මිල වැඩි කිරීමෙන් ඉන්ධන මිල සුත‍්‍රය විකෘති කරලා..

 


වත්මන් රජය ඉන්ධන මිල සූත්‍රය තමන්ට අවශ්‍ය පරිදි විකෘති කරමින්, පවතින සැබෑ මිල ගණන් සැඟවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරයි.

තම X ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, රජය විසින් ඉන්ධන සහනාධාර ලබා දෙන බව පැවසුවද, එම ගණනය කිරීම් සඳහා යොදාගෙන ඇති දත්ත පදනම් විරහිත බවයි.

රජය ඉන්ධන මිල සූත්‍රය ගණනය කිරීමේදී Singapore Platts මිල ලෙස පෙට්‍රල් 92 බැරලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 130ක් සහ ඔටෝ ඩීසල් බැරලයක් සඳහා ඩොලර් 180ක් ලෙස උපකල්පනය කර ඇති බව මන්ත්‍රීවරයා පවසයි.

ශ්‍රී ලංකාව දැනට ඉන්ධන මිලදී ගනු ලබන්නේ ඉහත සඳහන් ඉහළ මිල ගණන්වලට නොවන බවත්, සූත්‍රය සඳහා සැබෑ 'ගොඩබෑමේ පිරිවැය' යොදාගෙන නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

මිල සූත්‍රයට අනුව පෙට්‍රල් සඳහා රුපියල් 20ක සහ ඩීසල් සඳහා රුපියල් 100ක සහනාධාරයක් ලබාදෙන බව රජය පැවසුවද, පදනම් කරගත් මිල ගණන් වැරදි බැවින් එම සහනාධාරය 'මනඃකල්පිත' එකක් බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

මීට පෙර මංගල සමරවීර මහතා හඳුන්වා දුන් මිල සූත්‍රයට ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය දැඩි ලෙස විවේචනය කළ බව සිහිපත් කරන හර්ෂ ද සිල්වා මහතා, දැන් එම සූත්‍රයම තමන්ට වාසි සහගත ලෙස හසුරුවනවා වෙනුවට විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි

මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ දත්ත සටහනට අනුව, රජය භාවිතා කරන දත්ත මත පදනම් වූ මිල සහ වත්මන් විකුණුම් මිල අතර වෙනස මෙසේය:



3 Comments

  1. සූත්තර පුංචාMarch 23, 2026 at 12:16 AM

    අලුත් සූත්‍රය:

    දේශීය තෙල් මිළ = (ජාත්‍යන්තර මිළ ) + (නැව් ගාස්තු ) + (ටැක්ස්) + (ගොඩබෑමේ පිරිවැය) + ( බෙදා හැරීමේ පිරිවැය) + (කාංචන 50) + (සිරසේ 50 ) + (ගල් අඟුරු පාඩුව 50) + (ඇමති ගේ 50) + (නහස්තිය 50)

    ReplyDelete
    Replies
    1. ඕකට කොටාගෙ කට් එකත් එකතු කෙරුවොත් තමයි ඇත්ත සූත්‍රය හම්බවෙන්නෙ.

      Delete
    2. ඇයි පැලවත්තේ කැටේට දාන කොටස

      Delete
Previous Post Next Post