කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මරදාන අන්තයේ සහ බම්බලපිටිය අන්තයේ මගී පාලම් ඉවත් කර විශේෂ අවශ්‍යතා ප්‍රවේශය සහිත නව පාලම් ඉදිකිරීම් හා මගී පාලම් සමඟ නව ප්‍රවේශ පත්‍ර කවුළු ඉදිකිරීම සහ තෙමහල් සේවා ගොඩනැගිල්ල ඉදිකිරීම ඇතුළත් කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා 2025 -06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කර ලංසු කැඳවා ඇත.
ආයතන 04 ක් විසින් ලංසු ඉදිරිපත් කර ඇති අතර, එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. MAGA Engineering (Pvt) Ltd වෙත රුපියල් මිලියන 2,162.64 ක මුදලකට (බදු රහිත ) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාක්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඔ්ක විකිණීමෙන් හැර ගොඩ දාන්න බෑ. ඔය සල්ලි අපරාදෙ
ReplyDelete