ගෝටාභය අල්ලස් කොමිසමට කැදවයි...


අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම මස
17 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත දැනුම් දී තිබේ.

මීට පෙර අවස්ථාවකදී ද ඒ මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ නමුත්, තමන් සිංගප්පූරුවේ සංචාරයක නිරත වන බැවින් එදිනට පැමිණීමට නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් පෙබරවාරි 12 වැනිදා කොමිසමට ලිඛිතව දන්වා තිබිණි.

එහිදී ප්‍රකාශය ලබාදීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහු කළ ඉල්ලීමට අනුව මෙම නව දිනය ලබා දී ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයක නිවාස කිහිපයක් නීත්‍යනුකූල නොවන අයුරින් පුද්ගලයන් කිහිපදෙනෙකුට ලබාදීම සඳහා නිර්දේශ කරමින් ලිපි නිකුත් කිරීම පිලිබදව සිදු කෙරෙන විමර්ශණයකට අදාලව ප‍්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැදවීම කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ මෙම සිදුවීම සිදුව ඇති බව අනාවරණය වී ඇත.

11 Comments

  1. අවංක රටට ආදරේ ...බලේට කෑදර නැති .....හොඳ බවුද්ද නායකයෙක්

    ReplyDelete
    Replies
    1. Agreed. Hope we will get another one in the near future. Not like the current lot

      Delete
  2. පරගැති දේශ ද්‍රෝහියන්ගේ හා ව්දේශ කුමන්ත්‍රණ කරුවන්ගෙ ඉල්ලක්කයක්

    ReplyDelete
  3. දමිල ඩයස්පෝරාවේ හා බවුද්ද විරෝදී කුමන්ත්‍රණ කරුවන්ගෙ තවත් ඉල්ලීමක් ඉටු කරන්න යන්නේ

    ReplyDelete
  4. ‘මට තෙල් ලිං නෑ......... ගෝටාට තිබ්බද?

    ReplyDelete
  5. Ratata adare, rate minissunta adare nayakayek nathi karagatthe ape un

    ReplyDelete
  6. අපේ මවුබිමට ආදරය කරන නායකයෙකි, සැවොම එක්ව මෙතුමා වෙනුවෙන් පෙනීසිටිමු.

    ReplyDelete
  7. https://youtu.be/RlLeGnT-tYo?si=18vsU1heTx-564UN

    ReplyDelete
Previous Post Next Post