දේශපාලඥයන්ගේ නම් කියන්නැයි අල්ලස් කොමිසමේ ප‍්‍රධානියා බලපෑම් කලා..- කපිල චන්ද‍්‍රසේනගෙන් අධිකරණයට මෝසමක්..


 ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ ලබා ගන්නා අතරතුර, දේශපාලනඥයන්ගේ නම් සඳහන් කරන ලෙස එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඔහුට බලපෑම් කර ඇති බව අධිකරණයේදී අනාවරණය වී තිබේ.

ඊයේ දින අල්ලස් කොමිසම හමුවේ පැය නවයකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කපිල චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කරමින් මෙම කරුණු අනාවරණය කරන ලදී.

එහිදී චන්ද්‍රසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සඳහන් කළේ, සිය සේවාදායකයාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දිවා ආහාරය සඳහා පිටව ගිය අවස්ථාවේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඔහුව වෙනත් කාමරයකට රැගෙන ගොස් මෙම බලපෑම සිදුකර ඇති බවයි.

මෙම බලපෑම හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ගේ නම් සිය ප්‍රකාශයට ඇතුළත් කිරීමට සිදුවූ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

එයාර්බස් ගුවන් යානා ප්‍රසම්පාදන ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශ ලබා ගැනීම සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අවසර දෙන ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා, අදාළ නඩුකරය ලබන 19 වැනිදා කැඳවන අවස්ථාවේදී එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය


7 Comments

  1. හහ් හා. මූ ඇතුළෙදි ලස්සනට මැදමුලන මැටි මාටියව මාට්ටු කරල දැන් බේරෙන්න පොත දානව වගේ. 🤣

    පණික්කලේට පන යනකං උපවාස කරන්න වෙන ලයින් එකක් පෙන්නුම් කරන්නෙ. 🤣

    ReplyDelete
    Replies
    1. හුන්ඩු කොටාගෙ ඈම්බයින්ටත් පේන දේවල්.

      Delete
    2. කාගෙන් බේරෙන්නද මෝඩ ඩෝබියෝ? දැන් බලයේ ඉන්නේ මැදමූලන මාටියද? කවුරු හරි ඔහොම කියනවනම් ඒක අවදානමක් අරගෙන කියන ඇත්තක්. මොකද බොරු උනොත් ඒකටත් ඇදිකරනයෙන් දඩුවම් දෙනවා.

      පෙට්‍රල් 500 උනත් ඩෝබිලා රවට්ටන්න පුලුවන් විදිය හුණ්ඩුව දන්නවා. ඒකයි ඔය එක පාරම ඔය මිනිහව අත් අඩන්ගුවට ගත්තේ. නමක් කිව්වොත් නිදහස් කරනවා. නැත්නම් ඇතුලට දානව. ඔන්න හුණ්ඩුවට ගිය රටේ නීතිය.

      Delete
  2. yako GOTTEK dala thiyenne ,kaiyyanayakege suppukarpu eka hoyannaneme

    ReplyDelete
  3. ලග ලග තව පෙට්‍රල් මිල වැඩි වෙන බවට ලකුණු ඔය

    ReplyDelete
  4. හුන්ඩු කොටාගේ ඩෝබියො දුටු තැන එලවන්න ඕන. උන් ජීවත්වෙලා ඉන්නෙත් මහින්ද මැතිතුමාට පින්සිද්ද වෙන්න.

    ReplyDelete
Previous Post Next Post