ගල්ගමුව සමුපකාර සංගමයේ මහ සභා රැස්වීම පෙරේදා (24 වැනිදා) කැඳවා තිබුණද දේශපාලන බලපෑම් මත පසුගිය 23 වැනිදා පස්වරුවේ එය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නියෝජිතයෝ චෝදනා කරති.
පසුගියදා පැවැති ගල්ගමුව විවිධ සේවා සමුපකාර සංගමයේ නිලවරණයට අනුව එකාබද්ධ විපක්ෂයෙන් නියෝජිතයන් පනස් අට දෙනෙක් (58) හා ජාතික ජන බලවේග කණ්ඩායමෙන් මහ සභා නියෝජිතයන් හතළිස් දෙකක් (42) තේරී පත්වී ඇත. ඒ අනුව එහි බහුතර බලය ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම හිමිකරගෙන තිබේ.
එම සමුපකාර සංගමයේ මංගල මහා සභා නියෝජිත හමුව පෙරේදා (24 වැනිදා) දින පැවැත්වෙන බව වයඹ සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් එම නියෝජිතයන් වෙත ලිඛිතව දන්වා තිබී ඇත. එහෙත් ඊයේ දින ගල්ගමුව සමුපකාර සංගමය වෙත එම නිලධාරීන් පැමිණියද රැස්වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවට ලිපි ප්‍රදර්ශනය කර තිබී ඇත.
ඒකාබද්ධ විපක්ෂයෙන් තේරී පත්වූ මහා සභා නියෝජිතයන් පනස් අට දෙනාම ඊයේ දින ඒ සඳහා සහභාගි වූ අතර ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ මහ සභා නියෝජිතයන් හතළිස් දෙදෙනාගෙන් (42) කිසිවෙක් ඒ සඳහා පැමිණ සිටියේ නැත.
පවතින ඉන්ධන අර්බුදය නිසා මහ සභාවට පැමිණීමට නොහැකි බව මහා සභා නියෝජිතයන් කීපදෙනෙක් දන්නවා ඇති හෙයින් එය වයඹ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් කල් දමා ඇති බවට ලිපියක්ද සමුපකාර සංගමයේ ගොඩනැගිලිවල තැනින් තැන අලවා තිබී ඇත.
ගල්ගමු සමුපකාර සංගමයේ ලේකම්වරයාද අසනීප නිවාඩු ලබාගෙන එදින සේවයට වාර්තා කර නොතිබිණි.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසන්නේ මෙලෙස සමුපකාර සංගමයේ මහ සභා රැස්වීම කල් දැමීම දේශපාලන උවමනාව මත සිදුවූවක් බවයි.
ශ්‍රීමතී විජේරත්න - අඹන්පොළ

ගලගමුව කෙළවුනා කියන්නේ කොටලු කොටා ඉවරයි... අර කුමාර ජයකොඩි කියන සුනඛයා එක්කම මක බෑවෙලා පලයන් කාලකන්නියා ...
ReplyDeleteමේවා කල් දැම්මට වැඩක් නෑ ... දැන් මිනිස්සු තීරණය කරලා ඉවරයි උඹටයි උඹේ ගෝලයෝ රෝත්තටයි බෑ කියලා අරවින්ද? දැන් ඉතින් බැහැලා යන්න, වද නොදී...
ReplyDeleteගහල පන්නන්න ඕන හුන්ඩුවො ඔක්කොම
ReplyDeleteගල්ගමුව කියන්නෙ තඹුත්තේගමට අතේ දුර නේද....මහ වින්නැහියක්.
ReplyDeleteඅපිට තෙල් රුසියාවේ මගින්.
ReplyDelete