රටවල්ද මේව.. මේව හුණ්ඩු.. මේවා රටවල් නෙමෙයි..- ජනපති පාර්ලිමේන්තුවේදී..

 


රටේ පවතින ගෑස් ගබඩා කිරීමේ පහසුකම්වල පවතින දැඩි දුර්වලතාවය සහ ඒ හේතුවෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිය දැඩි අප්‍රසාදය පළ කළේය. 

රටේ දෛනික ගෑස් අවශ්‍යතාවය හා සසඳන විට ගබඩා ධාරිතාවය සතියකටවත් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, වත්මන් ක්‍රමය දැඩි විවේචනයට ලක් කළේය.

වත්මන් ගෑස් සැපයුම් ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය. "දැනුත් කරලා තියෙන්නේ මොකක්ද? මාලදිවයිනේ නැවක් නතර කරගෙන තියෙනවා. ඒ නැවෙන් පොඩි පොඩි නැව්වලින් මෙට්‍රික් ටොන් 800 ගාණේ දවසක් ඇර දවසක් ගේනවා. රටවල්ද මේවා? මේවා තමයි හුණ්ඩු... මේවා රටවල් නෙමෙයි. මාලදිවයිනේ නැවක් නතර කරගෙන පොඩි නැවකින් 800 ගාණේ ගේනවා. ඉතින් මේවා වෙනස් කරන්න ඕනේ".

ලිට්‍රෝ ගෑස් සමාගමේ දෛනික ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 1,000ත් 1,200ත් අතර පවතින නමුත්, රටේ සමස්ත ගබඩා ධාරිතාවය පවතින්නේ මෙට්‍රික් ටොන් 8,000ක මට්ටමක බව ජනාධිපතිවරයා අනාවරණය කළේය. මේ හේතුවෙන් උපරිම වශයෙන් ගෑස් ගබඩා කළ හැක්කේ දින පහකට හෝ හයකට පමණක් බවත්, මෙය රටක් ලෙස ඉතා අවදානම් සහගත තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම හදිසි තත්ත්වයට විසඳුම් ලෙස හම්බන්තොට පිහිටි පෞද්ගලික සමාගමකට අයත් මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවයකින් යුත් ගබඩා පර්යන්තයෙන් මෙට්‍රික් ටොන් 15,000ක පහසුකම් තාවකාලිකව ලබා ගැනීමට රජය සාකච්ඡා කර ඇත. එම සමාගම ඒ සඳහා කැමැත්ත පළ කර ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.

පෞද්ගලික ගෑස් සමාගමේ (ලාෆ්ස්) අපනයන වෙළෙඳපොළ බංග්ලාදේශ යුද ගැටුම් හේතුවෙන් බිඳ වැටීම නිසා, එම සමාගමට දේශීය වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට තිබූ නීතිමය බාධාවන් ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ,. ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා හරහා විශේෂ රෙගුලාසි මගින් එම සමාගමට දේශීය වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට තාවකාලිකව අවසර ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

 රජයේ ගෑස් මිල පෞද්ගලික අංශයට වඩා රුපියල් 500කින් පමණ අඩු බැවින් පාරිභෝගිකයන් විශාල පිරිසක් ලිට්‍රෝ ගෑස් වෙත යොමු වීමේ ප්‍රවණතාවක් පවතී. එම ඉල්ලුම සපුරාලීම සඳහා ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් අලුතින් ඇණවුම් කර ඇති බවත්, ඉන් කොටසක් මේ මස මැද භාගය වන විට වෙළෙඳපොළට පැමිණෙන බවත් හෙළි විය.

අනාගතයේදී තෙල් සහ ගෑස් ක්ෂේත්‍රයේ මෙවැනි අර්බුද ඇති වීමේ ඉඩකඩ අවම කිරීමට අවශ්‍ය විධිමත් සැලසුම් සකස් කරමින් පවතින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඇතිවිය හැකි ඕනෑම අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීම සඳහා රජය සූදානම් බවද දිසානායක මහතා පැවසීය. "අපි සුභදායී දේ අපේක්ෂා කරනවා, නරකම දේට සූදානම් වෙනවා" යන ප්‍රතිපත්තිය මත පිහිටා සියලු රාජ්‍ය ආයතන එක්ව ක්‍රමවත් සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

යුද ගැටුම් පවතින කලාපයේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අදාළ තානාපති කාර්යාල හරහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන සේවාවන් (Hotlines) ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය. තත්ත්වය තවදුරටත් දරුණු වුවහොත් ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික සබඳතා හරහා ඔවුන්ට සහාය වීමේ ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව හෙතෙම සඳහන් කළේය.පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින සංචාරකයන් මුහුණ දෙන ගැටලු සලකා බලා, ඔවුන්ගේ වීසා බලපත්‍ර කාලය සති දෙකකින් නොමිලේ දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රධාන ගුවන් ගමන් මධ්‍යස්ථාන වන ඩුබායි, දෝහා සහ අබුඩාබි වැනි කලාපවලට බලපෑම් ඇතිවීම හේතුවෙන් සංචාරක පැමිණීම් කෙරෙහි යම් බලපෑමක් ඇතිවිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මැදපෙරදිග වරායන් සක්‍රිය නොවීම හේතුවෙන් ඇතැම් නැව් සමාගම් තම බහලුම් කොළඹ වරායේ ගබඩා කිරීමට අවසර ඉල්ලා ඇති බවත්, එම බහලුම් නැවත රැගෙන යන කාලසටහනක් මත පදනම්ව පමණක් එම පහසුකම් ලබාදීමට අධ්‍යයනය කරමින් පවතින බවත් ජනාධිපතිවරයා පැවසීය. කොළඹ වරාය හුදු ගබඩා මධ්‍යස්ථානයක් (Dumping site) බවට පත් නොවීමට වගබලා ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව ලැබූ ඉහළම විදේශ ප්‍රේෂණ ආදායම වන ඩොලර් බිලියන 8.2 ක මුදලට මෙම අර්බුදය හරහා බලපෑමක් ඇතිවීමේ අවදානමක් පවතින බව ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය. එබැවින් විදේශ විනිමය අනුපාත ආරක්ෂා කර ගැනීම සහ අපනයන වෙළඳපොළට සිදුවන බලපෑම අවම කර ගැනීමට මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන දැඩි අවධානයෙන් පසුවන බව ඔහු කියා සිටියේය.

ඛනිජ තෙල් සංස්ථාව, ගෑස් සමාගම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන මේ වන විටත් සක්‍රිය යාන්ත්‍රණයක් හරහා කටයුතු කරමින් සිටින බවත්, දේශපාලන අධිකාරිය ලෙස රජය ඊට අවශ්‍ය නායකත්වය ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව අමතා සිදු කළ සම්පුර්ණ කතාව

විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ මේ මොහොතේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය  ශ්‍රී ලංකාවේ අපිට සමාජයීය සහ ආර්ථික වශයෙන් බලපාන අන්දම පිළිබඳ කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට මම අපේක්ෂා කරනවා.

ඕනෑම යුද ගැටුමක් කිසිදු ජන කණ්ඩායමකට හිතකර තත්ත්වයක් නිර්මාණය කරන්නේ නැහැ. ඒ වගේම තාක්ෂණික සහ යුදමය වශයෙන් ඉතාමත් විශාල අවි නිර්මාණය කරමින් තිබෙන ලෝකයකට එය මොනතරම් විනාශකාරීද යන්න පිළිබඳ අපි කාටත් අවබෝධයක් ලබා ගත හැකියි. ඒ නිසා ශ්‍රී ලංකාව ලෙස අපගේ ස්ථාවරය වන්නේ මෙම යුද්ධයට සම්බන්ධ වූ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින්ම සාමය වෙනුවෙන් අවශ්‍ය වන කැපවීම සහ මඟපෙන්වීම කළ යුතු බවයි. 

