දකුණු ඉශ්‍රායලයේ ඩිමෝනා නගරයේ පිහිටි න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ Shimon Peres Negev න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයට සැතපුම් අටක් (කිලෝමීටර් 13ක්) පමණ දුරින් පිහිටි ප්‍රදේශයකටය.
ඉරානයේ නටාන්ස් (Natanz) න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉරාන රජයේ රූපවාහිනිය ප්‍රකාශ කර ඇත.
ඉශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධති අභිබවා යමින් කිලෝග්‍රෑම් සිය ගණනක් බරැති යුධ හිස් සහිත බැලස්ටික් මිසයිල දෙකක් සෘජුවම නගර වෙත පතිත වී ඇති අතර, ඒ පිළිබඳව ඉශ්‍රායල බලධාරීන් මේ වන විට පරීක්ෂණ පවත්වයි.
මෙම ප්‍රහාරවලින් ඩිමෝනා නගරයේ පුද්ගලයන් 40 දෙනෙකු සහ අසල පිහිටි අරද් නගරයේ පුද්ගලයන් 68 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා යොමු කර ඇත. තුවාල ලැබූවන් අතර 10 හැවිරිදි පිරිමි දරුවෙකු ඇතුළු 11 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසන්නේ ප්‍රහාරයෙන් න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයට හානියක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බවයි. එසේම, ඉරානයේ නටාන්ස් මධ්‍යස්ථානයේ ද විකිරණ කාන්දුවක් සිදු වී නොමැති බව එම ඒජන්සිය තහවුරු කරයි.
කෙසේ වෙතත්, න්‍යෂ්ටික මධ්‍යස්ථාන ආශ්‍රිතව උපරිම යුධමය සංයමයක් පවත්වා ගත යුතු බව IAEA හි අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි අවධාරණය කර ඇත.
වසර
හැටක පමණ කාලයක සිට ඉශ්‍රායලයේ
න්‍යෂ්ටික අවි ගබඩාව රඳවා
තබා ඇති ස්ථානය ලෙස ඩිමෝනා
ප්‍රතික්‍රියකය සැලකේ.
නිල වශයෙන්
එය පර්යේෂණ මධ්‍යස්ථානයක්
ලෙස හැඳින්වුවද, ඉශ්‍රායලය
මැදපෙරදිග කලාපයේ පවතින එකම
න්‍යෂ්ටික බලවතා බව විවෘත
රහසකි. එම
නිසා මෙම ප්‍රදේශය ඉලක්ක කර
ප්‍රහාර එල්ල කිරීම ඉශ්‍රායලය
දැඩි අවධානයෙන් සලකනු ලබයි.

දෙවන ලෝක යුද්ධයට පෙර ඊශ්‍රායලය කියා රටක් තිබුණේ නැහැ. ස්ටාලින් විසින් පලස්තීනයෙන් කොටසක් වෙන් කර ඊශ්‍රායලය නිර්මාණය කර සෝවියට් දේශයේ සිටි යුදෙව් ජනවර්ගය එහි පදිංචි කරවීමෙන් ප්‍රයෝජන ගත්තේත් ගන්නේත් මහා ජාත්‍යන්තර ත්‍රස්තවාදියා වන ඇමරිකාවයි. ඊශ්‍රායලය පිහිටි භූමිය නැවත පලස්තීනයට පවරාදීම එක්සත්ජාතීන්ගේ සංවිධානයේ අද වගකීමයි. එවිට මැදපෙරදිග කලාපයටත්, ලෝකයටත් යහපත් කාලයක් උදාවේවි.
