සාමාන්‍ය දිනක නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය මෙන් එකහමාරක ගුණයක් මාර්තු 02 දින තුළ වෙළඳපොළට නිකුත් කර ඇති බැවින්, ඉන්ධන ලබාගැනීම සඳහා ජනතාව කලබල විය යුතු නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි.
ජනතාව කලබල වී ඉන්ධන ලබාගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඊයේ උදෑසන වන විට පිරවුම්හල් රැසක ඉන්ධන තොග අවසන් වී තිබූ බවත්, ඒ අනුව ඊයේ පෙරවරු 6.00 සිට යළිත් ඉන්ධන නිකුත් කිරීම අඛණ්ඩව ආරම්භ කළ බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ඊයේ පස්වරු 6.00 වන විට වෙළඳපොළට නිකුත් කර ඇති ඉන්ධන ප්‍රමාණයන් මෙසේය:
- සාමාන්‍ය ඩීසල්: ලීටර් 842,810
- ඔක්ටේන් 92 පෙට්‍රල්: ලීටර් 95,700
- ඔක්ටේන් 95 පෙට්‍රල්: ලීටර් 597,000
- සුපර් ඩීසල්: ලීටර් 184,800
ප්‍රවාහනයේදී සිදුවන සුළු කාල පරාසයන් හේතුවෙන් ඇතැම් ස්ථානවල යම් ප්‍රමදයන් තිබිය හැකි වුවද, සමස්තයක් ලෙස ඉන්ධන පෝලිම් ඇතිවීමට කිසිදු හේතුවක් නොමැති බව ඒ මහතා අවධාරණය කළේය.
කොළඹ බේස්ලයින් පාර ඇතුළු ප්‍රදේශ කිහිපයක් නිරීක්ෂණය කිරීමේදී පෝලිම් දක්නට නොලැබුණු බවත්,
අද උදෑසන වන විට ඉන්ධන බෙදාහැරීමේ තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එබැවින් කලබලයකින් තොරව සාමාන්‍ය පරිදි තමන්ට අවශ්‍ය ඉන්ධන ලබාගන්නා ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

තව දවස් දෙකතුනක් යනකොට ඔහොම දීලත් මදිවෙයි.
ReplyDeleteKanchanage QR code ekai, Giya andu ekka wada karapu OIl and gas supplier ekkai thamai weda karanna wenne. 77 wasare sapayak naha kiyannai wenne.\, anthimata.
ReplyDeleteKanchana ගෙ QR CODE එක තමයී එකම විසදුම
ReplyDelete