ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (12) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට, කාර්යක්ෂම සහ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීම සහ නව සමාගම්වල අයිතිය රජය යටතේ පවත්වා ගනිමින් රටක් ලෙස බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම එම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙහි අරමුණ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට හිමිව තිබූ සියලු අයිතිවාසිකම් මෙම ක්‍රියාවලියේදී නව සමාගම් තුළද තහවුරු කිරීම රජයේ ස්ථාවරය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, විදුලිබල මණ්ඩලය ලෙස පවතින අවස්ථාවේදීම විසඳා ගත යුතුව තිබූ, එහෙත් මෙතෙක් නොවිසඳී ඇති ගැටලු පිළිබඳවද වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.
මෙය කිසිසේත් සුමට ක්‍රියාවලියක් නොවන බවත්, දීර්ඝකාලීන සහ සැලසුම්සහගත ක්‍රියාවලියක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම පරිවර්තනීය කාලය තුළ සේවකයන් සහ නව සමාගම් අතර මනා අවබෝධයකින් යුතු සංවාදයක් පවත්වා ගැනීමේ වැදගත්කමත්, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය. එමෙන්ම, සේවකයන්ගේ මානසික නිදහස තහවුරු කරමින්, ඔවුන්ගේ අනාගත අපේක්ෂා හඳුනා ගනිමින් ඔවුන්ට සිය සේවය තෘප්තිමත්ව සැපයිය හැකි නිදහස් පරිසරයක් සකසා දීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණ කළේය.
සියලු දෙනා එක්ව අවබෝධයෙන් සහ රට ගැන හැඟීමෙන් යුතුව කටයුතු කිරීමෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කරගත හැකි බව වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගනිමින්,මෙරට විදුලි පාරිභෝගිකයන්ට වඩා හොඳ සේවාවක් සහතික කිරීමටත්, මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමටත් එක්ව වැඩ කරමු’යි සියලු වෘත්තීය සමිතිය නියෝජිතයන්ට ආරාධනා කළේය.
මෙම නව පරිවර්තනයේ අවශ්‍යතාව තමන්ද පිළිගන්නා අතර, එහිදී රජය සමඟ අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට දායකත්වය ලබා දෙන බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී සඳහන් කළහ.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දක්කම අප්පිරියයි🤮🤮
ReplyDeleteඅනේ එහෙම කියන්න එපා සුටින් මාටින් කාටුන් එකේ ජෝන් වගේ අපේ අනුර සහෝදරයා.
Deleteඑතකොට මීට කලින් ඕක විකුනන්න දෙන්නෑ කියලා බෙරිහං දුන්නෙ ??
ReplyDeleteකියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. අවුලක් නෑනෙ.
Deleteඅපේ පුන්නක්කු කන ඩෝබිලා ඔය ඕන එකකට ඔට්‍ටුයි. හොඳට හෝදල දෙනවා.
කොටි හොඳට ගෙවනවනෙ. ඒකයි.
ඒ කාලෙ බෙරිහන් දුන්නේ වෘත්තීය සංගම් වල ඉන්න ගොන්නු ටික රවට්ටන්න නෙ යකෝ.
Deleteඋන් ඕන වර්ජන කරවන්න. දැන් උන් වැඩක් නැහැ. මාලුව ඇල්ලුවම දැල මොකටද බං.
එක හොරෙක් පොල් ගහක නැගල ඉන්නකොට අයිතිකාරයා ගහ මුලට ආවලු.
ReplyDeleteමොකද තෝ ගහ උඩ කරන්නෙ ඇහුවම, හොරා කිව්වලු තණකොල කපන්න ගහට නැග්ගේ, තණකොල නැති නිසා ගහෙන් බහින්න ඕන කියලා.
හොරාගෙ මූණේ ලපේකුත් තිබුනලු ද?
