රට පුරා ඉන්ධනහල් රැසක් වැසෙයි....


රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල තොග අවසන් වීම හේතුවෙන් ඒවා තාවකාලිකව වසා දමා ඇති බව පිරවුම්හල් හිමිකරුවන් පවසති.

පාරිභෝගිකයන් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමට පෙළඹීම හේතුවෙන් පවතින තොග ශීඝ්‍රයෙන් අවසන් වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. නව ඇණවුම් සිදු කර ඇතත්, එම තොග ලැබෙන තෙක් පිරවුම්හල් මෙලෙස වසා තැබීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරන්නේ රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවයි. 

සියලුම වර්ගයේ ඉන්ධන මාසයකට වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් වන පරිදි සුරක්ෂිතව ගබඩා කර ඇති බවද සංස්ථාව සඳහන් කරයි.

එමෙන්ම වර්තමානයේ පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුමට බලපෑමක් නොකරන බවත්, මෙරට ප්‍රධාන වශයෙන් ඉන්ධන ඇණවුම් කරන්නේ සිංගප්පූරුව සහ ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් බැවින් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් කියා සිටී.

5 Comments

  1. මුන්ගෙ බොරුවලට අහු වෙන්න එපා. අනවශ්‍ය විදියට රැස් කර ගන්නත් එපා. අඩු තරමෙ රටක මාස තුනකටවත් තෙල් සංචිත තියෙන්න ඕන. කයිවාරු ගහල ආවට වැඩ බෑ.

    ReplyDelete
  2. මෙරට ප්‍රධාන වශයෙන් ඉන්ධන ඇනවුම් කරන්නේ සිංගප්පූරුව සහ ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් වුවත් සිංගප්පුරුවට හා ඉන්දියාවට ඉන්ධන ගෙනෙන්නේ මැදපෙරදිගින්.. එම නිසා ඉන්ධන හිඟයක් ඇතිවෙන්න පුළුවන්. එත්නෙට එන්න කලින් QR කෝඩ් ක්‍රමය ඉක්මනින් ක්‍රියාත්මක කලොත් බරපතල තත්වයක් මගහැරගන්න පුළුවන් වෙයි.

    QR කෝඩ් ක්‍රමය ක්‍රියාත්මක කරන්න ලජ්ජා වෙන්න ඕන නැහැ

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ QR කෝඩ් වලට කියපු කුණු කතා වල හැටියට රෙද්දක් ඇඳගෙන ඒක ක්‍රියාත්මක කරන්න බැරි සීන් එකක් තියෙන්නෙ.
      මොකද එතකොට දැනට තියෙන 3%ත් නැති වෙයි කියලයි මුන්ට භය.

      Delete
  3. සට්ටැඹි ඩෝබි ඇබෑර්තු විශාල ප්‍රමාණයක් ඇත. නොමිලේම පුන්නක්කු සහ තණකොළ වලට අමතරව ආකර්ෂණීය වැටුපක්ද ගෙවනු ලැබේ.

    ReplyDelete
  4. muge magula thama... india and singapore wala thel tiyenewada unth genth middle east walin. me moda anduwa minisu rawattanawa dan meken wenne maseta tiyenewa kiwa tel tika 2 week walin iwara wene kee ethkota me kalakkina aduwa kiyavi minisu thel gahuwa nisa iwara una kiyala

    ReplyDelete
Previous Post Next Post