ඩේලි මිරර් පුවත්පත සහ එහි වෙබ් අඩවියේ සේවය කරන ජනමාධ්‍යවේදීන් විසින් මාස දෙකක හිඟ දීමනා සහ පෙබරවාරි මාසයට අදාළ වැටුප් නොගෙවීම හේතුවෙන් ප්රවෘත්ති සැපයීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
පාලනාධිකාරිය විසින් විධායක නොවන ශ්‍රේණියේ සේවකයන්ගේ වැටුප් මාර්තු 5 දින ගෙවීමටත්, විධායක ශ්‍රේණියේ වැටුප් මාර්තු 10 න් පසුව ගෙවීමටත් තීරණය කර ඇති.
කෙසේ වෙතත්, පසුගිය කාලය පුරා වැටුප් නියමිත වේලාවට නොගෙවීම හේතුවෙන් මාධ්‍යවේදීන් දැඩි ආර්ථික අපහසුතාවයට මුහුණ දී ඇතැයි සඳහන් වේ.
මේ පිළිබඳව කළ ඉල්ලීම්වලට ප්‍රමාණවත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් හිඟ මුදල් ගෙවෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඔවුන් පවසති.

ලංකාදීප සහ ඩේලි මිරර් කියන්නේ විජය පුවත්පත් සමාගම නේ.
ReplyDeleteඑයාලගේ ප්රවෘත්ති සමබරව ප්‍රකාශ උනත් එයාලගේ ඔන්ලයින් පත්තර වල පල වුනේම පන්සලට විරුද්ධ, පල්ලියට පක්ශපාතී කොමෙන්ට් විතරයි.
හිතාමතාම ප්‍රභල බෞද්ධ විරෝධයක් පවත්වාගෙන ගියා. කොටි ත්‍රස්ථවාදයට එලිපිටම කඩේ ගියා කොමෙන්ට් අනුමත කරන අය.
ඒ නිසා මිනිස්සු පත්තරේ මිලදී ගැනීම අඩු කරා.
දැන් ඉතින් ගොඩ ගන්න වෙන්නෙ නැහැ. හරිම අපරාධයක්.
gotata mahindata wirudawa boru liyala maday kelawagaththa - liwwema pacha -
Delete