මොකද, මෙය ලෝක ආර්ථිකයටත්, ජන ජීවිතයේ පැවැත්මටත් විශාල බලපෑමක් සහ තර්ජනයක් ඇති විය හැකි තත්ත්වයක්. ශ්‍රී ලංකාවට තනිව සහ හුදෙකලා ලෙස එයින් ගැලවීමට හැකියාවක් නැහැ. අපි රටක් ලෙස මීට මුහුණදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ගන්නා අතරතුර, ජාත්‍යන්තර වශයෙන් මීට මුහුණ දිය හැක්කේ අප අතර තිබෙන සාමකාමී ලෝකයක් පිළිබඳ කැපවීමෙන් පමණයි කියා අපි විශ්වාස කරනවා. 

ඒ වගේම මැදපෙරදිග ඇති වී තිබෙන මෙම යුද තත්ත්වය හේතුවෙන් රටක් ලෙස අපිට ක්ෂණික බලපෑම් එල්ල වන ක්ෂේත්‍ර කිහිපයක් තිබෙනවා. ඉන් එකක් වන්නේ අපේ බලශක්ති සැපයුම වන තෙල් සහ ගෑස්. දෙවනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ජීවත් වෙනවා. ඔවුන් පිළිබඳව මතුවන ගැටලුව. ඒ වගේම අපේ ආර්ථිකයේ විශාල පංගුවක් නියෝජනය වන සංචාරක කර්මාන්තය සහ විදෙස්ගත ප්‍රේෂණ. ඒ වගේම අපේ රටේ ආර්ථිකයේ විශාල පංගුවක් නාවික සේවා සැපයුම මත ගැට ගැසී තිබෙනවා. ඒ නාවික සේවා සඳහා කෙරෙන බලපෑම. ඒ වගේම ගුවන් සේවා සඳහා කරන බලපෑම. මේ ආදී ක්ෂණිකව ක්ෂේත්‍ර ගණනාවක බලපෑමකට අපි මුහුණ දෙනවා. 

රජයක් ලෙස මෙම අර්බුදය මුහුණ දීම සඳහා දිගුකාලීනව ගත හැකි පියවර මෙන්ම  ජනතාව මෙමගින් අර්බුදයට පත් නොවී, රටක් ලෙස මෙම අර්බුදයේ ගිලෙන්නේ නැතිව එය සමනය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩසටහනක් අපිට අවශ්‍යයි. 

එහිදී මම දන්නවා අපේ ජනතාව යම් ප්‍රමාණයකට කලබල වෙන එකේ වරදක් නැහැ. ඒ පිළිබඳ කිසිදු පුරවැසියෙකුට චෝදනා එල්ල කර වැඩක් නැහැ. මොකද අපේ ජනතාවට ඉතාමත් අමිහිරි අතීතයකට මුහුණ දුන්නා.  ඒ අතීතය තවමත් ඔවුන්ගේ සිත් තුළ හොල්මන් කරනවා. ගෑස්, තෙල් හිඟවීම නිසා පෝලිම්වල සති ගණන් ගත කිරීම සහ පෝලිම්වල මිය යාමේ ඛේදවාචකයකට මීට වසර දෙක තුනකට පෙර අපේ රටේ ජනතාව මුහුණ දුන්නා. ඒ නිසා ‘ගිනි  පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි වගේ මෙවන් කුඩා චලනයකටත් අපේ සමාජය තැති ගැනීමකට ලක් වෙනවා. එය අපිට පිළිගත හැකියි. 

හැබැයි අපිට වාක්‍යවලින්, කරුණුවලින් පමණක් සමාජය ස්ථාවරභාවයට ගේන්න බැහැ. සමාජය ස්ථාවරභාවයට ගෙන ආ හැකි වන්නේ ප්‍රායෝගිකව ඔවුන් අර්බුදයකට මුහුණ නොදෙන බවට සහතික කිරීමෙන් පමණයි. 

මොකද අතීතයේ මාධ්‍ය ප්‍රකාශකවරු, කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයා කළ ප්‍රකාශවල අසත්‍ය බව පැයක්, දෙකක් යන විට හෙළිදරව් වුණා. ඒ නිසා  හැම විටම මෙවන් කුඩා පුවතකින් තැති ගැනීමකට ලක් වන, අස්ථාවරත්වයන් පිළිබඳ මතයක් නිර්මාණය වන සමාජයක් අප හමුවේ තිබෙන්නේ. 

අපි තවමත් ආර්ථිකය ශක්තිමත් ලෙස ස්ථාවරභාවයට පත් කර නැහැ. අපේ ආර්ථිකය ස්ථාවරභාවයට පත්කර ගනිමින්, අපේ සංචිත ශක්තිමත් කර ගනිමින් නිෂ්පාදන, ආයෝජන කැඳවා ගැනීම සඳහා වැඩපිළිවෙළ සකස් කර ගනිමින් සිටින මොහොතක්. ඒ ගමන අතරතුර තමයි මෙම සිදුවීම අපිට බලපෑම් ඇති කරන්නේ. අපි දන්නවා අපි මේ අවුරුද්දකට ආසන්න කාලය තුළ මෙවැනි සිදුවීම් කිහිපයකට මුහුණ දුන්නා. 

අපි බලයට පත්වු විගසම මේ කලාපයේ ගැටුමක් පිළිබද සාකච්ඡාවක් මතු වුණා. ඒ අවස්ථාවේදීත් මේ වගේම තැති ගැනීමක් ආවා. එහෙත් කෙටි කාලයත් තුළ එය සමනය කර ගැනීමට හැකි වුණා. ඒ වගේම එක්සත් ජනපදය තමන්ගේම ආර්ථික උපායමාර්ගයක් අනුව පනවන ලද බදු නිසා මේ පාර්ලිමේන්තුවේදීත්, පාර්ලිමේන්තුව පිටතදීත් විශාල සාකච්ඡාවක් ඇති වුණා රට අනතුරකට මුහුණ දෙයි කියලා. එයත් සමනය කර ගැනීමට අපි සමත් වී තිබෙනවා. ඒ වගේම දිට්වා සුළි කුණාටුව අපේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කළා. එහෙත් මාස 03ක් ගත වන විට එය සැලකිය යුතු ප්‍රමාණයකින් සමනය කර ගනිමින් රට සහ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. ඒ නිසා හැමවිටම අභියෝගවලදී ඒ අභියෝග සාර්ථකව සමනය කරගත් මෑතකාලීන ඉතිහාසයක් අපිට තිබෙනවා. ඒ සියල්ල හා සංසන්ධනය කර බලන විට අපි මේ තත්ත්වය විග්‍රහ කර ගත හැකියි. එහෙත් මෙම යුද තත්ත්වය මොනතරම් දුරට වර්ධනය වෙයිද කියන එක පිළිබඳ අපි කාටත් තිබෙන්නේ අවිනිශ්චිත ස්වභාවයක්. එය අපි අවබෝධ කරගත යුතුයි. 

ඒ නිසා නිරන්තරයෙන් ඇති වෙමින් තිබෙන වර්ධනයන් පිළිබඳ අපි සැලකිල්ලට භාජනය කරමින් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මේ තිබෙන තත්ත්වයන් පිළිබඳ සමාලෝචනය කර අපේ ආර්ථිකයට ඇති විය හැකි බලපෑම පිළිබඳ සමාලෝචන වාර්තාවක් අද සවස හෝ හෙට පෙරවරුවේ ලබා දෙනවා. එමගින් මූල්‍ය ක්ෂේත්‍රයේ ඇතිවන බලපෑම පිළිබඳ අපිට යම් විවරණයක් ලබා ගත හැකියි. 

