ජනතාවට වොෂින් මැෂින් පාඩම් උගන්වන්න පෙර බාල ගල් අගුරු ගෙන්වීම තවතනු..

 ර


ටේ ජනතාවට අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න කියා යෝජනා ඉදිරිපත් කරන විට ලක්විජය ගල් අගුරු බලාගාරයෙන් නියමිත පරිදි විදුලිය උත්පාදනය නොකරන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සවස 6 සිට රාත්‍රී 10 වන තුරු අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස බලශක්ති අමාත්‍යවරයා සහ ආණ්ඩුවේ ඇමතිවරු පෝලිමේ පැමිණ රටේ ජනතාවට ටියුෂන් දෙන අතර දිනපතා වොෂින් මැෂින් භාවිත නොකර දින 3 –4 ඇඳුම් එකතු කර සේදීම වැනි විකාර යෝජනා රටට ඉදිරිපත් කරන බවටද විපක්ෂ නායකවරයා චෝදනා කරයි. 

මාර්තු 24 වැනිදා පවා මෙගාවොට් 144ක් පමණක් අඩුවෙන් විදුලි විදුලිය උත්පාදනය කර ඇති බවත් 23 වැනිදා මෙගාවොට් 162ක් අඩුවෙන් විදුලිය නිෂ්පාදනය කර ඇති බවට මෙයට හේතුව බාල ගල් අගුරු භාවිත කිරීම බවත් රටේ ජනතාවට අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න කියන වත්මන් රජයම බාල ගල් අගුරු යොදමින් නියමිත විදුලිය උත්පාදනය නොකර ඉන්ධන බලාගාර මාෆියාවට ශක්තිය ලබා දෙන බවත් මේ නිසා පාරිභෝගිකායට ඉහළ මිලකට විදුලිය ලබා ගැනීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙවැනි බරපතල පීඩනයකට කම්පනයකට හා අසහනයකට ජනතාව පත්ව ඇති මොහොතක ඉන්ධන මත පනවා ඇති සියලු බදු ඉවත් කර යම් තරමකට හෝ තෙල් මිල අඩු කිරීමට රජය කටයුතු නොකරන්නේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් වරායේ ගොඩබාන මිලට බදු ඉවත් කර කොමිස් මුදල් කපා හැර භාණ්ඩාගාරයට ගෙවන මුදල් ඉවත් කර ඉන්ධන මිල අඩු කරනවා කිව්වත් තවමත් එය සිදු කර නොමැති බවත් හෙතෙම පවසයි.

ඉරාන තානාපතිවරයා විවෘත ප්‍රකාශයක් මඟින් සහන ක්‍රමවේදයක් යටතේ අප රටට ඉන්ධන ලබා දෙන්න කැමැත්ත ප්‍රකාශ කළත් රජය තවදුරටත් ඉරානයෙන් සහන ක්‍රමයට ඉන්ධන ලබා ගන්න කටයුතු නොකරන්නේ ඇයිද කියා ප්‍රශ්න කරන බවත් එදා ඇමෙරිකාව රුසියාවට පැනවූ සම්බාධකවලට දින 30ක විරාමයක් ලබා දුන් තත්ත්වය තුළ රුසියාව සමඟ සාකච්ඡා කර තෙල් ලබාගන්නා ලෙස විපක්ෂය පැවසූ අවස්ථාවේ පවා රජය කටයුතු කළේ ප්‍රමාද වී බවත් ඔහු ප්‍රකාශ කරයි. 

රජය දින 7ක් බල බලා සිට රුසියානු තානාපතිවරයා හමුවුවත් අවශ්‍ය කටයුතු සිදු නොකළ බවත් දැන් තෙල් මාෆියා, කලුකඩ ව්‍යාපාරවලින් ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේද තුළින් විශාල බරක් පාරිභෝගික ජනතාව කරපිට පටවන්න සූදානම් බවත් දැන්වත් ඉරානයෙන් ලබා දුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ජනතාවට සහන මිලට ඉන්ධන ටික ලබා දෙන්න කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් රුසියාවෙන් තෙල් ලබා ගන්න අවස්ථාව තිබියදී රජයේ කල්මැරීම නිසා රටක් ලෙස පසුබෑමකට ලක් වුවත් ඉරානය යෝජනාවක් ගෙන විත් ඇති අවස්ථාවේ අප රටට සහන ක්‍රමවේදයකට ඉන්ධන ලබා ගැනීමට මැලි නොවන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළේය.

රජය තෙල් මාෆියාවට, තෙල් කාටලවලට යටත් නොවී සහන මිලට ඉන්ධන ලබා ගෙන ඒවා පාරිභෝගියන්ට ලබා දෙන ලෙසත් ජාවාරම්කාර ගනුදෙනුවලට ගොස් ජනතාව කබලෙන් ලිපට වැට්ටවීම සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස පෙන්වා දෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

3 Comments

  1. Well said. This president has no shame. He came in front of TV and wash Kumara who imported low quality coal.

    ReplyDelete
    Replies
    1. Nodanna hutthawal katha nokara idapan buruwo...Puluwan nam Sajiyata kiyapanko Nadu danna kiyala...They know that there is no case ... Dan ditwa wala nadu danawa kiyapu ewun ko..Un eka puke gahagenada? Boru dewal kiyana Buru Putha

      Delete
    2. මේ තියෙන්නෙ අඟුරුකුමාරගෙ අඳෝනාව

      Delete
Previous Post Next Post