යුද සමයේදී දෙපාර්ශවයම බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදන් කරවලා..

 


2009 වසරේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී පුද්ගලයින් 2,764 දෙනෙකු අතුරුදන් වී ඇති බවට වාර්තා වුවද, එම සංඛ්‍යාලේඛන විවාදාත්මක බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් නිවැරදි දත්ත පද්ධතියක් සකස් වී නොමැති බවයි.

යුද සමයේදී දෙපාර්ශවයම බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදන් කරවීම්වල නිරත වී ඇති අතර, රජය කිසිසේත්ම එවැනි ක්‍රියාවන් අනුමත නොකරන බව අමාත්‍යවරයා පැවසීය.

අතුරුදන්වීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ස්ථාපනය කිරීමට යෝජිත ඕනෑම ආකාරයක ජාත්‍යන්තර යාන්ත්‍රණයකට රජය දැඩි ලෙස විරුද්ධ වන බවද හෙතෙම සඳහන් කළේය.

අතුරුදන් වූවන් පිළිබඳ ගැටලුව සඳහා දේශීය යාන්ත්‍රණයක් හරහා විසඳුම් සෙවීමට රජය කැපවී සිටින බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

7 Comments

  1. We dont need to talk these
    Usa did lot

    ReplyDelete
  2. Rasamanikkam raise
    Wimal publish & mske more popularity

    ReplyDelete
  3. දැන් ඔය බුදු වෙලා වගේ කතාකරන අය 88,89 කාලේ අතුරුදහන් කිරීම් ගැන මොකද කියන්නේ.

    ReplyDelete
  4. දේශපාලන තරහට කුණු ගොඩවල් අවුස්සලා රට අමාරුවේ දාන්නද හදන්නේ? කාලකන්ණි.

    ReplyDelete
  5. කරන්න බෑ. කයිවාරු විතරයි. නාමල්❤ කරයි. දීල පලයල්ලා. සක්කිලි

    ReplyDelete
  6. එළවන වෙලාවට මුගේ දිවයි ඇඟිල්ලයි ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ

    ReplyDelete
  7. පිස්සු හුත්තා 😡🤮 මුන්ට ගහලා පන්නන්න කාලය හරි

    ReplyDelete
Previous Post Next Post