රජය විසින් සිදු කරන ලද නවතම ඉන්ධන මිල සංශෝධනයත් සමඟ බස් ගාස්තුව ද වහාම සංශෝධනය විය යුතු බව පෞද්ගලික බස් රථ සංගම් අවධාරණය කර සිටියි.
මෙම තත්ත්වය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා බස් රථ සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද (22) දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ මිල සංශෝධනයට අනුව ඩීසල් මිල 26% කින් පමණ ඉහළ ගොස් ඇති බවත්, මීට පෙර අවස්ථාවලදී ද සැලකිය යුතු ලෙස මිල ඉහළ දැමීම හේතුවෙන් බස් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් එම සංගම් පෙන්වා දෙයි.
මේ හේතුවෙන් මෙවර අනිවාර්යයෙන්ම බස් ගාස්තු සංශෝධනයක් බලාපොරොත්තු වන බව පවසන බස් රථ හිමියන්, මේ සම්බන්ධයෙන් රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් කළහ.

ඩීසල් මිළට සරිලන ලෙස බස් ගාස්තු වැඩිවීම සාධාරණයි. සෘජුවම සම්භන්ධ දෙයක් නේ. ත්‍රී වීල් ගාස්තුත් සංශෝධනයකට යා යුතුයි ඉක්මණින් ම. ඒ වගේමයි බේකරි, විශේෂයෙන් පාන්, මාළු පාන්, රෝස් පාන්, සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය වලත් මිළ ඉහල දාන්න වෙනවා, අමු ද්‍රව්‍ය ප්‍රවාහනය, උඳුන් හා අනෙකුත් යන්ත්‍රොපකරණ සඳහා ඉන්ධන භාවිතය, සහ, නිෂ්පාදන ප්‍රවාහනය, වගේ දේවල් නිසා. අනෙකුත් බඩු භාණ්ඩ වල මිළත් ඉහල යයි. හැබැයි මිළ ඉහළ ගියත් රටේ බඩු තියෙනවා. මිළ ඉහල යන්නේ රට තුළ භාණ්ඩ හා සේවා අඩු වීම නිසා නෙවේ, ආණයනික භාණ්ඩ හා ඒවාට සම්භන්ධිත වෙනත් භාණ්ඩ වලට විදේශීය වෙළඳපලට ගෙවිය යුතු මිල ඉහළ යාම නිසා. දුප්පත් රටවල් වලට මේ වින්නැහිය වෙනවා හැම වෙලාවෙම ලෝකයේ ආර්ථික අර්බුධයක් එනකොට, මොකද පෝසත් රටවල් වල මිනිස්සුන්ට හැකියාව තිබෙනවා වැඩි මිළක් ගෙවා අඩු සුලභතාවයකින් පවතින භාණ්ඩ හා සේවා විවෘත්ත වෙළඳපළේ දී මිළදී ගැනීමට. ඒකට ඉතින් අපි බණින්ඩ ඕනෑ විදේශ රටවල් වලට නෙවේ, ඒ රටවල් වල හිටපු නායකයො බුද්ධිමත්ව වැඩ කරපු නිසා වර්ථමානයේ ඒ රටවල් දියුණුයි, අපේ රටේ නායකයො තමන්ගේ බඩ වියත පුරෝගත්ත එක විතරයි වුණේ පහුගිය අවුරුදු හැත්තෑ ගාණක් තිස්සේ, මේ ආණ්ඩුව එනකම්ම. ඉතින් අපිට ප්‍රශ්ණ. නමුත් බුද්ධිමත් ජනතාව තේරුම් අරන් ඉන්නේ. ප්‍රවේශමෙන් ආර්ථිකය ලෝක ආර්ථික අර්බුධයක හිර වෙලා ඉන්න වෙලාවේ හසුරුවන විදියට ලංකා ආණ්ඩුවට ජනතා කැමැත්ත උපරිමයෙන් ලැබෙනවා.
