ජනාධිපතිතුමායි වත්මන් රජයයි බලයට පැමිණිලා කෙටි කාලයක් තුල රටේ ජනාතාව සැහිමකට පත් වන ආකාරයේ වැඩ කොටසක් සිදු වී ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී මංජු සුරවීරආරච්චි මහතා පැවසීය.
මංජුල සුරවීර ආරච්චි මහතා ඒ බැව් කියා සිටියේ, හැටන් දික්ඔය නගර සභා සීමාවේජාතික ජන බලවේග කොට්ඨාස නියෝජිත හමුව හැටන් අජන්තා උත්සව ශාලාවේදි පැවැති රැස්විමේදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ,
“අපි මේ ගත කරන්නේ මොකක්ද? සංක්‍රාන්තික කාලයක්. අතරමැද කාලයක්. පරණ එකේ ලක්ෂණත් තියෙන, අලුත් එක හදන්න බලාගෙන, ඊට අනුරූපීව වැඩ කරන්න යන කාලයක්. එතකොට අපි ඒක දැනගෙන තමයි බලය අරන් තියෙන්නේ. මොකක්ද? පරණ දේ පරාද කරනවා, පරණ දේ හොද දේවලුත්, අලුත් දේ හදන්න යන අතර මැද කාලයේ තමයි මේ ගත කරන්නේ.
එතකොට අපි බලය ගත්තා. බලය අරගෙන අවුරුද්දයි මාස 06ක් ඉවරයි. ජනාධිපතිතුමත් එක්ක බලය ගත්තා අවුරුද්දකුත් මාස 06ක් ඉවරයි. එතකොට ඔන්න ඔය කාල සිමාව ඇතුලේ ගත වෙච්ච විදිහ ගැන කථා කරන්නත් ඕන. අපි බලය ගත්තේ, බංකොලොත් රටක, ලෝකේ සම්බන්ධව බිද වැටිච්ච, ණය උගුලක හිර වෙච්ච, IMF එකේ පිහිට පමණක් තියෙන අසාර්ථක රාජ්‍යක්. ඒක තමයි තත්වය. එතකොට ඒ අසාර්ථ රාජ්‍ය ගොඩනැගීමට අපි බලය ගත්තා ඒකට අනුව අපේ ආකාරයට වැඩ කරගෙන යනවා.
එතකොට අපි සමාජ පරිවර්ථනයක් නම් කරන්න බලය ගත්තේ, එකේ ආකාර 04ක් අපිට කරන්න තියනවා. පළවෙනි එක තමයි තිබුණ දේශපාලන සංස්කෘතිය 100%කින් වෙනස් කිරිම, ඔබ ඡන්දය දුන්නා. අපි ඉහළට ගෙනාවා. දීර්ඝ කාලයක් හැඩ ගැහෙමින් තිබුණ සමාජ විරෝධයක්, උත්තරයක් හොයන්න අපි බලය ගෙනාවා. එතකොට දේශපාලඥයෝ ජනතාවත් එක්ක තියන පළවෙනි බැදීම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරිම. දැන් අපි ඒක කරලද? නැද්ද? කරලා තියෙන්නේ”. යනුවෙන් පැවසීය.
මෙම අවස්ථාවට නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය, හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.
රංජිත් රාජපක්ෂ

ගල් අගුරු වංචාව තමි මුන් මහා පරිමනෙන් ජනතා වට දනෙනෙන්න කරපු වැඩක්
ReplyDeleteසක්කිලිය ගුටි කෑමට නියමිතයි
ReplyDeleteAmmagey redda. Thopi chandey illagena gamatanam enna epa, Minissu inney gu gahanna. Kiyapu pacha set eka mathak wenakota apita ubalagey gedara ewunwa mathak wenawa.
ReplyDeleteකියපන් එක වැඩක් උඹලා කරලා තියන.
ReplyDeleteමේ ගොන් හැත්ත කටමැත දෙඩවීම හැර වෙන කිසිම දෙයක් කරන්නෙ නෑ.
ReplyDeleteසහතික ඇත්ත. කොන්ටේනර් 300, සීනි වංචාව, හාල් වංචාව, ගල් අඟුරු වංචාව. මේවට අමතරව පාලනයේ මෝඩ කම්. පච කීම. ඔක්කොම ගැන සෑහීමකට පත්වෙලා.
