මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ඉන්ධන මිල ඉහළ යාම මත පදනම්ව, අවශ්‍ය වුවහොත් යළිත් වරක් විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවස්ථාව පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
අපේ‍්‍රල් 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් අතර, ඒ අනුව සියයට 4.3 සිට සියයට 25.3 දක්වා පරාසයක විවිධ කාණ්ඩ යටතේ ගාස්තු ඉහළ නංවා ඇත.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කේ. පී. එල්. චන්ද්‍රලාල් මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ මෙවර ගාස්තු සංශෝධනයේදී කරුණු කිහිපයක් සැලකිල්ලට නොගත් බවයි.
විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට එල්ල විය හැකි බලපෑම, ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය, පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනයට එල්ල වී ඇති බාධා ආදියේ බලපෑම මෙම සංශෝධනයට අදාල කර නැත.
මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම කරුණු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිවැය සියයට 15කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සනාථ වුවහොත්, මණ්ඩලය කරන ඉල්ලීමක් මත යළිත් ගාස්තු සංශෝධනයක් පිළිබඳව සලකා බැලීමට කොමිෂන් සභාවට සිදුවන බවයි.

විදුලිබිල 1000% වැඩිකරත් අපි මාලිමවට
ReplyDeleteඔය උඩ comment එක දාපු කෙනා,අපේ
ReplyDeleteබිලත් ගෙවන්න පුළුවන්ද.
පාහර බල්ලෝ, කාපියව් ගූ 😡🤮 මහජනතාවට කරන මේ අසීමාන්තික තාඩන පීඩන, අසාධාරණ බදු වලින් ජනතාව හූරා කෑමේ ප්‍රති විපාක තොපිට ඉතාම ඉක්මණින් විකිණීමට ලැබේවි යම ලෝකයේදී 😡🤮
ReplyDeleteයුද්ධෙ හින්ද නෙවෙයි යකෝ. මේ ආණ්ඩුවේ කොමිස් ගල් අඟුරු හින්ද.
ReplyDelete