ලොව විශාලතම ගෑස් නිධිය පුපුරුවා හරිනවා..- ට්‍රම්ප්


ඉරානය විසින් දිගින් දිගටම කටාර් රාජ්‍යයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන්නේ නම්, ලොව විශාලතම ස්වභාවික ගෑස් නිධිය වන 'සවුත් පාර්ස්' (South Pars) ගෑස් නිධියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඊශ්‍රායලය විසින් පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි ඉරානයට අයත් ගෑස් නිධි පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත. 

ඉරානය සහ කටාර් රාජ්‍යය අතර බෙදාහදා ගන්නා මෙම සවුත් පාර්ස් ගෑස් නිධිය වර්ග කිලෝමීටර් 10,000ක් පුරා විහිදී පවතින අතර එය ලොව විශාලතම ගෑස් නිධිය ලෙස සැලකේ. ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කටාර් රාජ්‍යයේ ද්‍රව ස්වභාවික වායු (LNG) මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කර ඇති අතර, කලාපයේ අනෙකුත් බලශක්ති මධ්‍යස්ථාන වෙත ද ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර ඇත.

 තම සමාජ මාධ්‍ය ජාලය වන 'Truth Social' හි සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ, ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව අමෙරිකාව පූර්ව දැනුවත් වීමක් නොතිබූ බවයි. 

කෙසේ වෙතත්, ඉරානය විසින් මින් ඉදිරියට කටාර් රාජ්‍යයට පහර දෙන්නේ නම්, ඊශ්‍රායලයේ සහය ඇතිව හෝ නැතිව "ඉරානය මීට පෙර කිසි දිනෙක අත්විඳ නොමැති ආකාරයේ ප්‍රබල ශක්තියකින් යුතුව මුළු සවුත් පාර්ස් ගෑස් නිධියම පුපුරුවා හරින" බවට ඔහු අනතුරු ඇඟවීය. එසේම මින් ඉදිරියට ඊශ්‍රායලය විසින් මෙම ගෑස් නිධියට ප්‍රහාර එල්ල නොකරන බවට ද ඔහු පොරොන්දු වී තිබේ.

පවතින උණුසුම් තත්ත්වය හමුවේ අමෙරිකාව විසින් මැදපෙරදිග කලාපයට අමතර හමුදා භටයින් දහස් ගණනක් යැවීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. මෙම හමුදා ප්‍රධාන වශයෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ ඉරානයේ තෙල් අපනයනයෙන් 90%ක් පමණ සිදු කෙරෙන 'කාග් දූපත' ආශ්‍රිත මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඉරානයේ විරෝධය මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සිය විරෝධය පළ කර ඇත. විශේෂයෙන්ම කටාර්, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අමෙරිකානු ප්‍රහාර සඳහා ඔවුන්ගේ භූමිය ලබාදීම පිළිබඳව ඉරානය එහිදී දැඩි විරෝධය පළ කර තිබේ.

5 Comments

  1. එයාර් බස් ගනුදෙනුවේ මහින්ද සාක්කුවේ දාගත් මුදල කියා කපිල පාවාදෙයි, ගනුදෙනුවෙන් උපයාගත් රුපියල් මිලියන අසූවක මුදලක් ප්‍රභූන් දෙදෙනෙකු වෙත බෙදා දී තිබේ. ඒ අනුව, 2015 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමක් මත රුපියල් මිලියන විස්ස බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක මුදලක් බෙලිඅත්ත සහ කාල්ටන් නිවෙස්වලදී ඔහු වෙත ලබා දී ඇති බව අනාවරණය විය. ඊට අමතරව ඉතිරි රුපියල් මිලියන විස්සක මුදල හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ලබා දී ඇති බවත්, අදාළ අල්ලස් මුදල්වලින් කොටසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ගිණුමට ද බැර කර ඇත

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්දෙ පාස්කු වලට ඉස්සෙල්ල පිල්ලෙයාන්ව අල්ලපු වෙලාවෙ කිව්ව අන්න පිල්ලෙයාන් ඔක්කොම වමාරලා ගෝඨා කම්මුතුයි කියල..

      මේ අවුරුද්දෙ පාස්කු වලට ඉස්සෙල්ල සලේව ඇතුලට ගත්ත වෙලාවෙ කිව්ව අන්න සලේ ඔක්කොම වමාරලා ගෝඨා කම්මුතුයි කියල.

      දැන් කපිල චන්ද්‍රසේන ඇතුලට ගත්ත වෙලාවෙ කියනව කපිල ඔක්කොම වමාරලා මහින්ද කම්මුතුයි කිව්ව.

      ඔව්ව ගිහින් කියපන් කොන්ඩෙ බැඳපු චීනුන්ට.

      Delete
    2. කොටාට මහින්දයි, ගෝඨයි එක්ක බද්ධ වෛරයක් තියෙන්නෙ කොටාගෙ අතිජාත මිත්‍ර වේලුවයි,
      උගෙ මිනීමරු ත්‍රස්ත කල්ලියවයි නන්දිකන්ඩාල් යවල යුද්ධෙ අවසන් කරපු එකට.

      Delete
    3. Colombo, March 19 (Daily Mirror) - Lawyers for former SriLankan Airlines CEO Kapila Chandrasena have released an affidavit stating that his earlier statement to the Commission to Investigate Allegations of Bribery or Corruption was obtained under alleged intimidation and he was threatened to include the names of former President Mahinda Rajapaksa and MP Namal Rajapaksa in his statement.

      Earlier, the Commission to Investigate Allegations of Bribery or Corruption informed the Colombo Magistrate’s Court that Kapila Chandrasena had stated, in a statement to the Commission, that a sum of Rs. 60 million received as a bribe in the controversial 2016 Airbus transaction was handed over to then President Mahinda Rajapaksa.

      The Commission to Investigate Allegations of Bribery or Corruption informed court that, according to the statement by the suspect, a sum of Rs. 60 million that he had received was allegedly paid in three instalments to former President Mahinda Rajapaksa, while a further sum of Rs. 20 million had been given to former Civil Aviation Minister Priyankara Jayaratne.

      In the affidavit dated March 18, Chandrasena claimed that his statement to the Commission was not given voluntarily. He alleged that he was taken out of the recording room during questioning and threatened by officials, including the Director General of the Commission.

      According to the affidavit, Kapila Chandrasena stated that any references in his statement to former President Mahinda Rajapaksa and MP Namal Rajapaksa, over their alleged influence, or any improper financial involvement in the SriLankan Airlines Airbus transaction, were not made voluntarily.

      He claimed that such statements were obtained under intimidation and threats, alleging that officials, including the Director General of the Commission to Investigate Allegations of Bribery or Corruption, created a fear for his life and coerced him into making those claims.

      Delete
    4. හැක හැකMarch 20, 2026 at 1:41 AM

      දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දීපල්ලකො මිලියන ගානක් කොහොමද මහින්ද සාක්කු දාගත්තෙ කියල. ඒක සාක්කුවක්ද නැත්නම් පෝර උරයක්ද?

      Delete
Previous Post Next Post