ඒ වගේම මුදල් අමාත්‍යාංශය ජන ජීවිතය පවත්වාගෙන යාමේදී සහ ආර්ථිකයට එල්ලවන බලපෑම් පිළිබඳ උපකල්පනය කර ඒවාට අවශ්‍ය වන වාර්තාවක් සකස් කරමින් තිබෙනවා. ඒ වගේම විදෙස් සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අපේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දීමට සිදු වන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය න්‍යාය පත්‍රයක් සකස් කර ඊට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. 

ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සහ පහසුකම් සැපයීමේ වගකීම ආණ්ඩුවක් ලෙස අපි භාර ගත යුතුයි. අර්බුදයෙන් තනි තනි පුද්ගලයන් ලෙස මිදීමට තිබෙන වැඩ කොටස ඉතා සීමිතයි. තනි කෙනෙකුට පුළුවන් පෝලිමේ ගිහින් තෙල් ටිකක් අරගෙන යන්න. හැබැයි සමස්ත අර්බුදයේ විසඳුම් තනි තනි පුද්ගලයන් අතේ නැහැ. සමස්ත අර්බුදයේ විසඳුම් මාවත සෙවීමේදී ප්‍රධාන වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. ඒ අතර පාර්ලිමේන්තුවේ අපි හැම දෙනාටම අත් හැරිය නොහැකි වගකීමක් තිබෙනවා. ඒ වගේම අපේ රටේ පුරවැසියන්ටත් යම් සැලකිය යුතු වගකීමක් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව, පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනා එක් අරමුණක් සහ වැඩපිළිවෙළක් සහිතව මීට මුහුණ දිය යුතුයි කියන එකයි අපේ යෝජනාව.

අපිට ප්‍රධාන ප්‍රශ්නය වී තිබෙන්නේ මාස දෙක, තුන අවශ්‍ය තෙල් ගබඩා කිරීමට ප්‍රමාණවත් ධාරිතාවක් අපේ ගබඩාවල නැහැ. අපේ ගබඩාවල සිදුවන්නේ ඒ ළඟ නැව එන විට ඒ නැවේ තිබෙන තෙල් ගබඩා කර ගැනීමට හැකි වන ලෙස ගබඩා හිස් කර ගැනීමයි. ඒ නිසා ආසන්න වශයෙන් ගත් විට ත්‍රිකුණාමලයේ තිබෙන IOC ගබඩා ටික අතහැරියහොත් කොළොන්නාව සහ මුතුරාජවෙල මුළු ගබඩා සංකීර්ණයේ ධාරිතාව තිබෙන්නේ එක්ලක්ෂ පනස්දහසක් පමණයි. හැබැයි අපිට එක්ලක්ෂ පනස්දහසම තියාගෙන ඉන්න බැහැ. ඒ නිසා නැව් එන පිළිවෙළට ගබඩා හිස් කිරීමේ සැලැස්මක් සමඟ තමයි අපි කටයුතු කරන්නේ. ඒ අනුව ගත් විට එක්ලක්ෂ පනස්දහසෙන්, එක්ලක්ෂ තුන්දහසක් ගබඩා පිරි තිබුණා. ඒ වගේම අපේ දෛනික පිරිපහදුවෙන් මෙට්ට්‍රික් ටොන් 1800ක් සපයනවා. ඒ සඳහා අපි ගබඩා පහසුකම්  සකස්කරගත යුතුයි. ඒ නිසා මම හිතන්නේ මේ තිබෙන ගබඩාවලට අනුරූප වන පරිදි සැලැස්මක අපි හිටියා. දත්ත බලමින්, දිනපතා අවශ්‍යතා බලමින්, නැව් එන දින බලමින්, අපේ පිරිපහදුවේ නිෂ්පාදනය වන තෙල් ප්‍රමාණය බලමින් ඉතා හොඳ කළමනාකරණයක අපි සිටියා. 

ඒ අනුව අපිට දින 33කට අවශ්‍ය වන ඩීසල් ප්‍රමාණයක් තිබෙනවා. හැබැයි ඒ වගේම පෙට්‍රල් ගත්විට, පෙට්‍රල්වල මුළු ගබඩා ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 161,087යි. එයින් මේ අර්බුදය මතුවන විට 136,270ක ගබඩා ධාරිතාවක් තිබුණා. කවුරු හරි කියනවා නම් මෙය මුළුමනින්ම තියාගන්න තිබුණා කියලා. එහෙම කරන්න බැහැ. ආරක්ෂක ගබඩා කිරීම් සඳහා අපිට පහසුකම් තිබුණා නම්, මෙහෙයුම් සඳහා වෙනම ගබඩා සංකීර්ණයක් පවත්වාගෙන යන්න පුළුවන්. අපිට කවදාවත් ආරක්ෂිත තොගයක් නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම දෛනිකව ක්‍රියාකාරිත්වයේ යෙදෙන ගබඩා සහ අවශ්‍ය ආරක්ෂිත සංචිත එකම ගබඩාවක තිබෙන්නේ. ඒ නිසා මෙය හොඳින් කළමනාකරණය කර ගත යුතුව තිබෙනවා. අපි එය කරනවා. ඒ නිසා ඕනෑම අර්බුදයකදී අපට තබා ගත හැකි උපරිම ප්‍රමාණයක් අපි මේ මොහොතේ රඳවා ගෙන තිබුණා. ඒ නිසා තමයි දින 33කට සරිලන ඩීසල් තොගයක් අපිට තබා ගැනීමට හැකිව තිබෙන්නේ. ඒ වගේම පෙට්‍රල් ගත්තත් දින 28කට අවශ්‍ය වන ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම 07 හෝ 08 යන දිනවල මෙට්ට්‍රික් ටොන් 35,000ක තවත් පෙට්‍රල් නැවක් ඒමට නියමිතව තිබෙනවා. ඒ අනුව දින 40කට ප්‍රමාණවත් පෙට්‍රල් ගබඩා සංචිතයක් අපි ළඟ තිබෙනවා. 

අපිට අවශ්‍ය විදිහට නැව් ගේන්න බැහැ. අපේ ගබඩා හිස් වන ප්‍රමාණයට තෙල් ඇණැවුම් කළ යුතුයි. ඒ නිසා ඇයි නැව් ගෙනාවේ නැත්තේ කියන කරුණු කිසිදු තර්කයක් නොමැකි කරුණු. ඉතාමත් විද්‍යාත්මක ගබඩා පද්ධති කළමනාකරණයක අපි නිරතවෙමින් තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ආසන්න වශයෙන් පෙට්‍රල් දින 40ක අවශ්‍ය පරිදි ගබඩා වී තිබෙනවා. ඒ වගේම ගුවන් යානාවලට ඉන්ධන සැපයුම ගත් විට අපේ දෛනික අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 1800ක් පමණ. අපේ පිරිපහදුවෙන් මෙට්ට්‍රික් ටොන් 1080ක් හදනවා. ඉතිරි ටික තමයි ආනයනය කරන්නේ. 

