පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් ජාලයන්ට එල්ල වී ඇති බාධා හමුවේ, රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යන් (Levan S. Dzhagaryan) මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
අද (13) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුවිය.
රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමෙන් අනතුරුව මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා, මෙරට ඉන්ධන සැපයුම ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව විමසා සිටියේය.
ශ්‍රී ලංකාවේ මෙම ඉල්ලීම වහාම රුසියානු රජය වෙත දැනුම් දීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් අදාළ රුසියානු ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවත් තානාපති ජගර්යන් මහතා මෙහිදී සහතික විය.

Hope we could continue to obtain oil from Russia even in the future.
ReplyDeleteGreat government
ReplyDeleteඊයා.. ඩෝබියා...
Deleteමුන් රෙදි ඇඳගෙනද දන්නෙ නෑ රුසියානු තානාපති කාර්යාලයට ගියේ?
ReplyDeleteමුන්ටම මතක නෑ 2015 යහපාලන ආණ්ඩුව ආපුගමන් බිමලල, විජිහේරල කොළඹ තියෙන රුසියානු තානාපති කාර්යාලයට බලහත්කාරයෙන්
ඇතුලුවෙලා තානාපති කාර්යාලයේ ඔප්පු ඉල්ලල ගිනි විච්චුම්බරයක් කරල, යකානටල, ඔප්පු ඉදිරිපත් කෙරුවට පස්සෙ කිචවෙලා, නැට්ට දෙපරන්ද
අස්සෙ ගහගෙන පල්ලම් බැස්ස හැටි.