අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත.
ඔහුට එල්ල වන චෝදනාව වන්නේ 2015 වර්ෂයේ දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ඩී එස් කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් අර්ත්මුවර්ස් සමාගම වෙත නීති විරෝධි ලෙස ලාභයක් හා වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ 70 ආ වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකළ බවයි.
අදාළ වකවානුවේදී පරීක්ෂාවට ලක්වූ විශේෂිත ටෙන්ඩරයක් පිරිනැමූ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ කුමාර ජයකොඩි මහතාය.
මෙම විමර්ශනයට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා තම නීතීඥවරුන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා මීට පෙර ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව ලිඛිතව කරුණු දැක්වීමට කොමිෂන් සභාව අවසර ලබා දී තිබූ අතර, ඉදිරිපත් කළ එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට කොමිසම තීරණය කර ඇත.
අමාත්‍යවරයාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
අනේ පව් අහිංසකයා
ReplyDeleteනීතිය සැමට එකසේ.
ReplyDeleteමෙන්න අපි ප්‍රර්ථනා කරපු වෙනස
මොකටද මුව ඇමති කලේ.
Deleteමේ නඩුව ගල් අගුරු වංචාවට නෙමේ. එක මහදවල් කරපු වැඩක්
යකෝ පොටෝ කොපි ගහපු කොමිනිකේසන් කාරයෝ ඇමතිලා වෙලා කෝටි ගනං හොරා කාපු කාලේ උඹ කොහෙද බං හිටියේ? මූ වරදක් කරලා නං දඬුවම් දෙයි. උඹ උඹේ වැඩක් බලාගෙන ඉඳපන්
Deleteනීතිය සැමට එකසේ.
Deleteමෙන්න අපි ප්‍රර්ථනා කරපු වෙනස
දැන් එතකොට කවදද ඇමති කමෙන් අයින් කරන්නෙ ?
Delete