ඇමති කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම නඩු දමයි..

 


අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත.

ඔහුට එල්ල වන චෝදනාව වන්නේ 2015 වර්ෂයේ දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ඩී එස් කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් අර්ත්මුවර්ස් සමාගම වෙත නීති විරෝධි ලෙස ලාභයක් හා වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ 70 ආ වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකළ බවයි.

අදාළ වකවානුවේදී පරීක්ෂාවට ලක්වූ විශේෂිත ටෙන්ඩරයක් පිරිනැමූ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ කුමාර ජයකොඩි මහතාය.

මෙම විමර්ශනයට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා තම නීතීඥවරුන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා මීට පෙර ඉල්ලීමක් කර තිබුණි

ඒ අනුව ලිඛිතව කරුණු දැක්වීමට කොමිෂන් සභාව අවසර ලබා දී තිබූ අතර, ඉදිරිපත් කළ එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට කොමිසම තීරණය කර ඇත.

අමාත්‍යවරයාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය

10 Comments

  1. අනේ පව් අහිංසකයා

    ReplyDelete
  2. නීතිය සැමට එකසේ.
    මෙන්න අපි ප්‍රර්ථනා කරපු වෙනස

    ReplyDelete
    Replies
    1. මොකටද මුව ඇමති කලේ.
      මේ නඩුව ගල් අගුරු වංචාවට නෙමේ. එක මහදවල් කරපු වැඩක්

      Delete
    2. යකෝ පොටෝ කොපි ගහපු කොමිනිකේසන් කාරයෝ ඇමතිලා වෙලා කෝටි ගනං හොරා කාපු කාලේ උඹ කොහෙද බං හිටියේ? මූ වරදක් කරලා නං දඬුවම් දෙයි. උඹ උඹේ වැඩක් බලාගෙන ඉඳපන්

      Delete
    3. නීතිය සැමට එකසේ.
      මෙන්න අපි ප්‍රර්ථනා කරපු වෙනස

      Delete
    4. දැන් එතකොට කවදද ඇමති කමෙන් අයින් කරන්නෙ ?

      Delete
    5. හොරු ඇමතිලා වෙලා

      Delete
    6. ෆොටෝකොපි වගේද කෝච්චියෙ සිගරැට්ටොපීMarch 6, 2026 at 8:16 PM

      ෆොටෝකොපි ගහල ඇමතිවෙලා හොරකම් කෙරුව වගේද කෝච්චියේ සිගරැට් ටොෆී විකුනපු එකා ජනාධිපතිවෙලා ඇවිල්ල රේගුවෙන් පන්නපු කන්ටේනර් 
      වලිනුයි, බාල ගල්අඟුරුවලිනුයි ගහන ගැහිලි.

      Delete
  3. අනේ මෙතුමා හිරේ ගියොත් හදිසියකට වඳුරෙක් පන්නගන්න කවුද ඉන්නෙ

    ReplyDelete
  4. නීතිය සැමට එකසේ.....March 6, 2026 at 9:45 PM

    තව ටික දවසකින් කියයි අමාත්‍ය කුමාර ජයකොඩි මහතාව සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කලයි කියල.

    ReplyDelete
Previous Post Next Post