ReplyDeleteබොරු කියන්න එපා මිනිහා ඊශ්‍රායලය ගැන ටනාක් හෙවත් Tora නමැති යුද්දෙවූ ආගමික පොතේ සදහන් වෙලා තිබෙනවා එය වසර 3000 කට වඩා පරණයි ඒ වගේම බයිබල් ඒකෙත් ඊශ්‍රායලය ගැන බොහොම පැහැදිලිව තිබෙනවා.ඒ වගේම ඔවුන්ගේ ඉතිහාසye හිටපු රජවරු ගැනත් විරයෝ ගැනත් එහි කියනවා ඒවාගෙම ඔවුන්ගේ අවුරුදු දහස් ගනන් පරණ ගොඩනැගිම් හමුවෙලා තිබෙනවා
Deleteඑතකොට ඊශ්‍රායලය කාරයන්ට ජීවත් වෙන්න කියන්නේ උඹේ ##### ද අන්තවාදී යා. ඒ මිනිසුන්ටත් අපිට වගේම ජීවත් වෙන්න නිදහස විදින්න අයිතිය තිබෙනවා අනික ඒ භූමිය ඔවුන්ගේ ශිෂ්ඨාචාරය හදාපු භූමිය ඒක දාලා ඒ මිනිස්සු කොහෙද යන්න ද?
Deleteලංකාවේ සියළු පුරවැසියන් වහා ආරක්ෂිතව මැද පෙරදිගින් පමා නොවි දැන්වත් ඉවත් කර ගන්න
ReplyDeleteBoru kiyanna epa kiyala patan aran thiyena anonymous kiyala thiyenne patta pal boru. Palasteenuan gana thamai aagamika poth wala sadahan wela thiyenne. Dan eeshrayalaye inne europayen elavapu ashkanasi jew kiyana jathiyak. Me ishrayalaya engalantha adirajya visin balen palastina rajyaye atavapu ekak. Niyama Ithihasaya oba visinma hoya danaganna. Main stream media balala ravatenna epa. Mema eshrayala manushya sanhathiyatama sapayak.
ReplyDeleteශ්‍රී ලංකාවට යුද සරනාගතයන් ට ඇතුළු වීමට ඉඩ නොදෙමු
ReplyDeleteඔය කාලකණ්නි පකයො හැමදා යුද්ධ ආරම්භ කළා. ඕකුන් ක්‍රිස්තියානි ආගමට අපහාස කරනව විතරක් නෙවෙයි උන් අදහන්නෙ යක්ශයව. හරියට ඉතිහාසය ඉගෙන ගත් අය මේව දන්නව.
ReplyDeleteඊශ්‍රායලය අලුතින් ඇති කරපු රටක්.
ReplyDeleteබයිබලයේ සහ ටනාක් යුද්දෙ වූ බයිබලයේ ඊශ්‍රායලයය ගැනත් ඔවුන්ගේ රජවරු ගැනත් යුද්දෙවූ දේව මන්දිරය ගැනත් පැහැදිලිවම තියෙන්නේ ඒ නිසාද. උබලා ගිය ගිය තැන රටවල් අල්ලන්න හදනවා නේද දෑන් අමෙරිකාවේ Minnasota ප්‍රාන්තයට සොමාලියා වැද්දන් ඇවිල්ලා එකත් ඉස්ලාම් ප්‍රාන්තයක් කරන්න හදනවා යුරෝපය විනාසයි උඹලා මහා නොහික්මූණු කොටසක්
DeleteIran අන්තවාදී රජය සතුව පරමානුක අ වි තිබි මේ භයානක බව දෑන් ඔවුන් තම සහෝදර රටවලට දෙන ප්‍රහාර වලින්ම ඔප්පු වෙනවා නේද?Iran regime is a jihadist regime who is hell bend on creating an Islamic world by waging war. Iran අන්තවාදී පාළන යේ එකම අරමුණ ලෝකය ම අ වි බලයෙන් ඉස්ලාම් කිරීම ඒ සදහා ඔවුන් ත්‍රස්වාදීන්ට ආයුධ සහ මුදල් දෙනව.Sri ලංකාවේ සිංහල නම් දාගෙන Iran වලට කඩේ යන්නේ සිංහල අය නොවෙයි අන්තවාදීන් මොනවා උනත් රජය බටහිර ලෝකය සමග මේ වෙලාවේ සිටීම හොඳ දෙයක් .හිතන්න Iran ලොක බලවත් රට ක් උනොත් අපි වගේ පුංචි පිරිසක් ඉන්න ආගම් වලට වෙන දේ
ReplyDeleteඕවා නීවුස් නෙමෙයි හොට් හෙට් ඒවා දින්න
ReplyDelete