IOC, Cinopec, RM Park සමාගම් තුනම ඉන්ධන සැපයුම සීමා කරයි..


මෙරට ඉන්ධන අලෙවි කරන පුද්ගලික සමාගම් තුනම ඉන්ධන පිරවුම්හල් සඳහා මේ වන විට නිකුත් කරනු ලබන්නේ දෛනික අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණය පමණක් බව ලංකා කනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි
.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පිරවුම්හලක දෛනික අවශ්‍යතාවයෙන් 150% ක තොගයක් පවත්වාගෙන යා යුතු වුවද, පවතින තත්ත්වය මත සයිනොපෙක්, ලංකා අයි..සී , ආර්.එම්. පාර්ක් යන සමාගම් තුනම පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමේදී මෙම සීමිත ක්‍රමවේදය අනුගමනය කරන බව එම සංගමය සාමාජික ශාත්න සිල්වා මහතා පැවසීය.

බෙදාහැරීමේ ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදුවන අතර දෛනික අවශ්‍යතාවය සඳහා අවශ්‍ය ඉන්ධන නිකුත් කෙරේ. කෙසේ වෙතත්, පිරවුම්හල් තුළ අතිරික්ත තොග නොමැති වීම හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය කරන ටැංකි රථ පැමිණීම සුළු වශයෙන් හෝ ප්‍රමාද වුවහොත්, අදාළ පිරවුම්හල්වල ඉන්ධන අවසන් වීමේ ප්‍රවණතාවයක් පවතින බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.


4 Comments

  1. කෝ බං මුන්ගේ අන්තර්ජාතික සම්බන්දතා

    ReplyDelete
  2. මේ දිනවල කයිතන් තෙල් ළිඳක් හාරනවළු.තෙල් ඉනුවහම ගාන අඩුකරලා ඕසෙට සප්ලයි එක දෙයි.එතෙක් ඩෝබිලා සෝදපල්ලා.

    ReplyDelete
    Replies
    1. ප්‍රමිශ්කගෙ ලිඳ හාරල ඉවරද?

      Delete
  3. හොඳම විසඳුම රනිල් වික්‍රමසිංහ රජය සිදුකල යාන්ත්‍රණය යලි පණගැන්වීම නොවේද? රටේ ඇති තොග අනුව සතියකට නිකුත්කරන ඉන්ධන ප්‍රමාණය සීමාව පාලනය හැකියාව ලැබෙනව.

    ReplyDelete
Previous Post Next Post