොලිසිය දේශපාලනීකරණය කරලා තියෙන්නේ.අද ධර්ම චක්‍රය නෙවෙයි ඔවුන් පලදින්නේ ජනතා විමුක්ති පෙරමුණේ ලාංචනය වන මාලිමාව  තමයි අද ගහගෙන ඉන්නේ තමන්ගේ නිළ ඇඳුමේ. ඒ නිසා පොලිසිය ගැන අද ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා. බරපතලම කාර්යය අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයටත් ඊයේ ඇති වුන මේ සිද්ධිය බරපතල කාරණයක්. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහත්මයාට කොහොමද මොකක්ද තියන බලය සාක්ෂි කාරයෙක්ට බලපෑම් කරලා මරණ තර්ජනය කරන්න. එතුමාට දැනටමත් මිනීමැරුම් චෝදනා එල්ල වෙලා තියනවා. දැන් ඒ දිවුරුම් ප්‍රකාශය අනුව කපිල චන්ද්‍රසේකර මහතා පවසනවා කෙහෙළිය ඇමතිතුමාගේ මස්සිනාගේ මරණයට තර්ජනය කිරීම එම මරණයට අනියමින් රංග දිසානායක මහතාට චෝදනා එල්ල වෙනවා. ඒ වගේම නීති කමිටුවේ සාමාජිකයෙක් කියලා ප්‍රබල තොරතුරක් හෙළි කරපු නන්දන ගුණතිලක මහතාගේ මරණය සැක සහිතයි. ඒ වගේම දිවුරුම් ප්‍රකාශයක් මගින් රංග දිසානායක මහතා මේ කරපු බලපෑම් සම්බන්ධයෙන් රටට හෙලි කරපු කපිල චන්ද්‍රසේන මහතාගේ ජීවිතය සම්බන්ධයෙන් ජීවිත අනතුරක් තියනවා. ඒ නිසා එතුමාට බන්ධනාගාරයෙන් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස අප මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේක මේ සුළුපටු ප්‍රකාශයක් නෙවෙයි. දිවුරුම් ප්‍රකාශයක් මගින් මහේස්ත්‍රාත් වරයෙකුට දුන්න ප්‍රකාශයක්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ජනාධිපතිතුමාට කියනවා කරුණාකරලා මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන්න. මේ CCTV පද්ධති පරික්ෂා කරන්න. රංග දිසානායක මහතා මේ පරීක්ෂණය යන අතරතුර ඔහුගේ වැඩ තහනම් කර අනිවාර්යයෙන්ම සේවයෙන් ඉවත් කරන්න. එහෙම කරලා ඔහු වැරදි කරු වුනොත් ඔහුව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතුයි. අනේ ජනාධිපතිතුමනි පින් සිද්ධ වෙයි රංග දිසානායක ගැනත් පාර්ලිමේන්තුවට ඇවිත් හෝදන්න ලෑස්ති වෙන්න එපා. රංග දිසානායක මේ වෙනකොටත් ඇඟේ අසූචි තවරගෙන ඉවරයි. ඒ නිසා ඔබතුමා හෝදන එක නවත්තන්න කියලා අපි කියනවා.

