රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
වෛද්‍යවරුන්ගේ ගැටලු විසදිම වෙනුවෙන් ආණ්ඩුව දක්වන නිද්‍රාශිලි ප්‍රතිපත්තිය හමුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තිව්‍ර කිරීම.
විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 23000 කට අධික ප්‍රමාණයකගේ ගැටලු විසදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් ලිඛිත එකඟතා උල්ලංඝනය කිරීම නිසා ආරම්භ වුණු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාව තවදුරටත් උත්සන්න වීමට හේතු වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය මෙම ගැටලු විසදීම සඳහා කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදු නොකර සිටීමයි. .
මේ වන විට සිදු කරගෙන යනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව තවදුරටත් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යමකාරක සභාව තීරණය කල අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල තවත් දිගුවක් ලෙස මධ්‍යම කාරක සභා තීන්දුවට අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2026.03.02 සිට “ආරෝග්‍යා ව්‍යාපෘතිය” හා සම්බන්ධ කටයුතු වලින් සම්පූර්ණයෙන් ඉවත් වෙන ලදී.
මෙම “ආරෝග්‍යා ව්‍යාපෘතිය”, එහි අවශ්‍යතාවය, අරමුණු සහ අනිකුත් තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවස්ථා ගණනාවකදි සාකච්ඡා ඉල්ලා සිටියද ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශවයෙන් නිශ්චිත ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැත. දැනටමත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අන්තර්ජාතිකව පැසසුමට ලක් වී ඇති පසුබිමක සහ අප රට තුල දීර්ඝ කාලයක සිට ස්ථාවර වූත්, ශක්තිමත් ප්‍රාථමික සත්කාර සේවා යාන්ත්‍රණයක් ද පවතින මොහොතක තවත් “අමතර” ප්‍රාථමික සත්කාර සේවා යාන්ත්‍රණයක අවශ්‍යතාවය ප්‍රශ්ණාර්ථයක් වී පවති.
දැනටමත් පවතින ප්‍රාථමික සත්කාර සේවා යාන්ත්‍රණයට පවා වෛද්‍ය හිඟය සහ අනිකුත් මානව සම්පත් හිඟය දැඩි ලෙස බලපා ඇති අවස්ථාවක එම ගැටලු විසදනවා වෙනුවට තවත් ප්‍රාථමික සත්කාර සේවා යාන්ත්‍රණයක් ආරම්භ කිරීම දේශපාලනික අවශ්‍යතාවයක් පමණක් බව අපගේ නිරික්ෂණයයි. මෙම දේශපාලනික අවශ්‍යතා නිසා තවදුරටත් සිදු වන්නේ වෛද්‍ය හිඟය තව තවත් රට තුල උග්‍ර වීම වන අතර ඒ තුලින් දැනටමත් අපහසුවෙන් පවත්වාගෙන යනු ලබන ප්‍රාථමික සෞඛ්‍ය සේවා යාන්ත්‍රණය බිඳවැටීයාම සිදුවීමේ තර්ජනයක්ද ඇති වී තිබේ. මෙමඟින් කබලෙන් ලිපට වැටෙන්නේ රෝගී ජනතාවයී.
දැනටමත් ඉතා දැඩි වෛද්‍ය හිඟයකින් සහ මානව සම්පත් හිඟයකින් යුතුව ඉතා අපහසුවෙන් කටයුතු කරගෙන යන ප්‍රාථමික සත්කාර සේවා සපයන සෞඛ්‍ය ආයතන සම්බන්ධව සමීක්ෂණයක් සිදු කරමින් අදාල ගැටලු සම්බන්ධව දත්ත එක්රැස් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සමිති සියල්ල නියෝජනය වන පරිදි ක්‍රියාකාරි කමිටුවක් පසුගිය 25 වැනි දින මධ්‍යම කාරක සභාවේදි ස්ථාපනය කරන ලද අතර එම කමිටුව මඟින් ඉදිරි සති 2 ක කාලය තුලදි ඉහත ගැටලු සම්බන්ධ විශ්ලේෂණාත්මක අධ්‍යයනයකින් පසුව වාර්තාවක් ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.
එම වාර්තාව මත පදනම් වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව මගින් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබද තීරණ ලබා ගැනීමට නියමිත වේ.
නිදහස් සෞඛ්‍ය සේවාවට එල්ල වී ඇති අභියෝග සහ ගැටලු විසදමින් රෝහල් පද්ධතියත් ජන ජිවිතත් ආරක්ෂා කිරීමේ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට ඕනෑම තත්ත්වයක් යටතේ රජය සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශය බැඳී සිටින බව අවධාරණය කරමු.

ඔය කියන කිසිම දෙයක් තේරෙන්නේ නැති පිරිසකට ඡන්දෙ දීල දැන් කෙඳිරි ගානවා
ReplyDeleteඋන් දන්නෙ wipakshe ඉද්දි ස්ට්‍රික් කරන්න විතරයි.
ReplyDelete