ඒ අනුව දින 49කට ගුවන් යානා ඉන්ධන සැපයුම අපිට තිබෙනවා. ඒ වගේම මේ ගබඩාවල හිස් වන ධාර්තාව අනුව අවශ්‍ය ඉන්ධන නැව් ගෙන්වීමේ කාලසටහනක් තිබෙනවා. අපිට කිසිම නැවක් ගෙන්න ගන්න බැරි වෙයි කියලා හිතුවොත් තමයි මේ තත්ත්වය. හැබැයි අපි දැනට නැව් ටික පෙළගස්වා තිබෙනවා. විශේෂයෙන්ම ගත්තොත් RM පාර්ක් කියන සමාගමෙන් 14 වන දා නැවක් එනවා. සිනෝපැක් එකෙන් 17 වන දා නැවක් එනවා. ඒ වගේම IOC එකෙන් 21 වන දා සහ 28 වනදා  තෙල් සංස්ථවේ නැවක් එනවා. මේ නැව් සියල්ල පිළිබඳ තහවුරු කිරීමේ එකඟතා ලබා දී තිබෙනවා. අපි ඒ යාන්ත්‍රණය සකස් කර තිබෙනවා. 

ඒ වගේම තෙල් පිරිපහදුවට බොරතෙල් අවශ්‍යයි. දැන් තිබෙන බොරතෙල් ප්‍රමණය දින 26කට ප්‍රමාණවත් වෙනවා. එහෙත් අපි තවත් නැවක් ගේනවා. ඒ නැව දින 18කට ප්‍රමාණවත් වෙනවා. ඒ නැව දැන් මුහුදේ එමින් තිබෙන නැවක්. එවිට දින 44කට කිසිම නැවක් ආවේ  නැතත් අපේ පිරිපහදුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි ඇණැවුම් කර තිබෙන  නැව් එනවා. ඒ වගේම පිරිපහදුව ක්‍රියාත්මක කිරීමටත්, පෙට්‍රල් සහ ගුවන් යානා ඉන්ධන සංචිත සකස් කර තිබෙනවා. ඒ අනුව මේ තිබෙන තත්ත්වය මත ඉන්ධනවල කිසිදු අර්බුදයක් මතුවන්නේ නැහැ. එහෙත් යුද්ධය වර්ධනය වුවහොත් එයට අපි මුහුණ දිය යුතුයි. ඒ නිසා අපි යථාර්ථවාදී විය යුතුයි. මේ ප්‍රශ්නය මේ අන්දමට තිබෙන තාක් පිළිතුරු තිබෙනවා. හැබැයි මේ ප්‍රශ්නය වර්ධනය වෙනවාද, නැද්ද යන්න තීරණය කරන්නේ අපි නෙවෙයි. ප්‍රශ්නය උපකල්පනය කරමින් අපි සැලසුම් සකස් කරනවා. එය තමයි ආණ්ඩුවක වගකීම. 

හැබැයි මම මෙහිදී සිහිපත් කළයුතුයි මේ ධාරිතාව පිළිබඳ ප්‍රශ්නය දිගුකාලීන ප්‍රශ්නයක්. කොළොන්නාවේ අලුතින් මෙට්ට්‍රික් ටොන් 86,000ක ගබඩා සංකීර්ණයක වැඩකටයුතු කරමින් තිබෙනවා. අලුතින් ටැංකි 06 හදන්න වගේම, තිබුණු ටැංකි දෙකකුත් කපලා අලුත් ටැංකි 08ක් හදනවා. එම කටයුතු 2028දී අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී ටැංකි 06 සඳහා වියදම බිලියන 2.32ක් සහ අනිත් ටැංකි දෙකට බිලියන 1.45ක් වෙනවා. ඒ අන්දමින් බිලියන 05කට ආසන්න ප්‍රමාණයකින් කොළොන්නාවේ ගබඩා සංකීර්ණයේ පමණක් ගබඩා පහසුකම් වැඩි කිරීමේ සැලසුමක හිටියා. ඒ අනුව ඒ ගබඩා සංකිර්ණයේ අලුතින් දින 10කට ප්‍රමාණවත් ධාරිතාව ඉහළ යනවා. දැනට මෙහි වැඩ ආරම්භ කර කොන්ත්‍රාත් ප්‍රදානයද අවසන් කර තිබෙනවා. 2028 ජනවාරිවල එය ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.

ඒ වගේම මුතුරාජවෙල ඉදිකෙරෙන නව ගබඩා සංකීර්ණයේ ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 40,000කින් වැඩි කරන්න අපි සැලසුම් සකස් කර තිබුණා. දැන් එම ටෙන්ඩරය අවසන් අදියරේ තිබෙන්නේ. ඒ සඳහා රුපියල් බිලියන 3.5ක් වැය කරනවා. ඒ වගේම මුතුරාජවෙළ සිට කටුනායක දක්වා පයිප්ප ලයින් එකක් එළීමට සැලසුම් කර තිබුනා. ඒ සඳහා ගුවන්තොටුපොළේ විශාල සැලැස්මක් සකස් කර තිබෙනවා. අපේ ගුවන්තොටුපොළ හොද ගුවන් සේවා මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ හැකියාව තිබෙනවා. එවිට අපේ ගුවන්තොටුපොළේ ඉන්ධන ඉල්ලුම වැඩි වෙනවා. ගුවන් තොටුපොළ සංවර්ධන සැලැස්ම සහ ගුවන්තොටුපොළ ගුවන්සේවා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ සැලැස්මත් ඊට අනුරූපි ලෙස ඉන්ධන සැපයුම් සැලැස්මත් තිබිය යුතුයි. ඒ නිසා අපි මුතුරාජවෙල සිට කටුනායක දක්වා පයිප්ප ලයින් එකක් එළනවා. ඒ වගේම ගුවන් යානා ඉන්ධනවල ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 63,000ක් වැඩියෙන් ගබඩා කළ හැකි ධාරිතාවක් හදනවා. ඒ සඳහා වූ ටෙන්ඩරය දැන් අවසන් අදියරේ තිබෙන්නේ. රුපියල් බිලියන 16ක් ඒ සදහා වැය වෙනවා. ඒ 63,000න් පමණක් අපිට දින 40කට වැඩි ගණනක් සඳහා ප්‍රමාණවත් ගුවන් යානා ඉන්ධන ගබඩා කළ හැකියි. ගුවන් තොටුපොළේ ඉන්ධන ප්‍රමාණය වැඩි කළ යුතු බවට අපි සැලැස්මක් හදලා තිබෙනවා. පෞද්ගලික අංශයට අපි ඒ සඳහා ආරාධනා කර තිබෙනවා. ගුවන්තොටුපොළ ඉතා හොඳ තෙල් සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළ හැකි යටිතල පහසුකම් ටෙන්ඩරය අපි ඉතා ඉක්මණින් අවසන් කරනවා. 

ඒ වගේම ත්‍රිකුණාමලයේ අපිට තනිව පාලනය කළ හැකි ගබඩා 24ක් තිබුණා. එයින් 03ක් ප්‍රීමා එකට ගිවිසුමක් මගින් ලබා දී තිබෙනවා. තව ගබඩා 21ක් තිබෙනවා. එක් ගබඩාවක ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 10,000යි. ඒ අනුව මෙට්ට්‍රික් ටොන් 210,000ක ගබඩා පහසුකම් තිබෙනවා. අපි අදියර කිහිපයකින් ඒ ගබඩා ටික නැවත ප්‍රතිසංස්කරණයට සැලසුම් සකස් කළා. එහි පළමු අදියර යටතේ ටැංකි 04ක් ප්‍රතිසංස්රණය කිරීමට තෝර ගත්තා. 