ඒ වගේම රටේ ගෑස් නෑ, තෙල් නෑ, විදුලි කප්පාදුවක් ළඟදි එනවා. ඒකට හරි වැඩපිළිවෙළක් නෑ. හැබැයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා හෝදන එකේ ඉවරෙකුත් නෑ. මේ හෝදන විදිහට මේ ළඳරු ඇමතිවරු ටිකා හානවා නාගන්නවා. ජනාධිපතිතුමා ගිහිල්ලා හෝදනවා. මේ හෝදන විදිහට ජනාධිපතිතුමාට සතියට දවසක් නෙවෙයි දවස ගානේ පාර්ලිමේන්තුවට යන්න වෙනවා. ඒ ලංකා ඉතිහාසේ නෙවෙයි ලෝක ඉතිහාසේ වැඩිම ගාණක් පාර්ලිමේන්තුවට ගිය රාජ්‍ය නායකයාට හිමි ගෞරවය හිමි වෙන්නේ ජනාධිපතිතුමාට. මොකද ඒ තරම් එතුමාට දැන් හෝදන්න වෙලා තියනවා. එතුමා කුමාර ජයකොඩි ගේ ගල් අඟුරු වංචාව වහන්න පාර්ලිමේන්තුවට ගිහින් හෝදනවා. එතුමා තෙල් ටික ගෑස් ටික ගේන්න බැරි අසමත් භාවය වහගන්න පාර්ලිමේන්තුවට ගිහින් හෝදනවා. එතුමා ඇමරිකාවත් එක්ක ගහපු ආරක්ෂක ගිවිසුම් ටික වහගන්න පාර්ලිමේන්තුවට ගිහින් හෝදනවා. එතුමා කන්ටේනර් මගඩිය වහගන්න පාර්ලිමේන්තුවට ගිහින් හෝදනවා. ඒ නිසා අද ජනාධිපතිතුමා දැඩි අපහසුතාවයට පත් වෙනවා. එතුමා අද මේ රටේ ඉන්න ජනාධිපතිවරයෙක් නෙවෙයි. එතුමාට නිරූපණය කරන්න වෙලා තියෙන්නේ රෙදි අතුල්ලන කෙනාගේ චරිතයට තමයි එතුමාට පණ පොවන්න වෙලා තියෙන්නේ. 

ඒ වගේම ජනාධිපතිතුමා හඳුන්වා දුන්න මිල සූත්‍රයට උසුළු විසුළු කරපු හිනා වුන කට්ටිය කාංචනගේ QR කේතයට එකට හිනා වුන කට්ට්ටිය ඔත්තේ ඉරට්ටේ අංක වලට හිනා වුන කට්ටියට ඒ සරණම යන්න වෙලා. 76 වසරක් මුළුල්ලේ තිබ්බ හොඳ දේවල් වලින් හරි මේ රට බේරගන්නවා නම් අපි කැමති. හැබැයි ජනාධිපතිතුමා අලුත් මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා. හැබැයි ජනාධිපතිතුමා කිව්වා ඩොලර් 1 ට රු 2ක් තෙල් මිල වැඩි කරලා තෙල් දෙන්න පුළුවන් කියලා. දැන් එහෙමනම් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරල් එක රු 110 යි. ඒ කියන්නේ රු 220 ට දෙන්න පුළුවන්. 120 උනොත් 240 ට දෙන්න පුළුවන්. සැපයුම් ගාස්තුව රු 30ක් දැම්මොත් 250 ට දෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිතුමා කියන විදිහට මේ රටේ මහා භාණ්ඩාගාරයේ අතිරික්තයක් තියනවා. බදු මුදල් වලින් භාණ්ඩාගාරය පිරිලා. ජනාධිපති කාර්යාලයේ අගමැති කාර්යාලයේ වාහන විකුණපු සල්ලි වලින් භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා ගිහින් තියනවා. ඒ නිසා මේ රටේ ඕන තරම් මහා භාණ්ඩාගාරයේ සල්ලි තියනවා. කරුණාකරලා ඒ සල්ලි වලින් බදු ගහන්නේ නැතුව රු 250 ට තෙල් ටික දෙන්න කියලා අපි ජනාධිපතිතුමාට බොහොම වගකීමෙන් කියනවා.

8 Comments

  1. ” PLEASE GO AKD" before "AKD GO HOME" comes to stage

    ReplyDelete
    Replies
    1. Balagena idapan...Gihin chu karala nida ganin

      Delete
  2. ලපයා ගෙදර පල මූසල ආන්ඩුව

    ReplyDelete
    Replies
    1. AKD ..this is best decision
      Great leader 😊

      Delete
    2. අනිවාර්යෙන්ම ලපයා ඇතුලු වැඩ බැරි තක්කඩි ටික ගෙදර යැවිය යුතුයි

      Delete
  3. Please ask all transportation to give tickets
    Vat TiN liable recipient…

    Then we can refund later 😂😂😂😁😁⛽️

    ReplyDelete
  4. Increase bus fair if they only give tickets
    Increase tuk tuk fair if they only give give receipt for the ride.

    Otherwise we dont need to tax payers money to budu gahanna
    😂🚘

    ReplyDelete
  5. Go to Ja ela to sign the petition.

    ReplyDelete
Previous Post Next Post