පවතින ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් ජනතාව පිරවුම්හල් සහ අලෙවිසල් අසල පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබිණි.
න්ධන නිකුත් කිරීම සීමා වීම සහ ගෑස් සැපයුම අඩාල වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක උණුසුම් තත්ත්වයන් ද වාර්තා විය.
ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දවස පුරා පෝලිම් පැවති අතර, ජනතාවට ඉන්ධන ලබාගැනීම සඳහා පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදු විය.
දැනට ක්‍රියාත්මක QR කේත ක්‍රමය යටතේ පමණක් ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරුණු අතර, ඇතැම් පිරවුම්හල්වල තොග අවසන් වීම හේතුවෙන් ඒවා වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.
පිරවුම්හල් අසල සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් ආරක්ෂාව යොදවා තිබූ අතර, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි ඇතැම් පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද හමුදා භට පිරිස් ද අනුයුක්ත කර සිටිනු දක්නට ලැබිණි.
මේ අතර, ගෘහස්ථ ගෑස් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් අලෙවිසල් ඉදිරිපිට 'ගෑස් නැත' යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර, ගෑස් සිලින්ඩර සුළු ප්‍රමාණයක් ලැබුණු අලෙවිසල් අසල ජනතාව රොක් වීම නිසා නොසන්සුන්කාරී තත්ත්වයන් ද හටගෙන තිබේ.
ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් සඳහන් කරන්නේ පවතින සැපයුම් ජාලයේ පමාවන් හේතුවෙන් මෙම ගෑස් හිඟය ඉදිරි දින කිහිපය තුළ ද පැවතිය හැකි බවයි.

Mokatada Army eka minissunta vedi thiyanadha
ReplyDeleteගෝඨාගෙ ආණ්ඩුව රඹුක්කනදි එකෙක්ට තිබ්බා වගේද?
Deleteමුන් මිනී මරුවොනෙ. හමුදාව අවශ්‍ය නෑ මුන්ට මිනී මරන්න. කාලකන්නි රතු හුන්ඩුවා. ගෝටාබය මැතිතුමා ගෙ කාලේ කොරෝනා තිබිලත් හොදට කාලා බීලා ගමන් ගිහින් සැපට හිටියා. කාලකන්නි පචයා පච කියල පල්ලියේ මහ එකා එක්ක එකතු වෙලා සින්හල බවුද්ද රට විනාස කරා. දැන් කලකම් පල දීලා හිගන්නට.
Deleteගෝටාබය මැතිතුමනි. පව් කාරයින්ට සමාව දෙන්න.
මම කළුබෝවිල රෝහලේ සේවයකරන්නේ . මගේ ගම බලපිටය . ළමයි 3දෙනෙක් ඉන්න හදවත් වෙද්‍යවරයෙකු ලෙස මාගේ වැටුපෙන් බදු ලෙස මාසෙකට 127,000/- කපනවා . මම දැන් 127,000/- උපයන්විට බදු (payee tax )මාසෙකට ගෙවලා ලීටර් 15ක් ගන්න පෝලිමේ ඉන්න ගමන් කොහුවල සෙඩ් එකේ පැය 1යි විනාඩි 40ක් . ජනතාවට කියන්න තියෙන්නේ ඔබට බුදුසරණයි.
ReplyDeleteමම කළුබෝවිල රෝහලේ සේවයකරන්නේ . මගේ ගම බලපිටය . ළමයි 3දෙනෙක් ඉන්න හදවත් වෙද්‍යවරයෙකු ලෙස මාගේ වැටුපෙන් බදු ලෙස මාසෙකට 127,000/- කපනවා . මම දැන් 127,000/- උපයන්විට බදු (payee tax )මාසෙකට ගෙවලා ලීටර් 15ක් ගන්න පෝලිමේ ඉන්න ගමන් කොහුවල සෙඩ් එකේ පැය 1යි විනාඩි 40ක් . ජනතාවට කියන්න තියෙන්නේ ඔබට බුදුසරණයි.
ReplyDeleteගෘහස්ථ ගෑස් හිඟය සහ යුද්ධය අතර සම්බන්ධතාවක් නැත. කොමිස් ගැසීමේ අරමුනින් අත්දැකීම් බහුල, නැව් විශාල ගනනක් හිමි ඕමාන ලිට්රෝ සැපයුම්කරු ඉවත්කොට ස්විට්සර්ලන්තයේ කිසිදු හැකියාවක් නොමැති නව සැපයුම්කරුවකු පත්කිරීම නිසා ගෑස් අර්බුධය නිර්මාණය වී ඇත. තවදුරටත් මහජනතාව මුලාකල නොහැක.
ReplyDelete