ඉරානයට ගහන්න ඇමරිකා යුද නැවුවලට ඉන්දීය වරාය සහාය..?

 


ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ ඇමරිකානු යුද නැව් ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දීය වරායන් භාවිත කරන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව පවසමින් ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදු කර ඇත්තේ ඇමරිකානු හමුදාවේ හිටපු කර්නල්වරයෙකු වන ඩග්ලස් මැක්ග්‍රෙගර් විසිනි. 'වන් ඇමරිකා නිව්ස් නෙට්වර්ක්' (OAN) නාලිකාව සමඟ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇමරිකානු වරාය පද්ධති සහ කඳවුරු විනාශ වී ඇති බැවින්, ඇමරිකානු නාවික හමුදාවට ඉන්දීය වරායන් මත යැපීමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, ඉන්දීය විදේශ අමාත්‍යංශයේ තොරතුරු ඒකකය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ මෙම චෝදනා පදනම් විරහිත බවයි. මෙවැනි ගොතන ලද ප්‍රකාශ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ඉන්දීය විදේශ අමාත්‍යංශය මහජනතාවට අනතුරු ඇඟවීමක් කර ඇත.

මෙම තත්ත්වය වාර්තා වන්නේ ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ඉන්දීය සාගරයේදී ඇමරිකානු සබ්මැරීනයක් විසින් ඉරාන යුද නෞකාවක් වන 'IRIS Dena' ගිල්වා දැමීමෙන් අනතුරුවය. එම ප්‍රහාරයෙන් ඉරාන නාවිකයන් 87 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති.

විශේෂත්වය වන්නේ මෙම ඉරාන නෞකාව ප්‍රහාරයට ලක්වීමට පෙර ඉන්දියාවේ විශාඛාපට්නම්හි පැවති 'මිලාන්-2026' (Milan-2026) බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගී වී ආපසු යමින් සිටි නෞකාවක් වීමයි.

2016 වසරේදී ඉන්දියාව සහ ඇමරිකාව අතර අත්සන් කරන ලද LEMOA ගිවිසුම මගින් දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් ලොජිස්ටික් සහය සහ ඉන්ධන ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇතත්, පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්දියාව මෙවැනි පාර්ශවකරුවෙකු ලෙස පෙනී සිටීම භයානක විය හැකි බව භූ දේශපාලන විශේෂඥයෝ පෙන්වා දෙති.

3 Comments

  1. මාලිමාවේ අපිMarch 5, 2026 at 8:24 PM

    ඉරාන නැවට පහරදීම සඳහා ශ්‍රී ලංකාව ඇමරිකාවට ඔත්තුව දුන්නේයයි කියා පැතිරයන කතාවල සත්‍යතාවයක් නැතිබව අපි තහවුරු කරමු.

    ReplyDelete
    Replies
    1. පුංචිඅම්ම පල්ල?

      Delete
Previous Post Next Post