ඒ ටැංකි හතරෙන් දෙකක් ප්‍රතිසංස්කරණය කර අවසන්, අනෙක් ටැංකි දෙකේ කටයුතු කරගෙන යනවා. හැබැයි ගබඩා ප්‍රතිසංස්කරණය කළාට වැඩක් නැහැ නළ පද්ධති නැතිව. ඒ නිසා ඒ හා සමාන ලෙස මුහුදේ සිට නළ පද්ධතියක් එළන්න අපි ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ඒ සඳහා වියදම රුපියල් බිලියන 7.37යි. එවිට එහි ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 40,000ක් වෙනවා. 

ඒ වගේම අපේ ඉන්ධන පිරවුම් පහසුකම් අඩුයි. අපි එය වර්ධනය කළයුතුයි. ඒ සඳහා ටෙන්ඩරය මේ වන විට කැඳවා තිබෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 1.5ක් වැය කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම මුළු නැව් පැමිණීමේ පද්ධතියම අපි සක්‍රීය කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා රුපියල් බිලියන 1.5ක ඇස්තමේන්තුවක් සකස් කර තිබෙන අතර එම ටෙන්ඩරය කැඳවීමට සැලසුම් කර තිබෙනවා. 

ඒ වගේම 1969 තෙල් පිරිපහදුව හැදුවේ මෙට්ට්‍රික් ටොන් 38,000ක අවශ්‍යතාවකට. ඉන්පසුව 1979දී  මෙහි ධාරිතාව තවත් මෙට්ට්‍රික් ටොන් 12,000කින් වැඩි කළා. 1979 සිට අද වන විට අවුරුදු 47ක් ගතවී තිබෙනවා. මේ වසර 47ටම එක මෙට්ට්‍රික් ටොන් එකකින් අපේ පිරිපහදු ධාරිතාව වැඩි කර නැහැ. හැබැයි අපි සැලසුම් සකස් කර තිබෙන මෙට්ට්‍රික් ටොන් 50,000 ධාරිතාව ලක්ෂය දක්වා වැඩි කිරීමට.අපි දැන් අභිලාෂ කැඳවා තිබෙනවා. දැන් සමාගම් 15ක් අභිලාෂ ඉදිරිපත් කර තිබෙන අතර සමාගම් 05ක් කෙටි කාලයක් ඉල්ලා තිබෙනවා. ඒ අනුව අභිලාෂයන් 20ක් කැඳවා තිබෙනවා. රජයේ කොටසක් තබාගෙන පෞද්ගලික අංශයේ ධාරිතාව ඉහළ නැංවීමට සැලැස්මක් සකස් කර තිබෙනවා. ඒ අනුව අපේ ඉන්ධන ධාරිතාව 100%කින් වැඩි කරනවා. 

ඒ වගේම අපේ පයිප්ප ලයින්වලට වී තිබූ ප්‍රශ්නය මෙහි සිටින කවුරුත් දන්නවා. විශේෂයෙන් කොළොන්නාවේ සිට වරාය දක්වා තිබෙන පයිප්ප ලයින් එක අවුරුදු 90ක් පරණයි. මේක හදන්න අවුරුදු 20ක් තිස්සේ උත්හාස කරනවා. හැබැයි අපි අඟල් 14 සහ අඟල් 18 ලයින් දෙකක් එළන්න සියලුම වාර්තා සකස් කර තිබෙනවා. ඉතා ඉක්මනින් මෙහි ටෙන්ඩරය කැඳවනවා. ඒ සඳහා රුපියල් බිලියන 12.8ක් වැය වෙනවා. 

ඒ වගේම කොළොන්නාවේ සිට කැලණිතිස්ස දක්වා දිවෙන නැප්තා නළ පද්ධතිය වසර 90ක් පරණයි. මෙය ඉතා අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබෙනවා. අපි ඒක හදනවා. ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම අවසන් අදියරේ පවතින අතර බිලියන 1.5ක් ඒ සඳහා වැය කරනවා. ඒ අන්දමින් ආසන්න වශයෙන් බිලියන 30කට අධික මුදල් ප්‍රමානයක් අපි මේ යටිතල පහසුකම් සකස් කිරීම සඳහා වෙන් කර තිබෙනවා. ආණ්ඩුවක් කළ යුත්තේ එයයි. දැන් තිබෙන තත්ත්වයට සැලසුම් සකස් කර තිබෙන අතර මතු විය හැකි ඕනෑම අර්බුදයකට මුහුණදිය හැකි අන්දමේ බලශක්ති ආරක්ෂාව පිළිබඳ අපි සැලසුම් සහගතව කටයුතු කරමින් සිටිනවා .

ඒ නිසා මම විශ්වාස කරනවා මේ තිබෙන අර්බුදයට මුහුණ දෙන්නත් පුළුවන්. නැවත මෙවන් අර්බුදයක් පිළිබඳ සැකයක් ජනතාව තුළ ඇති නොවන අන්දමින් ඒකට මුහුණ දෙන්නත් පුළුවන්. හැබැයි මම නැවත අවධාරණය කරනවා මේ තත්ත්වය තීරණය කරන්නේ අපි නොවෙයි. අපි සැලසුම් සකස් කරන්නේ අපේ ධාරිතාවට සහ හැකියාවටයි. හැබැයි අපේ හැකියාවට ඔරොත්තු නොදෙන තත්ත්වයන් මතු විය හැකියි. 

එය අපි පිළිගත යුතුයි. හැබැයි දැන් තිබෙන තත්ත්වයට අපේ හැකියාව තිබෙනවා, වර්ධනය වන තත්ත්වයන් අපි අධීක්ෂණය කරමින් සිටිනවා,ඒ තත්ත්වයට ඔරොත්තු දෙන අන්දමින් සැලසුම් සකස් කරමින් තිබෙනවා. ඒ නිසා බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂයෙන් තෙල් සැපයුම පිළිබඳ අපිට සැලසුමක් තිබෙනවා.

ඒ වගේම විශේෂයෙන් ගත්තොත් ගෑස් සඳහා අපේ මුළු ගබඩා ධාරිතාව තිබෙන්නේ මෙට්ට්‍රික් ටොන් 8,000කට. අපේ දෛනික ගෑස් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 1000-1200ත් අතර වෙනවා. ඒ නිසා අපිට උපරිම ගෑස් ගබඩා කළ හැක්කේ සතියකට පමණයි. ඒ නිසා දවස් දෙකක් හැර දවසක් වරායට ගෑස් ගේනවා. අපි මෙය වෙනස් කළ යුතුයි. පෞද්ගලික සමාගමේ ගෑස් සැපයුම අඩාළ වූ නිසා අපේ ගෑස් සැපයුම දවසට 1800 දක්වා වර්ධනය වුණා. දැන් මාලදිවයිනේ නැවක් නතර කරගෙන පොඩි නැවකින් 8,000 බැගින් ගේනවා. ඒ නිසා අපේ ගෑස් සමාගමේ ධාරිතාව වැඩි කිරීමට අපි සැලසුමක් සකස් කර තිබෙනවා. 

