පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස තිබේ.
මේ හේතුවෙන් විදුලි උත්පාදනයට මෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගත් දිය ඇලිවල සුන්දරත්වයට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.
ඉහළ කොත්මලේ, කාසල්රි සහ මවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පවසති.
මාර්තු 26 දින සවස 6:00 වන විට මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 40 අඟල් 9 කින් ද, කාසල්රි ජලාශය අඩි 39 අඟල් 4 කින් ද පහළ බැස ඇත.
ජල මට්ටම පහළ වැටීම නිසා ඉහළ කොත්මලේ ජලාශයේ විදුලි උත්පාදනයට බාධා පැමිණ ඇත. එමෙන්ම විමලසුරේන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන බලාගාර සඳහා ජලය සපයන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් අඩු වුවහොත් විදුලි උත්පාදනයට බාධා විය හැකි බව ඉංජිනේරුවරු අනතුරු අඟවති.
ජල ධාරිතාව අඩුවීම නිසා සංචාරක ආකර්ෂණය දිනාගත් ඩෙවෝන් සහ සෙන් ක්ලෙයාර් දිය ඇලිවල සුන්දරත්වය ද මේ වන විට ගිලිහී ගොස් ඇත.
මවුස්සාකැලේ සහ කාසල්රි ජලාශවල ජලය සිඳී යාමත් සමඟ ජලාශ පතුලේ පිහිටි පැරණි නටඹුන් ද යළි මතුවෙමින් පවතී.
පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව ද දැඩි පීඩාවට පත්ව සිටිති.

මේක මාර වැඩක්නෙ.මාස තුනකට කලින් වැහැපු ගමන් උතුරනවා මාස තුනක් පායපුවම කට්ටෙට හිදෙනවා.මොකක්ද මේකෙ තේරුම.මේවගෙ පස් පිරිලද ද්න්නෑ...
ReplyDeleteජල විදුලිය නිපදවන්න මේවගේ ජලය පාවිච්චි කරනවා. එතකොට ඒවා නිකන්ම ගලාගෙන යනවා. එච්චරයි. මේවා හිඳුනාම ඩීසල් බලාගාර හිමියන්ගේ මඩිය තර වෙනවා. ජෙප්පෝ මේවා නිකනුත් ඇරලා වතුර යවනවා. ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ජෙප්පො එහෙම කරලා මාට්‍ටු වුනා.
Deleteමේ වගේ අද ඊයෙ ඉපදිලා වගේ ඉන්න උන් තමයි ජෙප්පොන්ට තාමත් කඩේ යන්නේ.
Deleteදැන් අර ගල් අඟුරු හොරාට ඩීසල් බලාගාර වලිනුත් හෝ ගාලා කොමිස් ගලාගෙන එයි. මේ වෙලාවේ සූර්ය බලාගාර නතර කරපු පාහර ආණ්ඩුවට හෙන හතම ගහන්න ඕන.
ReplyDelete