මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මධ්‍යධරණී සහ ගල්ෆ් මුහුදු කලාපයේ නාවික ගමනාගමනයට දැඩි බාධා පැමිණ ඇති අතර, මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්‍රියාවලියට ඉදිරි දිනවලදී සැලකිය යුතු බලපෑමක් එල්ල වනු ඇතැයි රජය පවසයි.
තේ අපනයනයට එල්ල වී ඇති බලපෑම විශේෂයෙන්ම මෙරට නිෂ්පාදනය කෙරෙන මැද රට තේ සඳහා ඉහළම ඉල්ලුමක් පවතින්නේ ඉරානය සහ ඉරාකය වැනි මැද පෙරදිග රටවලින් බව පෙන්වා දෙන අමාත්‍ය අනුර කරැණාතිලක මහතා, වත්මන් තත්ත්වය හමුවේ එම අපනයන කටයුතු අඩාල වී ඇති බව ප්‍රකාශ කළේය.
ගල්ෆ් කලාපය හරහා සිදුවන වෙළඳ නාවික ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිට ඇති බැවින්, තේ ඇතුළු අපනයන භාණ්ඩ මැද පෙරදිග කලාපය වෙත යොමු කිරීමේදී ගැටලු රැසක් පැනනැගී ඇත.
වරාය පරිශ්‍රය තුළ අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා අමාත්‍යවරයා අපනයනකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරයි. එනම්, මැද පෙරදිග කලාපයට යොමු කිරීමට නියමිත තේ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය දැනට වරාය වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසයි.
මෙම තත්ත්වය පිළිබඳ නිශ්චිත නිගමනයකට එන තෙක් අදාළ නිෂ්පාදන, නිෂ්පාදනය කරන ස්ථානවලම තබා ගන්නා ලෙස ඔහු වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය. ඉදිරියේදී පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අපනයන සඳහා විකල්ප වෙළඳපොළවල් වෙත යොමු වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
නාවික ගමනාගමනයට අමතරව ගුවන් ගමන් සඳහාද මෙම යුදමය තත්ත්වය ප්‍රබලව බලපා ඇත. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්වීමට නියමිතව තිබූ සහ පැමිණීමට තිබූ ගුවන් ගමන් 125ක් පමණ මේ වන විට අවලංගු වී තිබේ. ඉරානය, බහරේනය, අබුඩාබි, ඩුබායි සහ සාජා වැනි රටවල ගුවන් කලාප වසා දැමීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.
යුරෝපය වැනි බටහිර රටවල් වෙත මැද පෙරදිග හරහා ගමන් කිරීමට සිටි මගීන් සඳහා තුර්කිය වැනි විකල්ප ගමනාන්ත හරහා ගුවන් සේවාවන් ක්‍රියාත්මක කිරීමට අදාළ ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් පවතින බවද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. තවද, ගුවන් තොටුපළේ රැඳී සිටින මගීන් සඳහා අවශ්‍ය ආහාර සහ නවාතැන් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවද හෙතෙම පැවසීය.
නැගෙනහිර සිට බටහිරට යාත්‍රා කරන භාණ්ඩ ප්‍රවාහන නැව් සඳහා කොළඹ සහ හම්බන්තොට වරායන් හරහා අවශ්‍ය පහසුකම් සැපයිය හැකිද යන්න පිළිබඳවද මේ වන විට අවධානය යොමුව තිබේ

ලංකාවේ තේ වැඩියෙන්ම ගන්නේ රුසියාව, ඉරානේ. දැන් ඒකටත් කෙළවෙන්න යන්නේ.
ReplyDeleteමදෑ මහතැන තේ වතුවලට ගිහින්ල, තේ දලු කඩන ගෑණුන්ගෙ අත්වල කරගැටේ අතගාල තොත්තුවකුත් දීල ආපහු ආව විතරයි
Deleteඒ තේ කර්මාන්තයටත් කනකොකා හැඬුව.
මේ කාලකන්නි රට බාරහත්ත දවසේ ඉඳන් කොහේ හරි තියන කරුමයක් හරි මේ රටට කඩන් වැටෙනවා. ගංවතුර, සුලිසුලන්, රිය අනතුරු, යුද්ද. අවුරුදු ගානක් හිටපු ආණ්ඩුවලට ඔලුව උස්සන්ඩ දුන් නැති උන්ගේ මූසලකම තමය්.
ReplyDelete