ReplyDeleteDitta kelala yanakam balan hitima,
Deleteනොදකින් තව කයි රාල කෙනෙක්.
ReplyDeleteAda thawa ekak kale
ReplyDelete.Dan hondatama sapai
ආරියතිලක
ReplyDeleteස්තුතියි! අමාතවරයාගේ ඒ ප්‍රකාශයට..
ඒ ප්‍රකාශය එක් කරුණකින් පමණක් ඇත්තක් ඇත. රටේ ජනතාවට සෑහීමට පත් වන එක් වැඩක් නම් හරියට ම කළ බව සත්‍ය ප්‍රකාශයකි. මැතිවරණවලට පෙර ප්‍රකාශ කළ අනෙක් කියුම් නම් බොරුවේ කූඨප්රාත්තියට පැමිණ ඇති සෙයකි. ඒ එක් කරුණ නම්, 1987/88/89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය විසින් ලංකා රාජ්‍යයට ද්‍රෝහීව ඇති කරන ලද ජවිපෙ දෙවන කැරැල්ල, ත්‍රස්තවාදී කැරැල්ලක් බව, ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය ආණ්ඩුව ඇතුලු ජනාධිපතිවරයා විසින් නීත්‍යානුකූල භාවයෙන් පිළිගැනීම ය. ඒ බටලන්ද කොමිෂන් සභා වාර්තාව කැබිනට් මණඩලයේ අනුමත කිරීමෙන් හා පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙනි. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ 1987/88/89 ජවිපෙ දෙවන කැරැල්ලේදී රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව නිනිශ්චිතව ම කියා ඇත. එම වාර්ථාව කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව පිළි ගැනීම, ලෝකයේ රාජ්‍ය විරෝධී ත්‍රස්ත ක්‍රියා කළ, දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක්, තම පක්ෂය හෝ සංවිධානය නිළ වශයෙන් ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පිළි ගත් පළවන වතාව ය. මෙය ලෝක වාර්තාවක් වනු ද ඇත. බොහෝ ත්‍රස්ත සංවිධාන කරන ලද පහර දීම් වගකීම පිළිගත්ත ද එම පහරදීම් ත්‍රස්තවාදී ක්‍රිය ලෙස පිළිගන්නේ නැත. තම සංවිධානයේ ඉලක්කය වෙනුවෙන් පෙනී සිටි බව හා කරන ලද බව පිළි ගනී. එය ඔවුන් විසින් කළ යුතුකමක් ලෙස සළකයි.
ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය ආණ්ඩුව හා ජනාධිපතිවරයා විසින්, ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව නිල වශයෙන් පිළිගැනීම ජාතිමාමක, ත්‍රස්තවාදය පිටු දකින ජනතාව, සෑහීමකට පත්වන ක්‍රියාවක් බව කිව යුතු ය. වත්මන් ජනාධිපතිවරයා ද,1987/88/89 ජවිපෙ දෙවැනි කැරැල්ලේ සාමාජිකයෙක් බව මාධ්‍ය සාකච්ඡා මගින් සෘජුව පිළිගෙන ඇත. එම කැරැල්ලෙන් ජවිපෙ විසින් දිවි අහිමි කළ තම සහෘදයන් වෙනුවෙන් හා රාජ්‍ය දේපොළ විනාශ කළවුන්ට නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම රටේ ජනතාවට, මෙමගින් අවස්ථාවක් උදා කිරීම පිළිබඳව, ඒ කරුණෙන් නම් සෑහීමකට පත් වීමට හැකි හේතුවක් බව කිව යුතු ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ ව්‍යස්ථාව ප්‍රකාරව, 1987/88/89 රාජද්‍රෝහී ත්‍රස්තවාදී කැරැල්ලක් මෙහෙය වීම මත ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන්, රටේ පුරවැසියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට තම අයිතිවාසිකම් වෙනුවෙන් නඩු ගොනු කීරීමට අවස්ථාව සලසා දීම ගැන යම් සෑහීමකට පත් විය හැක.