ආණ්ඩුව යටින් කළු ආණ්ඩුවක්..- වටගල

 


මෙරට නිල ආණ්ඩුවට යටින් ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය, පාතාලය සහ නීති විරෝධී අවි ජාවාරම නමැති "කළු ආණ්ඩුව" සහ එහි සැපයුම් ජාලය මුළුමනින්ම බිඳ දැමීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා පවසයි.

මෙම කළු බිස්නස් එක මෙරට සමාජයේ ඇටමිදුළු දක්වා කිඳා බැස ඇති බවත්, මත්ද්‍රව්‍ය, පාතාලය සහ අවි ජාවාරම යන අංශ තුනම එකිනෙකට බද්ධ වී පවතින බවත් ඒ මහතා පෙන්වා දෙයි. 

පසුගිය කාලසීමාව පුරා මෙම නීති විරෝධී ව්‍යාපාර මෙතරම් පෝෂණය වීමට ප්‍රධානතම හේතුව වූයේ දේශපාලන අධිකාරියේ සෘජු මැදිහත්වීම බව ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

නියෝජ්‍ය ඇමතිවරයා පවසන පරිදි, පසුගිය පාලන සමයන්හි "දියවන්නාව" හෙවත් දේශපාලන අධිකාරිය මෙම ජාලය පිටුපස සිටිමින් එය ආරක්ෂා කර ඇත. 

ඇතැම් දේශපාලනඥයන් තම මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් ලබාගෙන ඇත්තේ ද මෙම කළු බිස්නස් හරහා බවත්, ඒ හේතුවෙන් මීට පෙර පැවති ආණ්ඩුවලට මෙම සැපයුම් ජාලයට අත තැබීමට නොහැකි වූ බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, වත්මන් රජය යටතේ මෙම ජාලයේ ඉහළම පුරුක් ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් ආරම්භ කර ඇති බව වටගල මහතා පැවසීය. මීට පෙර වෙරළ තීරයෙන් හෝ ගුවන්තොටුපලෙන් නතර වූ පරීක්ෂණ දැන් ජාත්‍යන්තර මට්ටම දක්වා ව්‍යාප්ත කර ඇත. 

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් ඉන්දුනීසියාව, නේපාලය සහ පකිස්ථානය වැනි රටවලට ගොස් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ප්‍රබලතම සැපයුම්කරුවන් 29 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

පාපොච්චාරණ හමුවේ දේශපාලනඥයන් කලබල වෙයි විශේෂයෙන් ඉන්දුනීසියාවෙන් රැගෙන ආ ප්‍රබල අපරාධකරුවන් මේ වන විටත් පාපොච්චාරණය කිරීමට පටන් ගෙන ඇති බව නියෝජ්‍ය ඇමතිවරයා අනාවරණය කළේය. 

මෙම හෙළිදරව් කිරීම් හමුවේ ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ ඇතැම් පාර්ශව දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව ද සුනිල් වටගල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

14 Comments

  1. පල යන්න වාචාලයා.

    ReplyDelete

  2. මේකව බේරෙන් නාවලා ගෝල්ෆේස් එකේ තියලා ගු ගහනකොට ..............................

    ReplyDelete
    Replies
    1. මුට තේරෙයි මුන්ගේ ආණ්ඩුව මිනිසුන්ට කොච්චර එපා වෙලාද කියලා

      Delete
  3. මේ තලු ආණ්ඩුව මෙහෙයවන්නෙත් කොපි මෙහෙයවන පැලවත්තෙන්ම බව නොදැනද මේ අපිට බණ කියන්නේ. මාලිමා ආණ්ඩුවක් ගේන්න සල්ලි වියදම් කළ අය අතර ඇමරිකාව එම්බසිය හරහා, දෙමළ ඩයස්පෝරාව, මැල්කම් රංජිත් ප්‍රමුඛ කතෝලික සභාව, ධනවත් මුස්ලිම්වරුන්, ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි සූරා කන ධනපතියන් යන අයගේ අවශ්‍යතාවන් තමයි මුං ඉටු කරන්නේ. මුංට ඡන්දය දුන් පොහොට්ටුකාරයින්ය දැන්වත් මෙළේ පෑදෙයිද මංද?