Deleteවිදුලි බිල මට අඩු කරන්න බෑ. විදුලි බිල අඩු කරන්න මම විදුලි බලාගාර හිමියෙක්ද?
ReplyDeleteඅප්පට විපක්ශේ ඉද්දී විරුද්ද උනේ මොකක් ආරක්ශා කරන්නද?
ReplyDeleteAyoooòooo ape chande jvp boruwanta Dundee????????
ReplyDeleteKo..mee ranjan jayalal..??????
ReplyDeleteලපයා කෙබර කොටා පචයා
ReplyDeleteඅනුර කුමාර දිසානායක යනු..
ReplyDelete📕 මා දුටු ශූරතම ව්‍යාපාරිකයා ජනාධිපති අනුර කුමාර දිසානායකයි..
බාල ගල් අඟුරු නැව් 10 කින් මිලියන 8000 ක් පාඩු වෙද්දි ඔහු ඛණිජ තෙල් ඉහළ දැමීම මගින් එක රැයකින් මිලියන 15000 ක් ලාභ ලැබීය...
📕 මා දුටු දක්ෂතම අනාගත වාක්‍ය ප්‍රකාශ කරන්නා ඔහුය...
අවුරුදු 30 කට එහා මන්ත්‍රීවරයෙක්ව සිට ජනතාවට සිහින පෙන්වා ඔහු ජනාධිපති ධුරයෙ සිටියදි පවා සිදුකරන්නේ අනාගත වාක්‍ය මගින් ජනතාව සිහින ලෝකයක් කරා ගෙන යාමය... තවමත් දුන් දෙයක් නැත. තවමත් දෙන්නම් දේය..
📕 මා දුටු දක්ෂතම දේශපාලන කටුස්සා ඔහුය...
ඔහුට ප්‍රදේශයෙන් ප්‍රදේශයට, ආයතනයෙන් ආයතනයට, වෘත්තීය සමිතියෙන් වෘත්තීය සමිතියට තම ප්‍රතිපත්ති වල පැහැය වෙනස් කළ හැකිය...
📕 මා දුටු නිර්ලැජ්ජිතම මිනිසා ඔහුය...
ඔහුට තමන් දැන දැනම බොරුවක් කියන්නේ යැයි කිසිම හිරිකිතයක්, විලිලැජ්ජාවක් නැත. බොරුව ඇස් පනාපිට ඔප්පු වෙද්දි පවා ඔහු බොරුව මත තව බොරු සීයක් වැපිරවීමට සමත්ය..
📕 මා දුටු ලොකුම බොරුකාරයා ඔහුය...
රුපියල් 3500 ක තහඩුවකට ලක්ෂ 10 ක් දෙනවා යැයි කීමට තරම් බොරුවේ විශාලත්වය ඔබට හිතාගන්නටවත් පුළුවන්ද...?
📕 මේ රටේ ජනතාවගෙ දේශපාලන විඥානය සහ ජන විඥානය හඳුනාගත් දක්ෂතම දේශපාලඥයාද ඔහුය...
මහා උත්සවයක් තබා වේදිකාවක් මත රටේ ජනාධිපතිවරයා අතින් වන්දි ලබා දීම ජනතාව අමන්දානන්දයට පත් කරන චූන් එකක් බව ඔහූ දනී. එහිදී දෙන වන්දියෙ චෙක් එක රිටර්න් වීම සුළු දෙයක් බවද ඔහු දනී..
📕 මා දුටූ දක්ෂතම ප්‍රශ්ණ අමතක කරන්නා ඔහුය...
කන්ටේනර් 323 පැන්නීමෙ සිට බාල ගල් අඟුරු ආනයනය දක්වා අතරතුර සිදුවීම් සිය ගණනක් ඔහු ජනතාවට අමතක කර ඇත..
📕 මා දුටු දක්ෂතම ජනතා අන්දන්නා ඔහුය...
