හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති දූෂණ නඩුවකට අදාළ අධිචෝදනා පත්‍ර අද (23) කොළඹ මහාධිකරණයේදී නිල වශයෙන් භාර දෙනු ලැබීය.
චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසුව, අධිකරණය විසින් විත්තිකරුවන් දෙදෙනා නිදහස් කිරීමට තීරණය කළේ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.
මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග කටයුතු ලබන මැයි මස 15 වනදා ආරම්භ කිරීමට නියමිත අතර, එදිනට නඩුව නැවත කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය.
වර්ෂ 2017 සහ 2018 අතර කාලසීමාව තුළ ඉන්ධන ආනයනය සඳහා සැලසුම් කර තිබූ දීර්ඝකාලීන ටෙන්ඩර් තුනක් අවලංගු කර, ඒ වෙනුවට අධික පිරිවැයක් සහිත ස්ථානීය ටෙන්ඩර්'27ක් ක්‍රියාත්මක කිරීම මෙම නඩුවට පාදක වී ඇත.
මෙම ක්‍රියාවලිය හරහා රජයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න මූල්‍ය අලාභයක් සිදු කිරීම සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව වංචා සහ දූෂණ චෝදනා එල්ල වී තිබේ.

SUPIRIYAK
ReplyDeleteඒ අව් අස්සේ තව මල්ලි කෙනෙක් අල්ලස් සහ දූෂණ ගැන මිනිස්සුන්ට TV වල බණ කියනවා.
ReplyDeleteයහපාලනය. හුණ්ඩුත් ඒකෙ හිටිය
ReplyDelete