කථිකාචාර්යවරියක් ඝාතනය කර කැලෑවකට ගිහින් දමයි..


යාපනය පොලිස් වසමේ චුන්ඩුක්කුලි ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් අතුරුදන්ව ඇති බවට එම කාන්තාවගේ පුත්‍රයා විසින් යාපනය පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

සිදු කරන ලද විමර්ශනයේදී, මෙම අතුරුදන් බවට පැවසෙන කාන්තාව ඇයගේ විවාහක දියණිය හා පුත්‍රයා සමඟ නිවසේ පදිංචිව සිට ඇත. දියණිය ඇගේ ස්වාමිපුරුෂයා සමග පැවති පවුල් ආරවුලක් හේතුවෙන් මව සමග නිවසේ පදිංචිව සිට ඇති බවටද අනාවරණය වී ඇත.

මෙම කාන්තාව අතුරුදන් වූ දින සිට දියණිය නිවසේ සිට නොමැති බැවින් ඇය සම්බන්ධව සිදු කරන ලද විමර්ශනයේදී ඇය ඔහුගේ විවාහක සැමියා සමඟ ත්‍රීකුණාමලය නිලාවේලී ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිට ඇති බවට ලද තොරතුරු මත යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දියණිය හා ඇගේ ස්වාමිපුරුෂයා ප්‍රශ්න කිරීම සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී මෙම දියණිය හා ඇයගේ ස්වාමිපුරුෂයා විසින් 2026.03.18 දින අළුයම නිවසේදී එම කාන්තාව ගෙල සිර කර ඝාතනය කර මන්නාරම ප්‍රදේශයට මෝටර් රථයෙන් රැගෙන ගොස් කැලෑබද ප්‍රදේශයක දමා දෙදෙනාම නිලාවේලීව්ලී ප්‍රදේශයට ගොස් ඇති බවට අනාවරණය කරගෙන ඇත. 

ඒ අනුව කාන්තාවගේ මෘත ශරීරය මන්නාරම මාර්ගයේ සුළං බලාගාර 04 වන කුළුණ අසල කැළෑ ප්‍රදේශයක තිබී යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

මරණකාරිය වයස අවුරුදු 53 ක් වූ චුන්ඩුක්කුලි ප්‍රදේශයේ පදිංචි යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‌යවරියකි.

Previous Post Next Post