ඔහුට එකම දිනකදී උතුර, නැගෙනහිර, බස්නාහිර, දකුණ ඕනම තැනකදි විවිධ ජන කොට්ඨාස වලට එකිනෙකට පරස්පර සහ ප්‍රතිවිරුද්ධ මත සහ පොරොන්දු දිය හැකිය...
📕 මා දුටු හොඳම බෞද්ධයා ඔහුය...
ඔහූ මාසයකට වරක් මේ දෙවරක් මහනාහිමිවරුන් හමු වී උපදෙස් ගන්නේය... මේ වන විට දෙවරක්ම ධාතු පෙන්නා ඇත..
📕 මා දුටු හොඳම බෞද්ධ විරෝධියාද ඔහුය...
පන්සලෙන් එළියට ආ සැණින් පිරිත් නූල කඩා බිම දමන අතර 77 වසරක දේශපාලන ඉතිහාසයේ දහම් පාසලක් ආරම්භ කිරීමට තැබූ බුදු පිළිමයක් පොලීසිය වට කර අත්අඩංගුවට ගැනීමට ඔහු සමත් විය. ව්‍යවස්ථාවෙන්ම බෞද්ධාගමට මුල් තැන දෙන පැවසුවත් අඩුම ගණනෙ බෞද්ධ කටයුතු බාර ඇමති කෙනෙක්වත් නැති රටක් බවට පත් කළේය.
📕 මා දූටු සකසුරුවම්ම නායකයා ඔහුය...
ජනාධිපති පදවි ප්‍රාප්තියයෙ ජයමංගල ගාථා ගායනා කිරීමෙ සිට නිදහස් උත්සවයෙ වෙඩි මුර තැබීමෙ නාස්තිය පවා ඔහු නැවැත්විය.. ( තෛයිපොන්ගල් දිනයෙ එක රැස්වීමක වේදිකාවට ලක්ෂ 53 ක්ද ඇතුලුව ලක්ෂ 110 ක් වියදම් කිරීම මීට අදාළ නැත)
📕 මා දුටු දක්ෂතම පිරිස් පාලකයා ඔහුය...
පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරුන් 159 දෙනෙක් සිටියත් ඉන් 10 දෙනෙකුගෙන් පමණක් වැඩ ගෙන අනිත් 149 දෙනා නිහඬව තබා ගැනීමට තරම් ඔහු දක්ෂ පිරිස් පාලකයෙකි..
📕 මා දුටු ප්‍රශ්ණ යට ගැසිය හැකි අවස්ථාඥෝතිම නායකයා ඔහුය...
ඔහු ගිය වසරෙ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර දිනය ලංවෙත්ම පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් අතර මෙවර සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඒ ඒ පාර්ශව චූන් කිරීමට දක්ෂය...
📕 මා දුටු දක්ෂතම අධ්‍යක්ෂකවරයා ඔහුය...
කුඩු, අයිස්, පාතාල නායකයන් අත්අඩංගුවට ගැනීම් ඉතා සුන්දරව අධ්‍යක්ෂණය කර ජනතාව මන්මත් කිරීමට ඔහු සමත්ය..
📕 මා දුටු දක්ෂතම හිරිකිතම කයිවාරුකාරයා ඔහුය..
බිලියන 6.6 සිට බිලියන 07 දක්වා මිලියන 400 කින් වැඩි කර. එය බිංදුවෙ සිට බිලියන 07 දක්වා වැඩි කරා යැයි කීමට තරම් ඔහූ දක්ෂ කයිවාරුකාරයෙකි.
📕 මා දුටු දක්ෂතම සන්නිවේදකයා ඔහුය..
ඔහු කොළඹ වරාය නගරයට අවශ්‍යය ගල් කියුබ් ප්‍රමාණය කෝටි දහයෙ සිට ලක්ෂ හතලිහ දක්වා කිසිම හිරිකිතයකින් තොරව පහතට බස්සවා ඒ සංඛ්‍යාලේඛන ජනතාවට විශ්වාස කිරීමට හැකි මට්ටමට සන්නිවේදනය කිරීමට සමත්ය..