ReplyDeleteඅනේ අනේ පචරෙන ගලේපහරති. ඔය හිච්චි මොලේට අබ දැම්මෙ කවුද? දියව් දියව් කිය කිය, බෙලි කපල වැටවල්වල ගහමින්, රජයේ හා පෞද්ගලික දේපල ගිනි තියමින්, කලාකරුවන් හා ආචාර්ය මහාචාර්ය වරුන් මරාදමමින් මේ ත්‍රස්තවාදීන් උතුරේ මෙන්ම දකුණේද සිදුකළ මහා විනාශයන් නිසාම රට වලපල්ලට ගියබව වහන්න බෑ ඔය සට්ටැඹි ඩෝබි අඳෝනාවෙන්
ReplyDeleteදවසක් දා භික්ෂූන් වහන්සේලා දෙනමක් ගමනක් ගියා. යනකොට මේ දෙනමට ගංගාවක් හමුවුණා. ගඟේ වතුර ටිකක් සැරයි. ගඟ අයිනේ කාන්තාවක් හිටියා එගොඩ වෙන්ඩ බැරුව. එක භික්ෂුන් වහන්සේ නමක් කාන්තාව දිහා නොබලා ගඟෙන් එතෙර වුණා. අනික් භික්ෂුව කාන්තාව කරේ තියාගෙන එතෙර කෙරවූවා. පස්සේ දෙනමම ආපහු තම ගමන ආරම්භ කලා. බොහෝ දුරක් නිහඬව ගමන් කල දෙනම, කාන්තාව දෙස නොබලා ගමන් කල භික්ෂුව අනෙක් භික්ෂුව අරභයා මෙසේ කීවා: "ඔබ ඇයි අර කාන්තාව කරේ තියාගෙන ගියේ, එසේ කිරීමෙන් ඔබ භික්ෂු ශීලය කඩා දැමුවා නොවේද". මේක අහපු කාන්තාව කර තබාගෙන ගිය භික්ෂුව මෙසේ පිළිවඳන් දුන්නා: "මම නම් ඒ කාන්තාව එතෙර කොට ඇය ඉවුරේ තබා පැමිණියා, ඔබ නම් තවමත් ඇය කරේ තබාගෙන යනවා නේද?".
Deleteඉතින් එන්.පී.පී. අපටත් ඔබෙන් ඇසීමට ඇති සරළ ප්‍රශ්ණය එයයි. රටේ අතිශය බහුතරයක් නම් එය ඉතා හොඳින් තේරුම් ගත්තා, ඔබට නම් තවත් තේරුම් ගැනීමට කාලය අවශ්‍ය බවයි පෙනෙන්නේ.
අපිට අහන්ඩ තියෙන්නෙත් එච්චරයි. NPP එකට රාජ්‍යය බලයත් තියෙනවනම්, 2/3 ක බලයකුත් තියෙනවනනම්,
Deleteඅවුරුදු හතරකටත් ඉස්සර කොවිඩ් කාලෙ ගෝඨ කරපු බුල් කම්වත්, අවුරුදු හැත්තෑවක් තිස්සෙ හිටපු පාලකයො
රටකෑවයි කියන කතාත් තවමත් කර තියාගන යන්නෙ ඇයි.
ඒවා කර තියාගෙන යන්නේ ජනතාව නේද? අවුරුදු 70 බුග් ගාල බිමින් තියලා හෙට සිංගප්පූරුව වෙන්ඩ පුළුවන් වුණා නම් හරි. ජනතාවට ඕනැත් ඒක. ඒත් පරතරයක් තියෙනවා ඉන්න තැන සහ යායුතු තැන අතර. ඒ පරතරය වැඩි නිසා තමයි ලෝක ආර්ථික ආතතීන් ලංකාවට බලපාන්නේ. ඒ දේවල් පැහැදිලි කරන්ඩ අවශ්‍යයි. උදාහරණයක් හැටියට අර කාන්තාව ගඟෙන් එතෙර කරද්දි එසේ කල භික්ෂුවගේ බෙල්ල උලුක් වුණා නම් හෝ කොන්දේ අමාරුවක් හැදුනා නම්, වෛද්‍යවරයාට විස්තර කල යුතුයි නේද කර තියාගෙන ගිය බරේ ස්වරූපය? නැත්නම් වෛද්‍යවරයාට හිතන්ඩ සෑහෙන දේවල් ගොඩක් තියෙනවා: අස්ථි වල විරූපි වීමක්, අස්ථි ගත කැන්සර් එකක්, පේශි ඉරී යාමක්, යනාදී වශයෙන්. ඒ නිසා නිවැරදි කරුණු සාකච්ඡා වීම අවශ්‍යයි.
Delete