පෞද්ගලික සමාගමක් සතු මෙට්ට්‍රික් ටොන් 30,000ක ගබඩා පර්යන්තයක් තිබෙනවා.  ඔවුන් එම ගබඩා පර්යන්තය හැදුවේ අපනයන වෙළෙඳපොළට. අපි ඔවුන් සමග සාකච්ඡා කරමින් සිටිනවා මේ හදිසි අවශ්‍යතාව සඳහා මෙට්ට්‍රික් ටොන් 15,000ක පහසුකම් තාවකාලිකව ලබා ගැනීමට. ඒ සමාගමට අපි ස්තූතිවන්ත වෙනවා ඔවුන් සිය කැමැත්ත ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

මෙම සමාගම්වලට අපනයන වෙළෙඳපොළෙන් 20%යි දේශීය වෙළෙඳපොළට ලබා දිය හැකිව තිබෙන්නේ. විවිධ තත්ත්වයන් හමුවේ අපනයන වෙළෙඳපොළ බිඳ වැටුණු විට දේශීය වෙළෙඳපොළට ඔවුන් නිෂ්පාදන දාන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ නිසා සමාගමක් ලෙස සිර වීමක් ඇති වුණා. අපනයන නොකරන නිසා දේශීය වෙළෙඳපොළට ගෑස් දාන්නත් බැහැ. එවිට වෙළෙඳපොළ තුළ කහ ගෑස් හිඟයක් ඇති වුණා. ඒ නිසයි මම විශේෂයෙන් හදිසි නීතිය නැවත පැනවීමට තීරණය කළේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් හරහා නැවත විශේෂ රෙගුලාසියකින් ඔවුන්ට බදු සියල්ල අය කර ගනිමින් තාවකාලික දේශීය වෙළෙඳපොළ දාන්න බලය ලබා දෙනවා. මෙහි තිබෙන්නේ කිසිදු අයථා ගනුදෙනුවක් නොවෙයි. මෙහි තිබෙන්නේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමක්. ඒ වගේම අපි ලීට්‍රෝ ගෑස්වලින් අලුත් සිලින්ඩර් ලක්ෂයක් ඇණවුම් කර තිබෙනවා. මෙම 12 වන දා එම නෞකාව පැමිණෙනවා. ඒ නිසා තෙල් සහ ගෑස් ක්ෂේත්‍රයේ අර්බුදයක් මතු වීමේ ඉඩකඩ බොහොම අවමයි. 

ඒ වගේම විදේශගත ශ්‍රි ලාංකිකයන් විශාල ප්‍රමාණයක් එම කලාපයේ වැඩ කරනවා. ආසන්න වශයෙන් ගත් විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ අය ලක්ෂ 10ක් පමණ සිටිනවා. ඒ නිසා ක්ෂණිකව මුහුණ දීමට සිදු වන අනතුරකදී මොවුන් බලා ගැනීමට අපි අවධානය යොමු කර තිබෙනවා. දැන් සෑම තානාපති කාර්යාලයකම පැය 24 පුරා ක්‍රියාත්මක වන හදිසි දුරකථන සේවාවක් ආරම්භ කර තිබෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම අයෙකුට තමන්ගේ ගැටලු ඉදිරිපත් කළ හැකියි. 

ඒ වගේම සංචාරක කර්මාන්තය සිදුවන බලපෑම පිළිබඳවද අපි අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ වගේම අපේ අපනයන වෙළෙඳපොළ ආකාර දෙකකින් විශේෂයෙන් සෘජුවම යුද්ධය පවතින රටවල කෙරෙන අපනය වෙළෙඳපොළෙ කඩා වැටීම වගේම යුද්ධය නොපැවතියත් ආර්ථික අර්බුදයක් විසින් අපනයන වෙළෙඳපොළට ඇති කරන බලපෑම පිළිබඳ අපි අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ නිසා විශේෂයෙන් ඩොලර් සංචිත සහ විනිමය අනුපාතිකය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැන අපි අවධානය යොමු කර තිබෙනවා. 

ඒ නිසා දිගුකාලීනව ඇති විය හැකි අර්බුදයට මුහුණ දීම සහ කෙටිකාලීන අර්බුදය සමනය කර ගැනීම සඳහා අවශ්‍ය වැඩසටහන අපි දියත් කරමින් සිටිනවා. මෙහිදී අපේ අමාත්‍යාංශ සහ රාජ්‍ය නිලධාරීන් ඉතා කැපවීමෙන් වැඩ කරමින් සිටිනවා. ඒ නිසා මේ සඳහා මුහුණ දීමට අවශ්‍ය පරිදි අපි රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රීය කර තිබෙනවා. දේශපාලන අධිකාරිය ලෙස ඊට අවශ්‍ය සහාය ලබා දීම අපේ කාර්යභාරයයි. මෙම තත්ත්වය ඉතා කෙටිකාලයකින් සමනය වීම තමයි අපේ ප්‍රාර්ථනය. අපි සුබදායී දෙය අපේක්ෂා කරනවා. නරකම දේට සූදානම් වෙනවා. ඒ අනුව තමයි අපි වැඩ කරමින් සිටින්නේ. 


57 Comments

  1. ඔන්න ජූතක බමුඅන ඇවිල්ලා..
    අපේ පචතුල්ලා අවිල්ල්ලා ...
    ඔයා කියන දෙයක් තමයි .. මෙව්වා රටවල්ද
    මෙව්වා හුන්ඩු ...
    හුන්ඩුවෙන් පුම්කේ ශෝධාගත් කොටලු කොටෙක් කතා කරයි

    ReplyDelete
    Replies
    1. මේව හුන්ඩු කිව්වෙ මොනවටද​? 🤔🤔🤔🤔🤔🤔එකකට වැඩි වෙන්න ඕනි, අත්හදා බලල හොඳට දන්නව වෙන්න ඕනි.

      Delete
    2. හුන්ඩුවා සහෝට - ජයවේවා, හුන්ඩු අපිට අපි හුන්ඩුට​

      Delete
    3. YOU CAN KEEP GAS FOR ONE YEAR, THEN WHO PAY THE INTEREST & STORAGE COST

      THERE IS MINIMUM ORDER QUANTITY, WHICH IS MOST PROFITABLE FOR OPERATION.

      owa ahagathethe ara gowiindayagenda.

      Delete
  2. ලජ්ජා නැද්ද ඕයි, තමුසෙට ,,, පලයව් යන්නා බොරු කියා කියා මේකට තවත් කෙළවන්නේ නැතුව

    ReplyDelete
    Replies
    1. වීර මහින්ද රාජපක්ෂ රජ තුමා හදපු හම්බන්තොට වරායේ පිහිටි සමාගමකට අයත් මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවයකින් යුත් ගබඩා පර්යන්තයෙන් මෙට්‍රික් ටොන් 15,000ක පහසුකම් තාවකාලිකව ලබා ගැනීමට රජය සාකච්ඡා කර ඇත.

      Delete
    2. මේව හුන්ඩු මේව හුන්ඩු මේව හුන්ඩුමේව හුන්ඩු :MEHEMA DIGATAMA KIWWAHA මේව හුන්ඩුTHAMI

      Delete
    3. වත්තෙ හුණ්ඩුවා... ඉන්නකම් බයවෙන්න එපා බොලව්

      Delete
  3. ඒ හුණ්ඩුවෙන් පෙරා ගත්ත තෙල් ටිකක් උඹේ පුංචි අම්මට දීපං ,,, සුනඛ පුතා

    ReplyDelete
  4. කයිය ගහන්න නෙවෙයි ගෙනාවෙ වැඩ කරන්න. ඔයාල මොනවද මේ ටික කාලෙට කලේ? දැන්වත් කයිය නවත්වල වැඩ කරන්න. තෙල් පිරිපහදුවක් ගේනව කිව්ව. තෙල් පිරිපහදුවක් තියා මුත්‍ර පිරිපහදුවක් වත් නෑ.. විජිත කියල එකෙක් ඉම්නව. ඌ දොයි..

    ReplyDelete
  5. කෙලින්ම අබු ඩාබි වලින් ගෑස් ගන්නවා කියපු එක්කෙනා ඇමරිකාවේ පුද්ගලික සමාගමකින් ගෑස් අරගෙන ලන්කාවේ පුද්ගලික සමාගමක ගබඩා කරනවා.

    ReplyDelete
  6. Laugh gas has done manipulation..

