විදුලිය නැතිව ශ‍්‍රී පාදයත් කරුවලේ.. වන්දනාකරුවන් කරුවලේ පාරේ රැය ගෙවති..

 


මස්කෙළිය විදුලි පාරිභෝගිත මධ්‍යස්ථානය යටතේ පාලනය වන නල්ලතන්නි නගරයේ සිට ශ්‍රී පාද උඩමළුව දක්වාත් මස්කෙළිය, රිකාටන් ඇතුලු වතු ගණනාවකට (10) දින රාත්‍රියේ සිට විදුලි බලය ඇන හිටිම නිසා විදුලි පාරිභෝගිකයන් මෙන්ම ශ්‍රී පාද වන්දනාකරුවන්ද දැඩි ලෙස පීඩාවට පත් වි ඇත.

නල්ලතන්නි නගරයේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා පිවිසෙන මාර්ගයේ (10) දින රාත්‍රියේ විදුලි බලය ඇන හිටිම නිසා ශ්‍රී පාදය වන්දනාකරන වන්දකරුවන් (11) අලුයම පහන්වන තෙක් එම මාර්ගයේම රැදි සිටි බවත්, රත්නපුර පලාබද්දර මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩමළුව වෙත ලබා දී ඇති විදුලි බලයෙන් ශ්‍රී පාද මළුවට පමණක් විදුලි බලය පවතින බවයි වන්දනාකරුවන් කියා සිටින්නේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් විසින් පැවැත්වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් විදුලි බිදවැටීම් යථා තත්වයට පත් නොකිරිමේ මස්කෙළිය සහ නල්ලතන්නි ප්‍රදේශයේ විදුලි බලය ඇන හිට ඇති බවත්, විදුලි බලය නොමැති විම හේතුවෙන් මස්කෙළිය ජල පාරිභෝගික මධයස්ථානයට මස්කෙළිය ඔයේ සිට ජලය පොම්ප කිරිමට නොහැකි නිසා මස්කෙළිය ප්‍රදේශයට පානීය ජලය බෙදා හැරීමද නතර කර ඇත.

ප්‍රදේශයේ පවතින අධික වියලි කාලගුණයත් සමග විදුලි බලය සහ පානීය ජලය නොමැති වීමෙන් මස්කෙළිය සහ නල්ලතන්නිය ප්‍රදේශයේ විදුලි සහ ජල පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.

රංජිත් රාජපක්ෂ  

4 Comments

  1. Ko thope malimawe un dan ubatalata sapai da boruo set 1k path keranne

    ReplyDelete
  2. I am a diabetic on insulin twice a day, All my insulin stock are gone due to 3 days power interuption. Ane mona drviyanta kiyannada.. next pension day is 10th Aoril... ...?

    ReplyDelete
    Replies
    1. good luck
      You created your own problems
      Ask it from ranil mahind premadasa

      😂😂

      Delete
    2. You voted to bring this government in to power, now you have to pay a price for your own sin.

      Delete
Previous Post Next Post