අපි රට ස්ථාවර කල නිසා ඉරාන යුද්දයෙන් අපට බලපෑම් අඩුවුනා..

 


මෙරට සමස්ත ජනගහනයෙන් 25%ක් තවමත් දිළිඳුකමේ පසුවන බව පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැති 'ප්‍රජා ශක්ති' නියෝජිත හමුවකට එක්වෙමින් සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉන් බහුතරයක් එනම්, 80%කට ආසන්න පිරිසක් ගම්බද ප්‍රදේශවල ජීවත්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම ගැටලුවට තිරසාර විසඳුම් සෙවීමේ නව වැඩපිළිවෙළක් පිළිබඳව කරුණු පැහැදිලි කළේය.

දිළිඳුකම පිටුදැකීම සඳහා පොදු විසඳුම් වෙනුවට, එක් එක් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පවතින සුවිශේෂී දුෂ්කරතා හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම ප්‍රමුඛ අවශ්‍යතාව බව අමාත්‍යවරයා පැවසීය.

රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන සැලසුම් සැකසීමේදී ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන්ගේ සක්‍රීය මැදිහත්වීම අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරිණි.

මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථිකයට බලපෑම් එල්ල වුවද, පසුගිය කාලසීමාව තුළ ගොඩනැගූ ස්ථාවරත්වය හේතුවෙන් ලංකාවට එම බලපෑම් අවම කරගත හැකි වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම විශේෂ සමුළුව ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කර තිබුණි.

7 Comments

  1. මාසේ තෙල් STOCK එක ඉවරවෙනකන් හිටු
    තවම එකෙන් PROFIT ගන්නවා

    ReplyDelete
    Replies
    1. 🤣😃😂😁😅 ඉරාන යුද්ධෙන් බලපෑම් අඩු වුනා නෙමෙයි, ගල් අඟුරු, ගෑස් වංචා ඔක්කොම ටික යුද්ධෙ පිටින් දාලා ශේප් උනා. 🤣😃😂😁😅

      Delete
  2. කවුද බං මූ ? ඇමති කෙනෙක් ? අදමයි දැක්කෙත් !

    ReplyDelete
  3. Kunu harapa ahala thiyenawada....kawuda meka....

    ReplyDelete
  4. හරියට අමාරු ඇති ස්ථාවර කරලා.

    ReplyDelete
  5. හරියට අමාරු ඇති ස්ථාවර කරලා.

    ReplyDelete
  6. munwa apita kohoma miss unada manda wevichcha aurudu 76 wasare..gothayek

    ReplyDelete
Previous Post Next Post