    ReplyDelete
  7. How did LITRO managed this all these years with current capacity

    ReplyDelete
    Replies
    1. මේව හුන්ඩු මේව හුන්ඩු

      Delete
  8. අනේ ඕයි. ඔය කියන හුණ්ඩුවෙන් මේ වෙනකම් ගෑස් වෙලාවට දුන්නනෙ. තමුසෙල හුණ්ඩු සප්ලයර්ස්ලට කන්ට්‍රෑක්ට් දුන්න නිසා නෙමේද මේ ප්‍රශ්නෙ? චාමර සම්පත් ඕක වෙන්න කළින්ම පාඑලිමේන්තුවෙ කිව්ව ඔය ප්‍රශ්නෙ වෙනව කියලා. රටක නායකයෙක් ඉන්න ඕනෙ උණාට පස්සෙ ගෑණියෙක් වගේ කච පච ගාන්න නෙමේ..අඩු ගාණෙ දැන්වත් මේව විසඳන්න. රනිල් මහත්මයා ගත්තෙ මුළුමණින්ම සැපයුම නතරව්වෙච්ච වෙලාවක. කාටවත් දොස් කිව්වෙත් නෑ. එක කෝල් එකයි. ගෑස් මෙහේ. ඒ කාළෙ පුපුරනව. මිනිස්සු ගෑස් වලට භයයි. ඔන්න්න ඔහොමයි නායකයො. ඕයි.තමුඅඑ දැන් ඉන්නෙ ආණ්සුවෙ. විපක්ශෙ නෙමේ ඕයි. ආණ්ඩුවෙ. අමතක උණා නම් මතක් කරගන්නවා. බූරුවා.

    ReplyDelete
  9. හුන්ඩුවෙන් ගෑස් එවන එකත් නවත්වාවි. මුන්ට හොදටම පිස්සු. කිව්වෙ කොහොමද.ලැජ්ජ නැති නූගත් මෝඩ කතා. රටක නායකයා කතා කරන විදිය. රාජතාන්ත්‍රික සම්බන්ධතා කඩනවා රටවල් තරහ කරගෙන.

    ReplyDelete
  10. Mun avith aurudu eka marak venava. Salli pirenna thiyenava kiyala kaivaruva minissunge badhu valinma ekathu karan. Ova krnna epai. Mu me katha laranne vipakshe innava vage. Mechchra kalayak oya hunduven gan dhunna.

    ReplyDelete
  11. මේකට දැන් හොඳටම පිස්සු ... ගොත කරුමේ... නොදකින්

    ReplyDelete
  12. තලාවේ ගාමිණී

    මේ රටේ 68 ලක්ෂයක් ජනතාව පත්කරගත් රාජ්‍ය නායකයාට අපහාස කිරීම ඉතාමත් අශෝබන ක්‍රියාවකි. සමස්ථ ජනයාට කරණ අපහාසයකි.

    ReplyDelete
    Replies
    1. කක්කා කතා කියන කොට කක්කා වලින් ගහන එක අරූමයක් නෙවෙයි

      Delete
    2. @තලාවේ ගාමිණි, එතකොට මහින්ද මහත්මයාට මයින මයින කියල කියපු එක අපහාසයක් නෙමෙයිද? රනිල් ජනාධිපතිට කලිසම අඳින එක කිය කිය කළේ අපහාස නෙමේද? හිටපු සියළුම නායකයන් ජීවත්ව සිටියදී නිවන් සුව කියල කිව්වෙ බුද්ධාගමටම කළ අපහාසයක් නෙමේද?

      Delete
  13. බල්ලෝ බිරුවාට මාලිමාවේ ගැල සුපිරියටම අනුර කුමාර ගෙනියනවා

    ReplyDelete
    Replies
    1. 😁😁😁😁😁😁😁

      Delete
    2. හුටා. හුණ්ඩුවෙ ජනාධිපති - කොටා. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

      Delete
    3. ARAHE KOMS gahana mehe මේව හුන්ඩු

      Delete
    4. හැක හැකMarch 3, 2026 at 8:01 PM

      අන්න හරි, දැන් මාලිමාවේ ගැල සුපිරියටම ඇදගන යනවා කෙප්ප ගොනෙක්.

      Delete
  14. ස්විට්සර්ලන්තයේ සමාගමකට ගෑස් සැපයුම බාරදීලා හොද කොමිස් කුට්ටි ගහගන්න මේ කොට පචයා ලෑස්තියි. මූ පාර්ලිමේන්තුවේ කියන්නේ පච විතරයි. මේ කාලකන්නියා රට විනාශ කරනවා. මුගේ පච වලට රැවටෙන්න එපා.

    ReplyDelete
  15. මිනිහට බනින්න එපා මිනිහා ලෝකෙ දැක්කෙ ඊයේ පෙරේදා ඉතින් ඒකෙන් පස්සෙ කයිය ගහන්න තමයී ඔහොම කිව්වේ වැඩේ තියෙන්නේ මිනිහට ඒ hunduwa හරියට කරගෙන යන්න බැරි කම

    ReplyDelete
  16. Thambuthegama hunduwaka ipadila upanna sapaya nisa Pinata iganagena 'nodanna horu gana kiyala Balayata Avith 'dan kiyanava meka hunduwaklu.
    Thopi vage Kalakanni minisunta pinata kanna bonna 'saukkyata'ara deemana me deemana deela thama ara minissunta kela une.e gaman ratata kela una.
    Upannata Punchage indala rata vate vanana paryekgen meeta wada mona kathada.


    Dan sapada

    ReplyDelete
  17. වීර මහින්ද රාජපක්ෂ රජ තුමා හදපු හම්බන්තොට වරායේ පිහිටි සමාගමකට අයත් මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවයකින් යුත් ගබඩා පර්යන්තයෙන් මෙට්‍රික් ටොන් 15,000ක පහසුකම් තාවකාලිකව ලබා ගැනීමට රජය සාකච්ඡා කර ඇත.

    ReplyDelete
  18. nodakin.....thopita chande dunnane apith.

    ReplyDelete
  19. මෙතුමා ජනාධිපති ධූරයේ දිවුරුම් දී මේ වන විට දින පන්සීයකටත් වඩා ගත වී ඇති බව කව්රුන් හෝ මෙතුමාට මතක් කර දෙනවා ද?

    ReplyDelete
    Replies
    1. උන්නහැ හිතන් ඉන්නෙ විපක්ෂ මන්ත්‍රි කියලා තාම. 😁

      Delete
  20. හුණ්ඩුව ගත්තේ අහිංසක ජනතාවට ගුණ්ඩුව දීලා.නමුත් ඵ්කත් හරියට කරගන්න බැරි පාණ්ඩුව හැදිලා කැබිනට්ටුවට.

    ReplyDelete
  21. දැන් ජනාධිපති වෙලා අවුරැදු එකහමාරක්. තාමත් හිතන් ඉන්නෙ විපක්ෂ මන්ත්‍රි කියලා. කාවද හලෝ අන්දන්නෙ. තමන් බම්බු ද ගැහුවෙ අවුරැදු එකහමිරක්. 2029 දිත් ඔය ටිකම කියනවා ෂුවර්.

    ReplyDelete
  22. හුටා. හුණ්ඩුවෙ ජනාධිපති - කොටා. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ReplyDelete
  23. සමහර පැට්‍රල් ෂෙඩ් හුන්ඩු වගේ තමයි. වාහන තුන හතරක් ඇතුල් කරන්න ඉඩ නැහැ. එක බවුසරයක් තෙල් ඉවර වූනහම තමයි අනෙක් බවුසරය ඕඩර් කරන්නේ. එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. “පැට්‍රල් ෂෙඩ් ‘හුන්ඩු’ වගේ කියලා ලේසියට කියන්න පුළුවන්. හැබැයි ඒවා පුංචි ඉඩක තියෙන නිසා තමයි නගරේ මැද්දටම පහසුවෙන් සේවය දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැම ස්ථානයක්ම ලොකු ඉඩක හදන්න බැහැ.

