මධ්‍යම පළාත් සභාවේ මධ්‍යම පළාත් සභවේ කෘෂිකර්ම සුළුවාරිමාර්ග සත්ව නිෂ්පාදන හා සංවර්ධන ගොවිජන සංවර්ධන මිරිදිය ධීවර පරිසර කටයුතු හින්දු සංස්කෘතික සහ වතු යටිතල පහසුකම් මාත්‍යාංශය 2025 වසරේ ප්‍රගතිය සහ 2026 වසරේ ඉදිරි වැඩසටහන් පිළිබඳ සාකච්චාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවැත්විණ.
මෙහිදී අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය.
“පළාත් සභාවල අපිට තියෙන එක අභියෝගයක් තමයි වසරකට වෙන්වෙන මුදල් ප්‍රතිඵලදායී ලෙස අවසන් කර ගැනීමේ අභියෝගය. මුදල් ටික ප්‍රතිඵලදායී ලෙස බෙදිලා ගියොත් ආර්ථික වර්ධනයක් කොහොමත් සිද්ද වෙනවා. මැයි මාසයේ 15 වෙනිදාට කලින් ලබන අවුරුද්දට යෝජනා ලබා දිය යුතුයි. ජාතික වශයෙන් බැලුවොත් අපිට මූලික කටයුතු දෙකක් තියෙනවා. අපේ රට කඩා වැටීමට බලපාපු හේතු දෙකක් තියෙනවා. අපි ඒ දෙක කොහොමහරි හදා ගත යුතුයි. ඒ මූලික කාරණා දෙක තමයි දේශපාලනය සහ රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් දැන් අපට කියන කාරණය තමයි පුරප්පාඩු පිළිබඳ ගැටළුව. දැන් රාජ්‍ය සේවයට එන්නැති ප්‍රශ්නයක් තියෙනවා. තමන් ඉල්ලන තැන නොලැබුණොත් රස්සාව භාර ගන්නේ නැහැ. එතකොට පරණ අයට ස්ථාන මාරු දෙන්න බැරි වෙනවා. රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප හින්දා මිසක් නැත්නම් කවුරුත් එන්නේ නැහැ. හොඳ නිල නිවාස නැහැ. පසුගිය කාලයේ අපේ රටේ රාජ්‍ය සේවය වැඩියි කියලා ලොකු සාකච්ඡාවක් තිබුණා.
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය බඳවා ගැනීම් රාශියක් තියෙනවා. විශේෂයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 40%ක් අඩුයි. අපිට දත්ත ටික එන්නේ ඔවුන්ගෙන්. මේක අපිට බරපතල අභියෝගයක් වෙලා තියෙනවා.
දැන් අපිට අවශ්‍ය තරම් සහල් තිබෙනවා. සමහර සහල් වර්ගවල අඩු වැඩිවීම් තියෙනවා. ගොවියාට තමන් නිෂ්පාදනය කරන දේ සතියක් දෙකක් තියාගන්න බැහැ. ඒක රටේ බරපතල ප්‍රශ්නයක්. කිරි නිෂ්පාදනය ගත්තොත් අපි එයින් 40%ක් වගේ තමයි අපි විසින් නිෂ්පාදනය කරගන්නේ.
ඉඩම් අමාත්‍යාංශය අපේ යටතේ තියෙන නිසා බොහෝ අය ඉඩම් ඉල්ලගෙන එනවා. එන තරමක් එන්නේ අඹ වවන්න ඉඩම් ඉල්ලගෙන. කිරි හරක් 10ක් 15ක් හදන්න ඉඩම් ඉල්ලන් කවුරුත් එන්නේ නැහැ. වී වගා කරන ගොවීන්ව කිරි හරක් දෙන්නෙක් හදන්න උනන්දු කරවන්න ඕනේ. ඒක ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන් පැත්තක්.
අපි පසුගිය කන්නයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ක එකතු වෙලා සැලසුම් කළා යාය 500 කියලා වැඩසටහනක්. ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ යෙදෙන අය තමන්ගේ ආර්ථිකය වර්ධනය කරගන්න තියෙන කැපවීම මදි. අපේ අමාත්‍යාංශය යටතේ තියෙනවා ආයතන 30ක්.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කෘෂිකර්ම අපනයන ගම්මාන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. අපි මේ කල්පනා කරන්නේ කොහොමද ඒ වැඩේ කරගන්නේ කියලා. අපි යම් ආකාරයක ආහාර සුරක්ෂිතතාවයක් ඇති කරගෙන තියෙනවා.”
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් මධ්‍යම පළාත් සභවේ කෘෂිකර්ම සුළුවාරිමාර්ග සත්ව නිෂ්පාදන හා සංවර්ධන ගොවිජන සංවර්ධන මිරිදිය ධීවර පරිසර කටයුතු හින්දු සංස්කෘතික සහ වතු යටිතල පහසුකම් මාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී විය.

159 ඉස්සෙල්ලාම බෙදමු.
ReplyDeleteEgollo wada karai..Uba parissam weyan ..Harak lori enawa , Hangenna balapan
Deleteඒක ලොරියට 53 ගාන්නෙ ලොරි 3 ක් එනව
Deleteubata chande dunnu ewun dennek hoyala kanna dila balaganin...amuthuwen harak ona ne.
ReplyDeleteගවයො ගවයොන්ටම වේ ඡන්දෙ දුන්නෙ
Deleteඅමු ගවයා
ReplyDeleteWhy 2 ????? There was 159 Donkeys' in parliament !!!!
ReplyDeleteමුගේ ගොනා කානුවේ
ReplyDeleteදැනට 159 ක් ඉන්නවා....උන් හොඳට හානව.
ReplyDeleteuba inna nisa, ublage gedrata thwa ekai ona
ReplyDelete