    ReplyDelete
    Replies
    1. මේ කලු ආණ්ඩුව මෙහෙයවන්නෙත් තොපි මෙහෙයවන පැලවත්තෙන්ම බව නොදැනද මේ අපිට බණ කියන්නේ? මාලිමා ආණ්ඩුවක් ගේන්න සල්ලි වියදම් කළ අය අතර එම්බසිය හරහා ඇමරිකාව, ඉන්දියාව, දෙමළ ඩයස්පෝරාව, මැල්කම් රංජිත් ප්‍රමුඛ කතෝලිකයින්, ධනවත් බලවත් මුස්ලිමුන්, ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි සූරා කන ධනපතියන් යන අයගේ අවශ්‍යතාවන් තමයි මුං ඉටු කරන්නේ. මුංට ඡන්දය දුන් පොහොට්ටුකාරයිනට දැන්වත් මෙළේ පෑදෙයිද මංද?

      Delete
  4. හෑබෑයි අහු වෙන අහු වෙන එකා ජෙප්පෙක්. මීට වටපඩගල.

    ReplyDelete
  5. කුඩු කන්ටේනර් 323 හොයපං මරු කියවන්නෙ නැතුව.හාල්මැස්සො අල්ලනවා නාටක මාරයි.

    ReplyDelete
  6. EKALETH THIBUNA , HAMA PARAK DIGEMA

    ReplyDelete
  7. ලක්ෂ දෙකක් මැරයෝ ඉන්න මුළු රට ම එකම වෙලාවට වහන්න පුළුවන් තම නියෝග ඉටු නොකරම බේල්ල කපලා ඔලුව වැටෙ ගහන බේල්ල වැටෙ brigade එකක් ඉන්න එක chit එකෙන් මිනිස්සු බියේන් සලිත කරන්න පුළුවන් ලංකාවේ ලොකුම පාතාල සංවිධානයේ නම කුමක්ද?

    ReplyDelete
  8. අපේ රට, දැය, සමය වනසන්න උපන්, නියත නිරය උරුම කරගත් තවත් කාලකණ්ණි, පාහර ජෙප්පෙක් 🤮🤮🤮 හොරාකාපු ඒවායේ සාපයෙන් තොපිට පරම්පරා ගානකට, ආත්ම ගානකට ගැලවීමක් නෑ. තොපි නිසා රටේ ජනතාව කොයි තරම් අසරණ වෙලාද? ඒ මදිවට මුන් ජනතාව තවත් මුලාවට පත් කරමින් උන්ගේ නොහැකියාව වහගන්න හදනවා 😡 මුන්ට ගහලා එලවන්න කාලය හරි

    ReplyDelete
  9. තොපේම එවුන් තමයි ඒ කළු ආණ්ඩුවේ ඉන්නෙත්.. ඒක දැන් මුළු රටම දන්නවා.
    තොපේ හැම එකාම හොරා කනවා මහා පරිමානයෙන්.
    අර වපරයා කප්පම්, පගාව ජයටම ගන්නවා. තව එකෙක් පාතාලයින්ව , කුඩු කාරයින්ව නිදහස් කරගන්න යටින් ගේම දෙනවා., තව එකෙක් මහා පරිමාවෙන් ගල් අඟුරු වලින් ගසා කනවා.. ඒ හොරා කන සල්ලි තොපේ පොදු අරමුදලටද යන්නෙ.

    ReplyDelete
  10. පචරෙන කෝ?

    ReplyDelete
  11. ඩඩ්ලිගෙන් ගත්ත සල්ලි කොටි තස්ත්‍රවාදීන්ගෙන් (LTTE diaspora )ගත්ත ඩොලර් දීලා ඕක කියපන් ......ගල්කටස් මිනීමරු පච ජෙප්පෝ.....

    ReplyDelete
Previous Post Next Post