රනිල්ගේ සංචාරය ගැන වුල්වර්හැම්ප්ටන් සරසවියේ ලිපියෙන් නීතිපති දෙපාර්තමේන්තුව දෙකට බෙදේ..

 


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේදී සිදුකළ බ්‍රිතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවත්වන විමර්ශනවලට අදාළව, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය ලබාදුන් ප්‍රතිචාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව තුළ මත දෙකක් නිර්මාණය වී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට ගෞරව මහාචාර්ය ධුරයක් පිරිනැමීමේ උත්සවයට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපතිවරයා රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව පිළිබඳ විමර්ශන අවසන් කිරීම, මෙම මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ප්‍රමාද වී තිබේ.

සන්ඩේ ටයිම්ස් පුවත්පත ඉකුත් සතියේ අනාවරණය කළ පරිදි, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විද්‍යුත් තැපෑලෙන් දැනුම් දී ඇත්තේ අදාළ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන ලෙස තමන් හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කළ බවයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ එක් පාර්ශ්වයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය අනුමත කරමින් පවසන්නේ විශ්වවිද්‍යාලයේ එම පිළිතුර පිළිගත නොහැකි බවයි. එහෙත් දෙපාර්තමේන්තුවේ තවත් පාර්ශ්වයක් එම පිළිතුර පිළිගත හැකි බවට මත පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුර අධ්‍යයනයක නිරත වන අතර, ඉන් අනතුරුව ඉදිරි පියවර තීරණය කිරීමට නියමිත බව පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම මතභේදය හේතුවෙන් අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීම හෝ ඉල්ලා අස්කර ගැනීම පිළිබඳ තීරණය පමාවී ඇති අතර, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත් අකුරු සාම්පල පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තා ද මෙතෙක් ලැබී නොමැත.

නඩුවේ පැමිණිල්ල මෙහෙයවන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, අදාළ වාර්තා කඩිනමින් ලබාගන්නා ලෙසත්, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව වාර්තා වේ. මෙම නඩුව ලබන අප්‍රේල් 28 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත කැඳවීමට නියමිතය.

9 Comments

  1. ආණ්ඩුවට පස්ස දෙන්න උන්ගේ පදේට නටන්න ගිහින් නීතිපති දෙපාර්තමේන්තුවත් බලු වෙලා... ඊයා... ලැජ්ජයි ඕයි...

    ReplyDelete
    Replies
    1. Dileepa podi putu ta redde revila thiyenne

      Delete
  2. රාජ්‍ය තාන්ත්‍රික වෙන්නේ රජයන් දෙකක් අතර නිල ආරාධනයෙන් වන සංචාරයක් වන අතර , පුද්ගලික ආයතනයක් ආරාධනා කීරීම රාජ්‍ය තාන්ත්‍රික නොවන බව කිව යුතුය. එහෙම නම් එම ආයතනය සියළුම වියදම් දැරිය යුතුය. මහජන මුදල් එවැනි සංචාර සදහා වියදම් නොකිරීමට සියලු දෙනා වග බලා ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. Gon pahara pakaya, nodanna dewal kata nokara hitapiya. ADB, World bank, Economic forum, ena invitiation thopi Bic quechan giye uge salli walinda, World economic forum eka koi ratatda aithi. Anika, University of Wolverhampton kiyanne public uni ekak, nodakn Dobi pakacharya.

      Delete
  3. කොට්ටෝරුවා ට වුණා වගේ වේවිද?

    ReplyDelete
  4. එංගලන්තයේ විශ්වවිද්‍යාලයක නිල ලිපියක් පිළිගන්න බැහැ කියන්නෙ ඒ විශ්වවිද්‍යාල වලින් දෙන උපාධිත් පිලිගන්න බැහැ කියන එකයි. මුන්ට පිස්සුද?. කොහොමහරි කබරයා තලගොයා කරලා මරලා කන්නයි යන්නෙ.

    ReplyDelete
  5. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක් කියන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය කොටසක් නෙමෙයි. ඒක පුද්ගලික ආරාධනාවන්. නිල රාජ්‍ය තාන්ත්‍රික කියන්නේ රටවල් දෙකක අතර වන කටයුත්තක්.

    ReplyDelete
    Replies
    1. Thoge mole koheda pakayou thiyenne...Den worl econmic forum eka kohedatiyenne, potta wasanthaya sahabagi una eka koi ratedda.. Official wenna ratawal wenna ona naha gon pakayo...

      Delete
  6. ADB, world Bank, වගේ ආයතනයක් කටයුතු කරන්නේ රාජ්‍ය තාන්ත්‍රිකව තමයි, එහෙම නැතිව උබල කියන බිග් කුචිචන්ට ලවි ලෙටර් ලියල ආරාධනා කරන්නේ නැහැ. මේකෙ හරි වැරැද්ද රනිල් මහත්තයා දන්නව, උබල වගේ හරක් ටිකක් දාලා බලනවා වැඩේ ෂේප් කරගන්න පුළුවන්ද කියලා.

    ReplyDelete
Previous Post Next Post