ඇමරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන USS Abraham Lincoln නෞකාවට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කරන ප්‍රකාශය ඇමරිකා එක්සත් ජනපදය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කළේ ඔමාන් මුහුදේදී, ඉරාන මුහුදු සීමාවේ සිට කිලෝමීටර් 340ක් පමණ දුරින් පිහිටි මෙම නෞකාවට නිරවද්‍ය ප්‍රහාර එල්ල කළ බවයි.
මෙම ප්‍රහාරයෙන් පසු නෞකාව සහ එහි ආරක්ෂක කණ්ඩායම දැඩි වේගයකින් එම කලාපයෙන් "පළා යමින්" සිටින බවත්, නෞකාව දැනට අක්‍රිය මට්ටමේ පවතින බවත් ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර ඇත.
කෙසේ වෙතත්, ඇමරිකානු මධ්‍යම විධානය පවසන්නේ මෙම වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. නෞකාව තවමත් පූර්ණ ක්‍රියාකාරී මට්ටමේ පවතින බව පවසන ඔවුන්, එය 'Operation Epic Fury' මෙහෙයුමට අඛණ්ඩව දායක වන බව තහවුරු කරමින් ඡායාරූපද ප්‍රසිද්ධ කර තිබේ.
ඇමරිකානු නිලධාරීන් පවසන පරිදි, ඉරාන යාත්‍රාවක් USS ඒබ්‍රහම් ලින්කන් නෞකාවට ඉතා සමීපයට පැමිණ ඇති අතර, එය වැළැක්වීම සඳහා ඇමරිකානු නෞකාවකින් මාර්ක් 45 (Mark 45) වර්ගයේ ස්වයංක්‍රීය කාලතුවක්කුවකින් වෙඩි තැබීම් සිදු කර ඇත. නමුත් එම වෙඩි තැබීම් ඉරාන යාත්‍රාවට වැදී නොමැති බවත්, ඉරානය විසින් එල්ල කළ බව කියන මිසයිල නෞකාව අසලටවත් පැමිණ නොමැති බවත් ඇමරිකාව වැඩිදුරටත් සඳහන් කරයි.
දැනට මැදපෙරදිග කලාපය තුළ පවතින යුදමය වාතාවරණය හමුවේ ඇමරිකාව USS ඒබ්‍රහම් ලින්කන් සහ USS ජෙරල්ඩ් ආර්. ෆෝඩ් යන ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙක ඇතුළුව ප්‍රහාරක නෞකා කිහිපයක්ම ස්ථානගත කර ඇත. මේ අතර, ඉරානයට අයත් මව් නෞකාවක් ඇතුළු යාත්‍රා 11ක් පසුගිය දින කිහිපය තුළ විනාශ කිරීමට තමන් සමත් වූ බවද ඇමරිකානු මධ්‍යම විධානය ප්‍රකාශ කර තිබේ
