දෙවැනි ඉරාන නෞකාව පානදුර අසල මුහුදේ... ලංකාවට ඇතුළුවෙන්න අවසර ඉල්ලයි..


ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ රැඳී සිටින දෙවන ඉරාන යුද නෞකාවකට මෙරට වරායක් වෙත ඇතුළු වීම සඳහා අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි
.

පසුගිය බදාදා ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේදී ඇමරිකානු සබ්මැරීන් ප්‍රහාරයකින් විනාශ වූ නෞකාවේ සහායක නෞකාවක් ලෙස සැලකෙන මෙය, දැනට පානදුර මුහුදු තීරයට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවේ රැඳී සිටියි.

අදාළ නෞකාව ආහාර සහ පානීය ජලය ලබාගැනීම සඳහා පැය 24ක කාලයකට මෙරට වරායක් වෙත පැමිණීමට ඔවුන් අවසර ඉල්ලා ඇත. නෞකාවේ කාර්ය මණ්ඩලය 100කට අධික පිරිසක් සිටින බවත්, පසුගියදා එල්ල වූ ප්‍රහාරය හමුවේ ඔවුන් ද දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇති බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තහවුරු කළේ මෙම දෙවන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව පවතින නමුත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කළ නොහැකි බවයි.

ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවික භටයන් 87 දෙනෙකුගේ දේහයන් භාරදීමට ගාල්ල බලධාරීන් කටයුතු කරමින් සිටින අතර, දිවි ගලවා ගත් නාවිකයන් 32 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබති.

තුවාලකරුවන් සඳහා රෝහලේ වෙනම වාට්ටුවක් වෙන් කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව සපයයි.

ඔවුන්ගෙන් බහුතරයකට සුළු තුවාල, අස්ථි බිඳීම් සහ පිළිස්සුම් තුවාල පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේ අතුරුදන් වූ ඉරාන නාවිකයන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි

ඉන්දියාවේ විශාඛාපට්නම් හි පැවති යුද අභ්‍යාසයකට සහභාගී වී යළි පැමිණෙමින් සිටියදී මෙම නෞකාව ගාල්ලට කිලෝමීටර් 40ක් දකුණින් වූ ප්‍රදේශයේදී ප්‍රහාරයට ලක්ව ඇත.

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන අතර, ගැටුම් සමනය කර ගැනීමට සාකච්ඡා මාර්ගයට එළඹෙන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටියි.

ඉරානය මෙරට තේ අපනයනය සඳහා වන ප්‍රධාන වෙළඳපොළක් වීම ද විශේෂත්වයකි.



10 Comments

  1. Iran is a country that stood by Sri Lanka all this time. Even buying large tea while they had economic sanctions. Sri Lanka should return the favour.

    ReplyDelete
    Replies
    1. No need . we do not need the heat. let them resolve their differences elsewhere.

      Delete
    2. fuck you ISIS pig. we don't need ISIS pigs in our country.

      Delete
    3. We returned the favour by building enormous mosques all over our country. That’s enough. Let them resolve their problems.

      Delete
  2. ඒකට ඉන්දියාවට යන්න කියපල්ලා. අපිට බෝම්බ පාරවල් කන්න බෑ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන.

    ReplyDelete
  3. ලෝකෙ මෙච්චර රටවල් තියෙද්දි මේක වටේම කැරකෙන්නෙ අපටත් ට්‍රම්පච්චිගෙන් පුඩිය සෙට් කොරන්නද?

    ReplyDelete
  4. තේ ගත්ත තේ ගත්ත කියල වැලලෙනවා. තේ අරන් මුස්ලිම් පල්ලි හදන්න ආදාර දුන්නා. කොච්චර මුස්ලිම් පල්ලි හැදුනද. බදුල්ලෙ සහ අම්පාර තිහාරිය වගේ ප්‍රදේශ වල. ඉරානෙ පසියානු ජනතාවට දීලා මේ ඉස්ලාමීය අන්තවාදීන් පරාජය කල යුතුයි. You can solve your problem with USA. We don’t need to involve

    ReplyDelete
  5. We Sri Lankans should not be ungrateful like bloody Jeppo ...........

    ReplyDelete
    Replies
    1. We baiyas love giving our asses to islam terrorists.

      Delete
Previous Post Next Post