      බවුසරය තෙල් ඉවර වුණාම තවත් බවුසරයක් ඕඩර් කරනවා කියන එකත් පූර්ණ කතාව නෙවෙයි. තෙල් බෙදාහැරීමේ පද්ධතියම පාලනය වෙන්නේ Ceylon Petroleum Corporation සහ Lanka IOC වගේ ආයතන වලින්. ෂෙඩ් එකකට තමන්ට කැමති වෙලාවට තමන්ට ඕන විදියට බවුසර ගෙන්වන්න බැහැ. ඒක සැපයුම් කාලසටහන, ගබඩා ධාරිතාව, ආරක්ෂක නියමයන් එක්ක බැඳිලා තියෙන එකක්.

      අනිත් එක, ඉඩ සීමාව තියෙන තැනක එකවර බවුසර දෙකක් නවත්තලා ඉන්ධන බාන්නත් බැහැ – ඒක ආරක්ෂාවටත් අනතුරුදායකයි. එතකොට ‘පෙරහැර ගිහිල්ලා ඉවරයි.’ වගේ පේන එක, ඇත්තටම සැපයුම් හා ආරක්ෂක ක්‍රමවේද වල ප්‍රතිඵලයක්.

      ඒ නිසා හුන්ඩු කියලා හෙලිකරන්න කලින්, රජයේ දුරුවල සීමාවන් සහ නීති රීතිත් බලලාම විවේචනය කරන්න එක හොඳයි.”

      Delete
    2. සිපෙට්කෝ වේවා ඉන්දියන් ඔයිල් වේවා ඔය මොකෙන් උණත් තෙල් ඕඩර් කරන්න කළින් බිල ගෙවන්න ඕනෙ. ට්‍රාන්ස්පෝර්ට් එක වෙනම බලන්න ඕනෙ. මේ වගේ වෙලාවක මේ මිනිස්සුන්ට බැණල වැඩක් නැහැ. රටක මේ නායකත්වය යටතේ තෙල් වලට සම්බන්ධ සැපයුම්කරුවෙක් දාලත් ගියා. මේ අය විවිධ බොරු කිව්වත් ඒ දේවල් වළින් රටට උණේ අවාඅසියක්. ඕක ඉතින් මේ වගේ ජරා කටක් තියෙන අමන මෝඩ ජනාධිපති කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ මිනිහා අපිට උදව් කරන හිතවත් රටකුත් තරහ කරගන්නවා.

      Delete
  24. කථානායක අපේ කයිතන් ලොක්කට පුකේ ඇරල නේද

    ReplyDelete
  25. “රටේ ජනාධිපතිවරයා තමන්ගේම රට ‘හුන්ඩු රටක් ’ කියලා හෙලිකරන එක විසඳුමක් නෙවෙයි. නායකයෙකුගේ වගකීම වෙන්නේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳන එක, රට පහත් කරලා කතා කරන එක නොවෙයි.

    ගෑස් සැපයුම සම්බන්ධයෙන්, මාලදිවයිනේ නැවක් නතර කරලා කුඩා නැව්වලින් මෙට්‍රික් ටොන් 800 ගාණේ ගේන එක emergency logistics ක්‍රමයක් වෙන්න පුළුවන්. ලෝකයේ රටවල් බොහොමයක් supply chain ප්‍රශ්නවලදී transshipment, lightering වගේ ක්‍රම භාවිතා කරනවා. ඒක රට ‘හුන්ඩු’ නිසා නෙවෙයි — වරාය ධාරිතාව, ගෙවීම් ක්‍රම, කාලගුණ තත්ත්ව, සහ කොන්ත්‍රාත් සීමා වගේ කරුණු නිසා.

    අපිට මතක තියෙන්න ඕනේ, ගෑස් ආනයනය සහ බෙදාහැරීම සිදු කරන්නේ Litro Gas Lanka සහ Laugfs Gas වගේ ආයතන හරහා. මේවා පාලනය වෙන්නේ රජයේ ප්‍රතිපත්ති, ණය පහසුකම්, සහ විදේශ විනිමය ප්‍රතිපාදන එක්ක. ඒවා හදාගන්න ඕනේ නායකත්වයෙන්.

    රටවල් ‘හුන්ඩු’ වෙන්නේ නැහැ — ප්‍රතිපත්ති දුර්වල වෙන්න පුළුවන්. රටක් පහත් කරලා කතා කරනවාට වඩා,

    දිගුකාලීන supply agreements හදන එක

    වරාය සහ ගබඩා ධාරිතාව වැඩි කරන එක

    විදේශ විනිමය ස්ථාවර කරන එක

    වගේ ප්‍රායෝගික විසඳුම් දක්වලා ජනතාවට විශ්වාසයක් දෙන එක තමයි නායකයෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ.

    රට ‘මේවා රටවල් නෙමෙයි’ කියලා කියන එක political rhetoric එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් රටේ ගෞරවය ඉහළ යන්නේ නැහැ. නායකයා රට උස්සන වචන පාවිච්චි කරන්න ඕනේ — පහත් කරන වචන නොවෙයි.”

    ReplyDelete
  26. විජිත හේරත් සහ අපේ මේ අනුර කුමාර කයිතන් ඉස්කෝලෙ යන කාලෙ කොල්ලෝ ගහලා තිබේද යන්න පරීක්ෂා කළ යුතුයි.

    ReplyDelete
  27. SF කල වැද්ද දම්මල මූට පූකේ අරින්න ඕනෙ කැරියා

    ReplyDelete
    Replies
    1. MU SFTA ARALA , SF muta arala

      Delete
  28. ඔය ළඟ ඉන්න බඩි බඩ්ඩ්ගෙන් අහල නෙමෙයිද ඉරානෙට ගැහුවේ .. හුන්ඩු ජුන්ඩෝ

    ReplyDelete
  29. දිසානායක මුදියාන්සේලාගේ අරවින්ද කුමාර දිසානායක නොහොත් වත්තෙ හුණ්ඩුවා

    ReplyDelete
    Replies
    1. 😂😂😂😂😂😂

      Delete
    2. මූ දිසානායක මුදියාන්සේලාගේ නෙමේ, වෙන බාල නමක් තිබුනේ පස්සේ නම වෙනස් කරවාගන තියෙනනෙ.

      Delete
  30. මේවා ඇවිල්ලා වත්තේ හුංඩු එහෙමත් නැත්නම් හුත්තේ ආණ්ඩු

    ReplyDelete
  31. Disgusting Anura, who could not even get 50% of votes from this 'Hunduwa" country.

    ReplyDelete

  32. අනේ ජනාපටි ටුමෝ මේ හුණ්ඩුව අතෑරල ඇමරිකාව රුසියාව චීනෙ ඉන්දියාව වගේ විසාල රටකට ගිහින් එහෙ ජනාධිපති වෙන්ට

    ReplyDelete
  33. රට hallu කරන අන්දරේ ල.

    ReplyDelete
  34. අපරාදේ මුන්ට depu ඡන්දෙ.

    ReplyDelete
  35. ඉතිං පකෝ මොකද මේ හුන්ඩුවට වෙලා කරන්නෙ? පලකො තඩි රටකට මකබෑවෙලා.

    ReplyDelete
Previous Post Next Post