‘ඔපරේෂන් එපික් ෆියුරි’ මෙහෙයුමේ 10 වන දිනය සනිටුහන් කරමින්, ඉරානය තුළ අද (10) දින මෙතෙක් එල්ල කළ ප්‍රබලතම ප්‍රහාර මාලාව ක්‍රියාත්මක කරන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර තිබේ.
ඉරානය මේ වන විට යුද්ධයෙන් දැඩි ලෙස පසුබෑමට ලක්ව ඇති බවත් ඔවුන් ජාත්‍යන්තරය තුළ තනිවී ඇති බවත් පෙන්ටගනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේය.
ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, අද දිනය තුළ වැඩිම ප්‍රහාරක යානා සහ බෝම්බ ප්‍රමාණයක් යොදා ගනිමින් ඉරානයට එරෙහිව ප්‍රහාර දියත් කරන බවයි.
මෙම මෙහෙයුමේ ප්‍රධාන හමුදා අරමුණු තුනක් පවතින බවත්, ඒවා නම් ඉරානයේ මිසයිල ගබඩා විනාශ කිරීම, ඔවුන්ගේ නාවික හමුදාව අකර්මන්‍ය කිරීම සහ ඉරානයට න්‍යෂ්ටික අවි ලබාගැනීමේ හැකියාව සදහටම අහිමි කිරීම බවත් හෙග්සෙත් වැඩිදුරටත් පැවසීය.
ඉකුත් පැය 24 තුළ ඉරානය එල්ල කළ මිසයිල ප්‍රමාණය ඔවුන්ගේ උපරිම ධාරිතාවයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවති බවත්, එය ඔවුන්ගේ බලය හීන වී ඇති බවට සාක්ෂියක් බවත් අමෙරිකානු බලධාරීන් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ඉරානය විසින් අසල්වැසි ගල්ෆ් කලාපීය රටවලට එල්ල කරන ප්‍රහාර ආරක්ෂක ලේකම්වරයා දැඩි ලෙස හෙළා දුටුවේය.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ලෝක වෙළඳපොළට සිදුකරන තෙල් ප්‍රවාහනයට බාධා කිරීමට ඉරානය කටයුතු කළහොත්, මේ දක්වා එල්ල කළ ප්‍රහාර මෙන් විසි ගුණයක (20) ප්‍රහාරයකට මුහුණ දීමට ඔවුන්ට සිදුවනු ඇති බව ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ. ඉරාන හමුදා වත්කම් විනාශ වන වේගය අනුව මෙම යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට ද ජනාධිපතිවරයා අනාවැකි පළ කර ඇත.
ඉරානයේ හිටපු නායක අයතුල්ලා අලි කමේනි මියයාමෙන් පසු, ඔහුගේ පුත් මෝජ්ටාබා කමේනි නව උත්තරීතර නායකයා ලෙස පත් කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ මෝජ්ටාබා කමේනි සාමකාමීව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

World oil prices/barrel - 2026/03/06 -80 USD , 2026/03/08 -115 u=USD, 2026/03/10- 87 USD TODAY
ReplyDeleteOh come on. Please don't tell lies. If the oil prices are that low why does Ceypetco සභාපති tell us අත්‍යවශ්‍ය දේකට පමණක් තෙල් පාවිච්චි කරන්න.. අනවශ්‍ය ගමන් යන්න එපා..-
Delete
ReplyDelete“අත්‍යවශ්‍ය දේකට පමණක් තෙල් පාවිච්චි කරන්න “
word is made by ada derana
Muge amma ta mun ta pissu
ReplyDelete