හදිසි මිල සංශෝධනයක්.. සියළුම ඉන්ධන මිල ගණන් ඉහල දැමේ..


 දිවයින පුරා බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ (Ceypetco) ඉන්ධන මිල ගණන් අද (2026 මාර්තු 09) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

මෙම නව මිල සංශෝධනයට අනුව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් යන සියලුම වර්ගවල මිල ගණන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව සංශෝධිත නව මිල ගණන්...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව, සාමාන්‍යයෙන් සෑම මසකම 30 වන දින මිල සංශෝධනය සිදු කිරීමට නියමිතව තිබුණ ද, නියමිත කාලයට පෙර හදිසි මිල සංශෝධනයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

ලෝක වෙළඳපොළේ පවතින බොරතෙල් මිල උච්චාවචනයන් පිරිවැය ආවරණය වන පරිදි පාරිභෝගිකයා වෙත සමීප කිරීම මෙම මිල සූත්‍රයේ මූලික පරමාර්ථය වුවද, මීළඟ සංශෝධනය සඳහා තවත් දින විස්සක පමණ කාලයක් ඉතිරිව තිබියදී මෙලෙස මිල වෙනස් කිරීම විශේෂත්වයකි.

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ ඉන්ධන මිල සීග්‍රයෙන් ඉහළ යාම මෙම හදිසි තීරණයට ප්‍රධානතම හේතුව වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඒ අනුව, ජාත්‍යන්තර දේශපාලනික අස්ථාවරත්වය මත පදනම් වූ සැපයුම් දාමයේ අවහිරතා සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම හමුවේ දේශීය වෙළඳපොළ මිල ගණන් ද මෙලෙස සංශෝධනය කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.  

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධානින් මෑතකදී පැවැති මාධ්‍ය හමුවලදී පැහැදිලිවම ප්‍රකාශ කර සිටියේ අප්‍රේල් මස අවසන් වන තෙක් දැනට ලංකාවට ප්‍රමාණවත් තෙල් සහතික කර ඇති බවය.

පවතින ලෝක අර්බුදකාරී තත්ත්වය මත ලංකාවට බලපාන්නේ අප්‍රේල් මාසයෙන් පසුව බවද ඔවුන් කියා සිටියහ.

15 Comments

  1. ලෝක වෙළඳපොලේ මිලට තෙල් දෙන්න ආණ්ඩුවක් මොකටද ......... කියල තමයි කිව්වෙ මුං

    ReplyDelete
    Replies
    1. Wimal weerawansa hebey kiwwe

      Loka welada pole plug 😂😂😂🔌

      Delete
    2. Wimal weerawansa නෙමේනෙ දැන් රට පාලනය කරන්නෙ.
      දැන් රට පාලනය කරන හුන්ඩුවා ප්ල්ග් එක පුකේ ගහගනනෙ.

      Delete
    3. මාසෙකට ඇතිවෙන්න තෙල් තියෙනවා කිව්වනේ,

      Delete
  2. "ඊයේ ‘මාසයකට ඉන්ධන සටොක් තියෙනවා’ කියපු ආණ්ඩුව අදම මිල වැඩි කරනවා නම්, ඒක ජනතාවට බොරුවක් කියලාද? නැත්නම් මේක සෘජුවම ජනතාවගෙන් අමතර ලාභ ගන්න කරන ක්‍රියාවක්ද?"

    ReplyDelete
  3. Stock තියෙනවා කියලා ජනතාවට සැනසීම දීලා, පසුදාම මිල වැඩි කරන එක ආර්ථික කළමනාකරණයක් නෙවෙයි — ජනතාව අන්දවලා ලාභ ගන්න උත්සාහයක්."

    ReplyDelete
  4. "ඊයේ stock තියෙනවා කිව්ව අය අද price වැඩි කරනවා. එහෙනම් ප්‍රශ්නය oil market එකේ නෙවෙයි — ප්‍රශ්නය government honesty එකේ."

    ReplyDelete
    Replies
    1. Yudde dawas 6 kata wada yanawa

      This is the planning

      Delete
  5. "ඊයේ ‘මාසයකට ඉන්ධන stock තියෙනවා’ කියලා ජනතාවට බය නැති කරන්න කියනවා. අදම මධ්‍යම රාත්‍රීට මිල වැඩි කරනවා. එහෙනම් ප්‍රශ්නය ඉන්ධන stock එකේ නෙවෙයි — ජනතාවට සත්‍ය කියන ආණ්ඩුවක් නැති එකේ. මේක පැහැදිලිවම ජනතාව මත බර දාලා ආදායම් හොයන ක්‍රමයක්."

    ReplyDelete
  6. "වාහ්…! ඊයේ stock තියෙනවා කියලා good news දුන්නා, අද price වැඩි කරලා better news දෙනවා. මෙහෙම speed එකෙන් නම් හෙට ‘තවත් ජනතා සහන’ කියලා තව price එකක්වත් වැඩි කරයි වගේ. 👏😌"

    ReplyDelete
    Replies
    1. පුනරුදය! පුනරුදය!! පුනරුදය!!!

      Delete
  7. ලෝක වෙලද පොලේ ඉන්ධන මිල වැඩි වෙන කොට මේහේ ඉන්ධන මිල වැඩි කරන්න ආණ්ඩුවක් ඕනද ?- අනුර කුමාර දිසානායක-ජවිපේ නායක

    ReplyDelete
  8. ලෝක වෙලද පොලේ ඉන්ධන මිල වැඩි වෙන කොට මේහේ ඉන්ධන මිල වැඩි කරන්න ආණ්ඩුවක් ඕනද ?- අනුර කුමාර දිසානායක-

    ReplyDelete
  9. Thiyene thel mila wadi keranne ai.. munta gahala Panne oni

    ReplyDelete
  10. Oil prices fall sharply after Trump claims war will be over 'very soon' on 10th March . Barrel From 119 to 90 dollers. What is goverment going to do NOW?

    ReplyDelete
Previous Post Next Post