ශ‍්‍රී ලංකා වෙරලාසන්නයේදී ඉරාන යුද නෞකාවක් අප විනාශ කලා..- ඇමරිකාව


 ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ඉන්දියන් සාගර කලාපයේ යාත්‍රා කරමින් තිබූ ඉරාන නාවික හමුදාවට අයත් ‘Iris Dena’ නමැති යුද නෞකාවට ඇමරිකානු හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් එම නෞකාව මුහුදුබත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ඇමරිකානු ඇමරිකානු යුද ලේකම් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය ඇමරිකානු සබ්මැරීනයක් මගින් එල්ල කර ඇති බවයි

මෙම ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාව වහාම සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

මේ වන විට ඉරාන ජාතිකයන් 32 කු බේරාගෙන ඇති අතර මියගිය කිහිපදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

ආරක්ෂක අංශ ආරංචි මාර්ගවලට අනුව ඉරාන නාවිකයන් 101 දෙනෙකු පමණ තවමත් අතුරුදන්ව ඇත.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රකාශකයෙකු අතුරුදන් වූ සංඛ්‍යාව පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කර ඇති අතර, නෞකාව ගිලී යාමට හේතුව සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නොමැත.

පසුගිය සෙනසුරාදා ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව නිල වශයෙන් යුද ප්‍රකාශ කිරීමෙන් පසු මෙම ප්‍රහාර මාලාව ආරම්භ විය. ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය සඳහන් කරන්නේ තමන් මේ වන විට ඉරාන යුද නෞකා 17ක් ගිල්වා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයට එරෙහි යුද්ධයෙන් ඇමරිකාව ජයග්‍රහණය කරමින් සිටින බවත් අවශ්‍ය තාක් කල් සටන් කිරීමට තම හමුදාව සූදානම් බවත්ය.

මෙම යුදමය තත්ත්වය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් බවට එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම් චෝදනා කරති. මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධියේදී මෝල්ටා ධජය සහිත බහාලුම් නෞකාවකටද ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ


5 Comments

  1. ලංකාවෙ ගොන්නුත් හුන්ඩු කතා පස්සෙ යනවා. ඇමරිකාව ඇවිත් ගහල යනකම් දන්නෙ නෑ. ලංකාවේ මහ පාපිස්සයි අනිත් පාපිස්සො කියන කතාන්පස්සෙ යන්නෙ නැතුව මේවා ප්‍රශ්න කරන්න. මුන් කොහොමත් මිනිස්සුන්ගෙ අවදානෙ වෙනස් කරනවා හිටපු ගමන් පාර්ලිමේන්තුවේ ඇවිත්.

    ReplyDelete
    Replies
    1. correct me kupdi knows how to deviate attention
      1. Coal deal 2. Saley imprisonment to please logus 3. hate speeches to get attention of diaspora 4. Imprisonment of monks 5. Dita failure 6. Where is complaints against kaiyyanayake

      where is the promised justice
      Where is millions promised to ditta victims

      Delete
    2. හැක හැකMarch 4, 2026 at 9:53 PM

      කලින් දැනගන හිටියනම් හුන්ඩු කොටා ඕක නවත්වයිද?

      Delete
  2. ඉන්දියාවේ නාවික සංදර්ශ්නෙකට ඇවිල්ලා ආපහු යන නිරායුධ කුඩා නැවකට වැඩ පෙන්නන්න ගහලා

    ReplyDelete
    Replies
    1. අනිත් වීර ක්‍රියාව තමයි අවුරුදු 5 පොඩි දරුවො 100ක් මරපු එක.
      මූ රෙදි ඇඳගෙනද කතා කරන්නෙ?

      Delete
Previous Post Next Post