ඉරානය සමඟ පවතින යුද්ධය තවත් මාසයක් වැනි කෙටි කාලයකින් අවසන් විය හැකි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.
ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකායේ මූලස්ථානය විනාශ කිරීමට ඇමෙරිකාව සමත්වීමත් සමඟ ජනාධිපතිවරයා මෙම විශ්වාසය පළ කර ඇත.
ඉරානයට එරෙහිව දියත් කළ ප්‍රහාරවලින් මේ වන විට ඉරාන නායකයන් 48 දෙනෙකු මියගොස් ඇති බව ජනාධිපති ට්‍රම්ප් අනාවරණය කළේය. එසේම ඉරාන නාවික හමුදාවට අයත් යුද නැව් නවයක් (9) මේ වන විටත් විනාශ කර ඇති අතර, ඉතිරි නැව් ද විනාශ කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉරානයේ භූගත මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් බී-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා මගින් රාත්තල් 2,000 බෝම්බ හෙළීම ද මෙම මෙහෙයුම්වලට ඇතුළත් වේ.
මෙම ගැටුම් අතරතුර පළමු වරට ඇමෙරිකානු සෙබළුන් තිදෙනෙකු (3) මියගොස් තවත් පස් දෙනෙකු (5) බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ. වාර්තාවලට අනුව මෙම සෙබළුන් මියගොස් ඇත්තේ කුවේට්හි පිහිටි ඇමෙරිකානු කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකිනි. මෙම ජීවිත හානි සම්බන්ධයෙන් ජාතිය ඇමතූ ජනාධිපතිවරයා, "ඇමෙරිකාව ඔවුන්ගේ මරණ වෙනුවෙන් පළිගන්නා බවත්, ශිෂ්ටාචාරයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ ත්‍රස්තවාදීන්ට දරුණුතම ප්‍රහාරය එල්ල කරන බවත්" අවධාරණය කළේය.
ඉරාන උත්තරීතර නායක අලි කමේනිගේ අභාවයෙන් පසු මැද පෙරදිග කලාපය දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව ඇත. ලෝක තෙල් සැපයුමෙන් සියයට 20ක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට වෙළෙන්දෝ අනතුරු අඟවති. එසේම ඩුබායි ඇතුළු මැද පෙරදිග ප්‍රධාන ගුවන් තොටුපළවල් වසා දැමීම හේතුවෙන් ගෝලීය ගුවන් ගමන්වලට ද දැඩි බාධා එල්ල වී තිබේ.
මෙම මෙහෙයුම් සඳහා ඊශ්‍රායලය සෘජුවම දායක වන අතර, ටෙහෙරාන් අගනුවර ගුවන් බලය මේ වන විට තමන් සතු කරගෙන ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඉරාන රජය ඇතුළතින් බිඳ දැමීම තම අරමුණ බව ඊශ්‍රායල සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඉරානය ද ප්‍රතිප්‍රහාර දියත් කරමින් පවතින අතර, කුවේට් සහ බහරේන්හි පිහිටි හමුදා කඳවුරුවලට මෙන්ම ගල්ෆ් කලාපයේ තෙල් නැව්වලට ද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ

"ශිෂ්ටාචාරයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ, සියළු ජාත්‍යන්තර නීති බල්ලාට දැමූ, ඉතාමත් උඩඟු, අධි මාන්නක්කාරී පිස්සෙක් බලවත් රටක ජනාධිපති වුණාම කරන මහා යුධ අපරාධ" 😡🤮 තොපි වැඩි කල් නටන්නේ නෑ, දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ දක්වා ලෝකය පුරා වැපිරූ භීෂණ වල, ඝාතන වල අස්වැන්න තොපිට නෙලාගන්ව සිදුවෙන කාලය වැඩි ඈතක නෑ 😡🤮🤮🤮
ReplyDeleteසංකෘතියක්, ශිෂ්ඨචාරයක්, නැති රටක ජනාධිපති එහෙම තියන රටවල් නැති කරන්න හදන්නේ.
Deleteකොවිඩ් වලින් පස්සේ මිනිස්සු ගේමක් ගහලා ඔලුව උස්සන්න හදනකොටම ට්‍රම්ප් බූරුවා බදු ගැහුවා. 😡😡😡
ReplyDeleteඒකෙන් ලෝකෙ පුරාම කර්මාන්ත බිඳ වැටුනා. දැන් ඒ මදිවට මේක. පාහරම මිනිහෙක්. 😡😡😡
දකිනකොටත් අප්‍රියයි මේ කාලකන්නියයි, ඊශ්‍රායලේ බූරුවයි.
Deleteවැඩක් නෑ කතාකරලා. මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නෙ. මුන් ඉපදිච්ච දවසේ ඉඳලම මාලිගා වල ඉඳලා දුප්පත් මිනිස්සුන්ගේ වේදනාව තේරෙන්නෙ නැහැ.
Deleteමාසෙන් ගහල උඹලා යයි. හැබැයි ඒ මාසෙ ඇතුලත වෙන විනාශේ ප්‍රතිපල මාස 6-12 වත් අඩුම තියේවි. වටේම තියෙන ඉන්ධන පිරිපහදු වලටයි තෙල් ලිං වලටයි ගැහුවම උඹලට තේරෙයි. ට්‍රම්ප් උඹ නම් මහ ගොන් වස්සෙක්.
ReplyDeleteට්‍රම්ප් කියන්නේ මහ උද්ධච්ඡ පඩත්තලයෙක්. මූ ඉරානෙ විනාශ කරලා, මැදපෙරදිගටම කෙලවලා, ඇමරිකාවටත් කෙලලා තමයි යන්නෙ. දැනටමත් කැනඩාවයි, යුරෝපෙයි තරහ කරගෙන ඉන්නෙ. දැන් මැදපෙරදිගත් තරහ කර ගත්තම ඇමරිකාව නිකන්ම තනි වෙනවා. මූ ඉන්නෙ අවුරුදු 2යි තව. (ඇමරිකාවෙ උන්ටත් මහ ඇණයක් වෙලා තියෙන්නෙ මේකා)
ReplyDeleteTrump go home patan ganna Anuraya Arapalla
ReplyDeleteAnurai Basilui ehe Trump go home.
ReplyDeleteApi mehe patan gamu Anura go home.
Anith kattiya patan ganna Gota Come home
Ranil come home
Puthano tours well come village..
Hik hik
Anurai Basilui ehe Trump go home.
ReplyDeleteApi mehe patan gamu Anura go home.
Anith kattiya patan ganna Gota Come home
Ranil come home
Puthano tours well come village..
Hik hik