📕 මා දුටු තර්කානුකූලව නායකයා ඔහුය..
ඩඩ්ලිට රුපියල් 10 ක් සහල් මිල වැඩි කර දී ව්‍යාපාරික ප්‍රජාව සතුටු කිරීමටද පාරිභෝගිකයා සතුටු කිරීමටද ඔහුට තර්කානුකූල හැකියාවක් ඇත.
📕 මා දුටු දක්ෂතම අභිරූපණ ශිල්පියා ඔහුය..
විදෙස් සංචාරයන් හිදි එක වචනයක්වත් පිටතට නොඇසෙන සේ කැමරාකරුවන්ට පමණක් පෙනෙන සේ තොල් හසුරුවන එතරම් දක්ෂ අභිරූපණ ශිල්පියෙක් මා දැක නැත.
📕 මා දුටු දක්ෂතම ස්වාමිපුරුෂයා සහ ප්‍රේමවන්තයා ඔහුය...
ඉරකි තිතකි තිත් ගොඩකි හිස් තැනකි...
මේ සියල්ලම ඔහූ කරන්නෙ කටින්ය. මෙහෙම කටින් රට පාලනය කළ අයෙක් ලෝක ඉතිහාසයේවත් සිටියැයි ඔබ දන්නේ නම් අටපට්ටමට කිව යුතුය..
උඹලා නිකමට හිතලා බලපන් මේ අනුරට ඉංග්‍රීසිත් පුළුවන් උනා නම් අනුර අද ලෝකය අල්ලලාය. එසේනම් අද ලංකාව ලෝක බලවතෙකි. ලෝකයෙ වාසනාවට ඔහුට ඉංග්‍රීසි බැරිය..
අප සිතාගෙන සිටියෙ නිදහසින් පසූ ලංකාවෙ බිහි වූ දක්ෂතම දේශපාලඥයා ජේ ආර් හෝ මහින්ද කියාය. එහෙත් ජේ ආර්ට සහ මහින්දට අනුරට අලඟු තබන්නටවත් නොහැකිය.
නිලන්ත සත්සර ගමගේ ගේ FB සටහනකින් උපුටාගැනීමකි.
දක්ෂතම ස්වාමිපුරුෂයා සහ ප්‍රේමවන්තයා අනුර කුමාරය. ඒක මරු!
Deleteකසුන් සහ සාගරිකා යන දරුවන් දෙදෙනෙක් සිටින මවකට ප්‍රේමකර ඇය තමාගේ අනියම් බිරිඳ කරගැනීමට තරම් ඔහු සමත්වීම ඇත්තටම දක්ෂකමක් තමා.
බිලියන 6.6 සිට බිලියන 07 දක්වා මිලියන 400 කින් වැඩි කර. එය බිංදුවෙ සිට බිලියන 07 දක්වා වැඩි කරා යැයි කීමට තරම් ඔහූ දක්ෂ කයිවාරුකාරයෙකි.
DeleteApe nayaka jet eken gihin api uthurata yanne wairaya wapuranna kiwwa hunduwa
බිලියන 6.6 සිට බිලියන 07 දක්වා මිලියන 400 කින් වැඩි කර. එය බිංදුවෙ සිට බිලියන 07 දක්වා වැඩි කරා යැයි කීමට තරම් ඔහූ දක්ෂ කයිවාරුකාරයෙකි.
Deleteනීත්‍යානුකූල සැමියාව ඝාතනය කරෝල පුංචම්මව අයිතිකර ගත්තේ ඒ සැමියා පුංචම්මටයි, දරු දෙන්නටයි නොසලකන හින්දත් කියන්ඩ බැරිනැති ගොබිලෙක් තමයි හුන්ඩුවා.
Delete